
(අංජුල මහික වීරරත්න)
ජාතික තරුණ සේවා සභාව විසින් සංවිධානය කළ පස්වන ජාතික තරුණ පාර්ලිමේන්තුවේ සිව්වන සැසිවාරය ජනාධිපති ලේකම් කාර්යාලයේ පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේ පැවැත්විණි.
"2024 අයවැය සඳහා තරුණ යෝජනා" යන තේමාව ඔස්සේ පළමුවැනි දින විවාදය පැවැත්වුණු අතර, දෙවැනි දින විවාදය පැවතියේ "දේශගුණික විපර්යාසයන් හමුවේ ශ්‍රී ලංකා තාරුණ්‍යයේ කාර්ය භාරය" යන තේමාවෙනි.
ජනපතිගේ සහ අගමැතිගේ උපදෙස් මත අයවැය යෝජනා පිළිබඳව තරුණ තරුණියන්ගේ අදහස් විමසා බැලෙන මීළඟ තරුණ පාර්ලිමේන්තුව එළැඹෙන නොවැම්බර් මස 18 හා 19 දෙදින ජනාධිපති ලේකම් කාර්යාලයේ පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේ පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව ද තරුණ සේවා සභාවේ සභාපති, අධ්‍යක්ෂ ජනරාල් පසිඳු ගුණරත්න මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd