සබ්මැරීනය අතුරුදන් වුණේ පුපුරා ගිය නිසා
‘ටයිටැනික්’ නැවේ සුන්බුන් නැරැඹීමට කිමිදෙද්දී, ‘ඕෂන්ගේට් එක්පෙඩිෂන්ස්’ සමාගමේ ‘ටයිටන්’ නමැති කුඩා සබ්මැරීනය අතුරුදන් වූයේ, එය මුහුදු පතුළේ පීඩනයට ලක්වී පොඩි පට්ටම් වී පුපුරා ගිය නිසා යැයි ඇමෙරිකන් වෙරළාරක්ෂකයන් මෙන්ම ඇමෙරිකන් නාවික හමුදාව ද පවසයි.