IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ජනපති විශේෂ ප්‍රකාශයක් කරන්න සැරසෙයි

(අංජුල මහික වීරරත්න)

මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම, ඊට අදාලව නීති සැලසීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කර ගනිමින් පිහිට වූ පරීක්ෂණ කොමිෂන් සභාවේ නිර්දේශ සාර්ථක වුවහොත් එළඹෙන පළමු ජාතික මැතිවරණයේදීම එම නව ක්‍රමය යටතේ මැතිවරණය පැවැත්විය හැකිදැයි සොයා බලන ලෙස  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාල අංශ වෙත උපදෙස් දුන්නේය .

විශ්‍රාමික අගවිනිසුරු ප්‍රියසත් ඩෙප් මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපතිවරයා මෙම කොමිසම පත් කළ අතර නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු අදාල අංශ වෙත ජනාධිපතිවරයා මෙලෙස උපදෙස් ලබාදී තිබේ.

එසේම මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට අදාලව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදි හෙට (8) විශේෂ ප්‍රකාශයක් කිරීමට ද නියමිතය. 

තවද මාස හයක් වැනි කෙටි කාලයක් ඇතුලත  නව ක්‍රමයට අදාල කෙටුම්පත සකසන ලෙස ද ජනපතිවරයා මෙහිදී උපදෙස් ලබාදී ඇතැයි වාර්තා වේ. 



අදහස් (11)

ජනපති විශේෂ ප්‍රකාශයක් කරන්න සැරසෙයි

සමන් Tuesday, 07 November 2023 02:49 PM

මොන සංශෝධනය ගෙනාවත් මට හරි, රුවන්ට හරි අපිව රකින කාට හරි දිනන්න පුළුවන් විදියට මොල හෝදලා ඉවර වුණාම තමයි ආයෙත් ඡන්ද තියන්නේ. වැටෙන කලිසම උස්සමින්...!

:       0       0

de silva Tuesday, 07 November 2023 02:54 PM

මේ අවස්ථාවේ මැතිවරණ ක්‍රමය හෝ ව්‍යවස්ථාව වෙනස් කරන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ...

:       0       0

නිශාන්ත Tuesday, 07 November 2023 03:21 PM

රා මුට්ටියට වැටුණු මීයා දඟලනවා වැඩියි වගේ...!

:       0       1

sena Tuesday, 07 November 2023 03:24 PM

ඊළඟ මැතිවරණයට කෙළින්නයි හදන්නේ...

:       0       2

wedage Tuesday, 07 November 2023 03:35 PM

තේරුමක් නැති මොනවාහරි බයිලයක් කියයි... ආරක්ෂක හමුදාව කැඳවන්නේ නැතිද දැන්?

:       0       1

chandani Tuesday, 07 November 2023 05:24 PM

අපිට ඕනා ඡන්දයක්, අපේ ජනාධිපති කෙනෙක් පත්කරගන්න. රනිල් මේ රටේ කැමැත්තට පත්වුණ කෙනෙක් නොවෙයි. ඡන්දෙ පරක්කු වෙන්න වෙන්න.. දවසක රනිල්ට ලැබෙන "දඬුවම" වැඩිවෙනවා.

:       0       2

Chandima Tuesday, 07 November 2023 07:02 PM

පිනට ආපු හොරෙක් කොහොමද ආන්ඩු වෙනස් කරන්නෙ?

:       0       3

අරවින්ද මොනරවිල Tuesday, 07 November 2023 07:40 PM

ජනතාවගේ අද දවසේ දැවෙන ප්‍රශ්ණ වෙලා තියෙන්නේ පලාත්සභාවලට පොලිස් බලතල ලබා දෙනවද, මැතිවරණ ක්‍රමය සංශෝධනය කරනවද ත්‍රස්තවාදය මර්ධනය කරන්න ප්‍රති ත්‍රස්ත පනත නීතිගත කරනවද, සමාජ මාධ්‍ය පාලනයට ඔන්ලයින් ඇක්ට් එක ක්‍රියාත්මක කරනවද කියන ඒවා කියලා මේ පිනා හිතාගෙන ඉන්නවා ඇති. රටේ දිනපතා වැඩිවන බඩු මිල විරැකියාව බඩගින්න මන්දපෝෂණය රෝහල් වල බෙහෙත් නැතුව හෝ බාල බෙහෙත් නිසා මියයන ජීවිත හා දහසක් ආර්ථික ප්‍රශ්ණ නිසා දුක් විඳින මිනිසුන් ගැන ගානකත්වත් නැහැ.

:       0       2

Sachith Tuesday, 07 November 2023 11:08 PM

සරළවම කිව්වොත්, ඔය කස ගහලා පටන් ගන්න... හදන්නේ ලබන අවුරුද්දේ ජනාධිපතිවරණය නෑ කියන එකනේ..

:       0       1

fairoos Wednesday, 08 November 2023 11:57 AM

රට තවත් කන්නේ නැතිව නියමිත කාලෙට ගියොත් හොඳයි.

:       0       4

Nimal Wednesday, 08 November 2023 02:24 PM

සැරසෙයි කියන්නෙ කොයි වගේද? මට නම් එක එක ඒ්ව මතක් වෙනව. මෙතන ලියන්ඩ බෑ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 104 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 907 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site