
( ටී.කේ.ජී.කපිල )
ඊශ්‍රායල - හමාස් ගැටුමෙන් මිය ගිය දෙවන ශ්‍රී ලාංකිකයා වන සුජිත් යටවර බණ්ඩාර මහතාගේ දේහය අද (09 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත රැගෙන ආවේය .
මෙම දේහය ඊශ්‍රායලයේ සිට ඩුබායි වෙත රැගෙන විත් , එතැන් සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්..- 579 දරන ගුවන් යානයෙන් උදෑසන 08.37 ට කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත රැගෙන පැමිණ තිබුණි .
දේහය භාර ගැනීම සදහා සුජිත් යටවර බණ්ඩාර මහතාගේ බිරිඳ ජයනි මධුවන්ති , 13 හැවිරිදි දුව , 09 හැවිරිදි පුතා , ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල මහ කොමසාරිස් දිනේෂ් ප්‍රියන්ත , හිටපු අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු , ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගුවන් තොටුපොළ පරිපාලන නිලධාරී අශෝක ප්‍රේමසිරි යන මහත්වරුන් ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත පැමිණ සිටියහ .
මෙම සුජිත් යටවර බණ්ඩාර මහතාගේ අවසන් කටයුතු එළඹෙන සෙනසුරාදා (11/11 ) වෙන්නප්පුව , තුලාවෙල , මඩවලපිටිය පොදු සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිත බව , ජයනි මධුවන්ති මහත්මිය පැවසුවාය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතුමට නිවන්සුව අත්වේවා
හරිම කණගාටුයි... නිවන් සැප ලැබේවා...!