(ඉන්දිකා  රාමනායක)

ත්‍රිකුණාමලය තිස්ස     නවික හමුදා කඳවුරේ  තැබෑරුම් තුල  මත්පැන් සාදයක් අතරතුර  ඇතිවූ ආරවුලකින් නාවික භටයකු  තියුණු ආයුධයකින් ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්  තවත් නාවික භටයකු අත්අඩංගුවට ගත් බව ත්‍රිකුණාමලය ත්‍රිකුණාමලය වරාය පොලීසිය පවසයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ මාතලේ කන්ඳේගෙදර පදිංචි   කේ එම් ධම්මික ස්වර්ණ බණ්ඩාර (36) නමැති නාවික භටයා බව පොලිසිය පවසයි..

සැකකාර නාවික භටයා ද එම කඳවුරේම රාජකාරි කරන මාතලේ ඉඹුල්ගොල්ල ප්‍රදේශයේ පදිංචි  (42) හැවිරිදි පුද්ගලයෙකි.

නාවික හමුදා කඳවුරු භූමියේ ඇති තැබෑරුමේ ඊයේ (8)   නාවික හමුදා සාමාජිකයින් සිව් දෙනෙකු එක්ව මත්පැන් සාදයක් පවත්වා ඇති අතර, සාදය අතරතුර ඉන් දෙදෙනෙකු ස්ථානයෙන් පිටව ගොස් ඇති බව පොලිසිය පවසයි.