
නැගෙනහිර සිරියාවේ ඉරාන හමුදාවට අයත් ආයුධ ගබඩාවක් විනාශ කළ බව ඇමෙරිකාව පවසයි.
ඇමෙරිකන් ආරක්ෂක ලේකම් ලොයිඞ් ඔස්ටින් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ, ඇමෙරිකන් ගුවන් හමුදාවේ ප්‍රහාරක ජෙට් යානා එම ආයුධ ගබඩාව ඉලක්ක කර ගනිමින් පහර දීම කළ බවය.
ඊශ්‍රායල-හමාස් අර්බුදයේ දී, ඇමෙරිකාවේ සහාය හිමිවන්නේ ඊශ්‍රායලයටය. හමාස් සංවිධානයට ඉරානයේත්, ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයේත් සහාය හිමිවෙයි.
ඊශ්‍රායල-හමාස් අර්බුදය ඔඩුදුවද්දී, ඉරාකයේ ඇමෙරිකන් හමුදා කඳවුරුවලට ඉරානය පහර දෙයි. ඉරාන හමුදා රැඳී සිටින්නේ සිරියාවේය. සිරියානු ජනාධිපති අසාද්ගේ රජය ඉරාන හිතවාදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd