(සුමිත් පොතුපිටිය)

මාපලගම සිට මතුගම හරහා කොළඹ බලා ධාවනයවූ බස් රථයක් සහ ත්‍රීරෝද රථයක් එකනෙක ගැටිමෙන් 17 දෙනකු තුවාල ලබා ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .

කළුතර ගල්අස්හේන ප්‍රදේශයේ දී අනතුර සිදුව ඇත.

තුවාලකරුවන්  කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලට රැගෙන ගොස් ඇති බවත් එක් අයකුගේ තත්ත්වය බරපතළ බවත් රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය .

අනතුර හේතුවෙන් කළුතර මතුගම මාර්ගයේ තරමක වාහන තදබදයක් පවතින බවද වාර්තාවේ .