පාසලක් අසල ගංජා-මත්පෙති අලෙවි කළ අයෙක් මාට්ටු පාදුක්ක නගරයේ පිහිටි ප්‍රධානතම පාසලක් අසල කුලී පදනම මත ලබා ගත් නිවසක සිට ගංජා සහ මත්පෙති අලෙවි කරමින් සිටි පුද්ගලයකු ගංජා සහ මත්පෙති තොගයක් සමගින් අද (25) දින අත් අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. 25 June 2023
කුලී මිනී මරන්නෙක් පොලීසියට කොටුවෙයි මුදලට පුද්ගලයන් කපා කොටා ඝාතනය කිරීමේ නිරත කුලී මිනිමරුවෙකු මොරටුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත. 25 June 2023
අනතුරින් පසු කලබලයක් බණ්ඩාරගම කළුතර මාර්ගයේ වෑවිට ප්‍රදේශයේදී වෑන් රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනකු බරපතළ තුවාල ලබා ඇතැයි බණ්ඩාරගම පොලීසිය කියයි. 25 June 2023
මත් කරල් සමඟ අයෙක් මාට්ටු මත් කරල්423,000තොගයක් වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි බව කියන පුද්ගලයකු නොරොච්චෝල කරඹ පොලිස් මාර්ග බාධකය අසලදී අද(25) අලුයම නොරොච්චෝල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. 25 June 2023
අම්බලන්ගොඩ වෙඩි තැබීමකින් ත්‍රිරෝද රියැදුරෙක් මරුට අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල ඉදිරිපිටදී ඊයේ (24) රෑ සිදුවූ වෙඩි තැබීමකින් තීරෝද රථ රියදුරකු මරුමුවට පත්වී ඇති බව අම්බලන්ගොඩ පොලීසිය කියයි. 25 June 2023
රෝහල් වැඩ කොට උඩ වයස අවුරුදු 60 සම්පූර්ණ කළ වෛද්‍යවරුන් විශාල පිරිසක් මේ මස අග දී එකවර විශ්‍රාම යාමත්,ඖෂධ හිඟය සහ ඖෂධ ගෙන්වා ගැනීමට ප්‍රමාණවත් තරම් මුදල් ප්‍රතිපාදන නොලැබීමත් යන කාරණා මත,රජයේ රෝහල් පද්ධතිය පවත්වාගෙන යාම බරපතළ අර්බුදයකට ලක්ව ඇතැයි වාර්තා වේ. 24 June 2023
කොළඹින් යන්න එපා ආණ්ඩුවේ මැති ඇමැතින්ට කියයි හෙටින් (26)ආරම්භ වන සතියේ කොළඹ රැඳී සිටින්නැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලය, ආණ්ඩුවේ සියලු මැති ඇමතිවරුන්ට දැනුම් දී ඇතැයි වාර්තා වේ . 24 June 2023
මැකෝ ශ්‍රීලනීප ව්‍යවස්ථාව ගැන කතා කරයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අර්බුදයක් පවතින බැවින්, පැරණි ව්‍යවස්ථාව අනුව කටයුතු කරන්නැයි මැතිවරණ කොමිෂන් සභාව එම පක්ෂයට දැනුම් දී ඇත. 24 June 2023
රුසියා හිතවාදිහු රුසියාවට එරෙහි වෙති රුසියාව සමග එක්ව යුක්රේනයට එරෙහිව සටන් වැදුණු වැග්නර් කුලී හමුදාවෝ රුසියාවට එරෙහිව යුද්දයකට සැරසෙති. 24 June 2023
මුහුණු පොතේ සාදක් වටලා 12ක් අල්ලයි මුහුණු පොතෙහි දැන්වීම් පළ කර අවිස්සාවේල්ල ගුරුගල්ල ප්‍රදේශයේ හෝටලයක් තුල පැවැත් වූ සාදයක් වටලා මත්ද්‍රව්‍ය සමගින් තරැණයන් 12 දෙනකු අත් අඩංගුවට ගත් බව සීතාවක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය පවසයි 24 June 2023
සීතාවක නගර සභාවේ දෙකක් අල්ලස් දැලේ පැටලෙති අවිස්සාවේල්ල ප්‍රධාන බස් නැවතුම්පොළ අසල වෙළද සංකීර්ණයෙන් වෙළදසලක් පවරා දීම සදහා ව්‍යාපාරිකයකුගෙන් රැපියල් ලක්ෂ හතරක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමට තැත්කල සීතාවකපුර නගර සභාවේ ලේකම්වරිය සහ ආදායම් පරිපාලක අත් අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පවසයි. 24 June 2023
ජනපති ප්‍රංශ ජනපති හමු වෙයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රෝන් මහතා අතර හමුවක් ප්‍රංශයේ දී සිදු විය. 24 June 2023
ඉස්කෝලෙ පොලෙන් අච්චාරු කෑ සිසුහු පිරිසක් රෝහලට හඟුරන්කෙත පොරමඩුල්ල විද්‍යාකර විද්‍යාලයේ සිසුන් පිරිසක් අසාත්මික තාවයක් හේතුවෙන් රෝහල් ගත කළ බව හඟුරන්කෙත පොලිසිය පවසයි. 24 June 2023
මෝසම් වැස්ස සමඟ ඩෙංගු අවදානම වැඩි වෙයි ඉදිරි මෝසම් වැසි කාලයත් සමඟ ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ වැඩි අවදානමක් තිබෙන බැවින් ඩෙංගු මර්දනය සඳහා සියලු අංශවල අවධානය තවදුරටත් වැඩි කළ යුතු බව කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පැවසීය. 24 June 2023
පුංචි ඡන්දයේ නාමයෝජනා අහෝසි කරන්න සාකච්ඡා පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් කළ නාම යෝජනා අහෝසි කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් ජනපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කර ඉදිරි පියවර ගන්නා බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය. 24 June 2023
සහල් ආනයනයේදී කෝටි 650ක පාඩුවක් මෙරටට 2014 සහ 2015 වර්ෂවලදී සහල් ආනයනය කිරීමේදී ලංකා සතොස ආයතනයට රුපියල් කෝටි 650ක පාඩුවක් සිදුවී ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී( කෝප් කමිටුව) තොරතුරු අනාවරණය අනාවරණය විය. 24 June 2023
කැනඩා අගමැතිට අම්පාරෙත් විරෝධය උතුරු නැගෙනහිර යුද සමයේ දී ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා සිවිල් ජනතාව සමූල ඝාතනය කරමින් මානව හිමිකම් කඩකර ඇති බවට කැනේඩියානු පාර්ලිමේන්තුවට එරට අගමැති ජස්ටින් ටෘඩෝ මහතා යොමු කළ යෝජනාවට විරෝධය පලකරමින් අම්පාර දිස්ත්‍රික්කයේ පදිංචි සිංහල, දෙමළ සහ මුස්ලිම් ජනතාව එක්ව පිහිටුවාගත් අම්පාර දිස්ත්‍රික් සියළු ජාතීන්ගේ එකමුතුව සංවිධානය කළ නිහඬ විරෝධතාවක් අම්පාර නගරයේ දී පැවැත්විණි. 24 June 2023
දුම්රිය ප්‍රතිව්‍යුහගතකරණය ගැන ආණ්ඩුවේ ඇමති - මන්ත්‍රී ගැටෙති දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රතිව්‍යුහගතකරණය ගැන තීරණය පිළිබඳව ආණ්ඩුවේ ප්‍රධාන අමාත්‍යවරයෙක් සහ ආණ්ඩුවට සහයෝගය දක්වන ප්‍රබල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අතර සීතල යුද්ධයක් නිර්මාණය වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 24 June 2023
රත්තරන් මිල ටික ටික නගී ශ්‍රී ලංකාව තුළ රත්තරන් මිල ඉහළ යමින් ඇති බව දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ අද (24) පැවසූහ. 24 June 2023
රජගෙදර කාර්යාලයේ වාහන 51ක් අතුරුදන් ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන 51 ක් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් 2022 වසරේ අවසානය දක්වාම සොයාගත නොහැකිවූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ. 24 June 2023
රටවල් 41 කින් ලක්ෂ 12කට රැකියා ශ්‍රී ලංකාවට රටවල් 41 කින් රැකියා බලපත්‍ර ලක්ෂ 12 කට වැඩි ප්‍රමාණයක් ලැබී ඇති බවත් මෙම වසර තුළ මෙරට ශ්‍රමිකයන් ලක්ෂ තුනකට අධික සංඛ්‍යාවක් විදේශගත කිරීමට බලාපොරොත්තු වන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය. 24 June 2023
වෙඩික්කරුවෙක් වෙඩි කයි මිනුවන්ගොඩ ප්‍රදේශයේ සිදු වූ ඝාතන කිහිපයක වෙඩිකරු වශයෙන් කටයුතු කළ බව කියන සංවිධානාත්මක අපරාධකරුවකු ඇඹිලිපිටිය වැලිකඩයාය 99 හන්දිය ප්‍රදේශයේදී අද (24) අලුයම විශේෂ කාර්ය බළකාය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකින් මියගොස් ඇත. 24 June 2023
අද වහින පළාත් මෙන්න බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 24 June 2023
බටපොළ ඝාතනයක් බටපොළ බරදූව නිවාඩු නිකේතනයක් තුළදී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් බේරීමට ගිය අයකුට කඩු පහරක් කා ඔහු බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු අද(24) අලුයම් කාලයේදී මිය ගිය බව බටපොල පොලීසිය කියයි. 24 June 2023
පොලිසියේ ඉඳන් පොලිසියට දොස් කී සැරයන් ගෙදර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු ඇතුළු උසස් පොලිස් නිලධාරීන් කිහිප දෙනකුගේ ඇතැම් ක්‍රියාකලාපයන් දැඩි ලෙස විවේචනය කරමින් සමාජ මාධ්‍ය වෙත වීඩියෝ පට තුනක් මුදාහැරියේ යැයි කියන කොළඹ ,කුරුඳුවත්ත පොලිසියේ සැරයන්වරයකුගේ වැඩ තහනම් කළ බව පොලිස් මූලස්ථානය පවසයි. 23 June 2023
අනියම් පෙමට පිටුපෑවැයි නීතිඥවරියට පිහි පහර අනියම් ප්‍රේම සම්බන්දයක් මුල්කර ගනිමින් රජයේ නීතිඥවරියකට අද රාත්‍රියේ පිහිපහර එල්ල කල හිටපු හමුදා සෙබළෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි. 23 June 2023
කැනඩා අගමැතිගේ තීරණයට විරෝධය කැනඩාවේ පාර්ලිමේන්තුව යෝජනා කර සම්මත කළ දෙමළ ජන සංහාර අනුස්මරණ දිනය වන මැයි 18 වැනිදා වෙනුවෙන් කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ නිකුත් කළ නිවේදනයට විරුද්ධව ‘ජාතිය ගොඩනැගීම හා සංහිඳියාව උදෙසා වූ ව්‍යාපාරය’ ශ්‍රී ලංකා කැනේඩියානු මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට අද (23) විරෝධතාවයක් පැවැත්වීය. 23 June 2023
මන්නා පහරක් දෙන්න ගිය සැකකරුට පොලිසියෙන් වෙඩි ඌරගස්මංහන්දිය ඌරගහ කළුවලගොඩ ප්‍රදේශයේදී සැකකරුවකු අත් අඩංගුවට ගැනීමට යාමේදී සැකකරු පොලිස් නිලධාරීන්ට කැත්තකින් පහරදී පළායාමට උත්සාහ කරද්දී පොලිසිය තැබූ වෙඩිපහරකින් සැකකරු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි. 23 June 2023
බදුල්ලේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුට තවත් රාජකාරියක් බදුල්ල මහ නගර සභාවේ ඇතැම් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු තනතුර අවභාවිත කරමින් වෙළදසැල් සහ ආපනශාලා හිමියන්ට රක්ෂණ ඔප්පු ලබාගැනීමට බලපෑම් කරන බවට නිර්ණාමික ලිඛිත පැමිණිල්ලක් ලැබුණු බව බදුල්ල නාගරික කොමසාරිස් ජගත් ප්‍රියශාන් මහතා පැවසීය. 23 June 2023
ජාජබ විරෝධයක් ගම්පහ නගරයේ අසීමිත බදු බරට, අධික බඩුමිල සහ විදුලි බිලට , ආණ්ඩුවේ මර්දනයට , අනීතික ඡන්ද අයිතිය කල් දැමීමට එරෙහිව ජාතික ජනබල වේගයේ විරෝධය පළ කරමින් ගම්පහ නගරයේ දී උද්ඝෝෂණයක් අද සවස පැවැත්විණි. 23 June 2023
සාමයේ පාගමනේ තෙවැනි දිනය අදයි ‘එහිපස්සිකෝ‘ සාමයේ පා ගමනේ තෙවැනි දිනය අද (23) ඓතිහාසික මාතලේ අලුවිහාරයේ රජමහා විහාර පරිශ්‍රයෙන් ඇරඹිණි. අද දිනයේදී සාම පාගමන ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාව බලා පිටත්වේ.. 23 April 2026