(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

අනුරාධපුර රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනකුට වාරියපොළ නගරයේ පිහිටි ඉන්ධන පිරවුම් පොළක් අසල දී පහරදීමකින් තුවාල ලැබූ වෛද්‍යවරයකු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ප්‍රතිකාර ලබමින් පසු වන බවජවාරියපොළ පොලීසිය පවසයි.

අනුරාධපුර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය  මේ සිද්ධියට අදාළව තොරතුරු වාර්තාවක්  විශේෂ පොලිස් පණිවිඩයක් මගින් දැනුම් දීමෙන් අනතුරුව වාරියපොල පොලිසිය සැකකරුවන් හඳුනාගෙන ඔවුන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇත.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවය කරන වෛද්‍යවරුන්, වෛද්‍යවරියන් සහ හෙද හෙදියන් කණ්ඩායමක් කොළඹ ජාතික රෝහලේ පැවැති වැඩ මුළුවකට සහභාගි වීමට ගොස් බස් රථයකින් නැවත අනුරාධපුර බලා එමින් සිට ඇති අතර එම බසයට ඉන්ධන ලබාගැනීම සඳහා වාරියපොළ ඉන්ධන හල ඉදිරිපිට බසය නතර කළ අවස්ථාවේ එම ස්ථානයට මෝටර් රථයකින් ආ කීප දෙනකු මෙම පහරදීම සිදු කර ඇත.

පහරදුන් පිරිස ආ මෝටර් රථයේ පැති කණ්නාඩියේ අත වැදිම මෙම පහරදීමට මූලික හේතුව වී ඇතැයි මෙතෙක් සිදු කළ පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.