(නිමල කොඩිතුවක්කු)

තැපැල් සේවකයන් ගේ වැඩවර්ජනය හේතුවෙන් මධ්‍යම තැපැල් හුවමාරුව, තැපැල් කාර්යාල 653, උපතැපැල් කාර්යාල 3410, සියලු සේවා අද(8) දිනයේ ඇනහිට තිබූ බවත් ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු සම්පත් ලියනගේ මහතා පැවසීය.

මෙම වැඩවර්ජනය සඳහා විසිහත්දහසකට ආසන්න තැපැල් සේවකයෝ සහයෝගය පළ කළ බවත් ඔහු සඳහන් කළේය.

ඓතිහාසික වටිනාකමකින් යුත් නුවරඑළිය සහ මහනුවර තැපැල් කාර්යාල ගොඩනැගිලි පෞද්ගලික අංශයට විකිණීම වහා අත්හිටුවන බවට ලිඛිතව දැනුම් දීමක් කරන්නේ නම් පමණක් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය අත්හිටුවන බවත් හෙතෙම කීවේය.

එසේ නොමැතිව තැපැල් සේවකයන්ගේ නිවාඩු අවලංගු කොට තර්ජන සිදු කරන්නේ නම් එයට එරෙහිවත් දැඩි ක්‍රියාමාර්ග වලට අවතීර්ණ වන බවත් ඔහු සඳහන් කළේය.

මෙම ගොඩනැගිල්ල විකිණීමේ තීරණය රජය හකුළා නොගන්නේනම් නැවත දැනුම් දීමකින් තොරව ඉදිරියේ දී සියලුම රාජ්‍ය සේවකයන් ඒකාබද්ධ කරමින් දැවැන්ත වැඩ වර්ජනයක නිරත වන බවත් ඔහු තවදුරටත් කීවේය.

තැපැල් වර්ජනය හෙට දිනයේදී ක්‍රියාත්මක වේ.