විශ්‍රාමික බැංකු නිලධාරියාගේ සිරුර කාණුවක ආණමඩුව ගම් උදාව මාර්ගයෙ කාණු.වක තිබි අභිරහස් ලෙස මරණයට පත්වු විශ්‍රාමික බැංකු නිළධාරීයකුගේ සිරුර අද(21) දින උදෑසන සොයා ගත් බව ආණමඩුව පොලිසිය කියයි. 21 January 2024
රිය අනතුරු රක්ෂණය ලක්ෂ පහ දහය කරයි රියදුරුගේ නොසැලකිල්ල මත සිදුවන රිය අනතුරු වලින් අගතියට පත් වන පාර්ශවයන්ට දැනට ගෙවන ලක්ෂයක මුදල ලක්ෂ පහක් දක්වා වැඩි කිරීමට රක්ෂණ සමාගම් ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී එකඟවූ බව එම කාරක සභාවේ සභාපති රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැවසීය. 21 January 2024
‘ඩමස්කස් නුවර ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර එල්ල කරනවා’ -ඉරානය සිරියාවේ හමුදා උපදේශන මෙහෙයුමක යෙදී සිටි ඉරාන විප්ලවවාදී ආරක්ෂක බළකායේ ඉහළ නිලධාරීන් 5 දෙනකුට මරු කැඳවමින් සිරියාවේ ඩමස්කස් නුවර නේවාසික ගොඩනැගිල්ලකට පසුගියදා එල්ල වූ ගුවන් ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර එල්ල කරන බව ඉරාන ජනාධිපති ඉබ්‍රහිම් රයිසි ප්‍රතිඥා දී ඇත. 21 January 2024
මධ්‍යම පළාතේ පාසල්වලට විශේෂ චක්‍රලේඛයක් මධ්‍යම පළාතේ සියලු පාසල් සංවිධානය කරනු ලබන උත්සව හතකට පමණක් සීමා කරන ලෙස දන්වමින් මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක මේනක හේරත් මහතා විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කොට තිබේ . 21 January 2024
පුතා කළ අනතුරට පියාද අත්අඩංගුවට තරුණයකු පැදවූ යතුරුපැදියක ගැටී 85 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවක මිය යාමෙන් අනතුරුව සැකකාර තරුණයාට යතුරුපැදිය ලබා දුන් පියාද අත්අඩංගුවට ගත් බව මිරියාන මූලස්ථාන පොලිසිය සඳහන් කරයි 21 January 2024
උගන්ඩා ජනපතිගෙන් රනිල්ට ලොකු සහතිකයක් වැටී තිබූ ශ්‍රී ලංකා ආර්ථිකය යළි නගා සිටුවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබා දුන් නායකත්වයට ජාතියේ ප්‍රණාමය හිමි විය යුතු බව උගන්ඩා ජනාධිපති යොවේරි මුසෙවේනි මහතා උගන්ඩාවේ දී පැවසීය. 21 January 2024
පොහොට්ටුවෙන් ගමට ’’දස බල සේනාවක්’’ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට එල්ල වන අසත්‍ය චෝදනා වලට පිළිතුරු සැපයීමට සෑම ග්‍රාම සේවා වසමකින්ම දස දෙනෙක් බැගින් තෝරාගෙන ’’ දස බල සේනාවක්’’ සූදානම් කරන බව පොදු ජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. 21 January 2024
හොර හරක් ජාවාරමුන් පොලිසියට මාට්ටු හිංසාකාරි ලෙස බලපත්‍ර නොමැතිව මීහරකුන් සහ එළගවයින් හොර රහසේ ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් සමඟ පුද්ගලයන් තිදෙනකු අද (21) අලුයම හාලිඇල දික්වැල්ලවත්ත උඩකොටසේ දී අත්අඩංගුවට ගත් බව හාලිඇල පොලිසිය පවසයි . 21 January 2024
ජීවන වියදම දරාගන්න බෑ වර්තමානයේ පවතින ජීවන වියද මිනිස්සුන්ට දරා ගැනීමට අපහසු බව තමා පිළිගන්නේ යැයි ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 21 January 2024
රඹුක්කන හිටපු ප්‍රා.සභා මන්ත්රීනියක් අත්අඩංගුවට මුදල් වංචාවක් සම්බන්ධයෙන් රඹුක්කන ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරියක් සැකපිට අත්අඩංගුවට ගත් බව රඹුක්නපොලීසිය පවසයි. 21 January 2024
කරාපිටියේ දොස්තර යළි ඉල්ලා උද්ඝෝෂණ මුදලට යට නොවූ,මානව හිතවාදී පිළිකා රෝග පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙක් ලෙස ප්‍රකට කරාපිටිය රෝහලේ පිළිකා රෝග සම්බන්ධ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතාගේ සේවය තවදුරටත් අවැසි බව පවසමින් පැවැත්වූ දෑවැන්ත උද්ඝෝෂණයක් අද (21) කරාපිටියේදී පැවැත්විණි. 21 January 2024
චීවරයට අගෞරව කළ විමල බුද්ධි යළි අත්අඩංගුවට බෞද්ධයන්ට හා බෞද්ධාගමට අපහාස වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කර, ඒවා අන්තර්ජාලයට මුදාහැර මෙන්, ඉදිරිවාදිකම්වලට පෙළඹවීමේ ක්‍රියාවන් වල නිරත වෙමින් සිටි රත්නපුරේ විමල බුද්ධි නමැති චීවරධාරියා පරිගණක අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. 21 January 2024
ගිනි අවි නිෂ්පාදනාගාරයක් වටලා තිදෙනෙක් අල්ලයි මෙරට නිෂ්පාදිත අවි නිෂ්පාදනය කරන ස්ථානයක් සමග පුද්ගලයන් තිදෙනෙකු විශේෂ කර්ය බලකාය නිලධාරීන් වීසින් අත්අඩංගුවට ගෙන තිබේ. 21 January 2024
ආනයන බිත්තරයක මිල 8 කින් ඉහළට ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තරයක මිල අද සිට රුපියල් 8.00 කින් ඉහළ දමා ඇතැයි වෙළෙද අමාත්‍යාංශය පවසයි. 21 January 2024
පේෂකර්මෙ යන්ත්‍ර 415ක් දිරන්න ඇරලා පේෂකර්ම දෙපාර්තමේන්තුව 2021 වර්ෂයේදී මිලදී ගත් රුපියල් කෝටි දෙකකට වැඩි වටිනා අත් යන්ත්‍ර කට්ටල 220ක් සහ වයින්ඩින් යන්ත්‍ර 195ක් 2022 වර්ෂය වනවිටත් කිසිදු ප්‍රයෝජනයකට ගෙන නොතිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ. 21 January 2024
විදෙස් කතට පහරදුන් තැඹිලි වෙළෙන්දාට වැඩ වරදී උණවටුන දලවැල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයක් අසලදි විදේශිය කාන්තාවකට පහරදුන් බව කියන තැඹිලි වෙළෙන්දෙකු අත් අඩංගුවට ගත් බව හබරාදුව පොලිසිය පවසයි. 21 January 2024
වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරාට පහරදුන්නැයි දෙකක් අත්අඩංගුවට කරාපිටිය රෝහලේ පිලිකා වාට්ටුවේ විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතාට පහරදුන් බව කියන රෝහල් සේවකයෙකු සහ සේවිකාව්ක් අත් අඩංගුවට ගත් බව ගාල්ල මුලස්ථාන පොලිසිය පවසයි. 21 January 2024
ලංකාවේ ඇඟලුම් වලට තව ඉඩක් හැදෙයි ශ්‍රී ලංකාවේ ඇඟලුම් ක්ෂේත්රයට බෙනින් රාජ්‍යයේ ආයෝජන අවස්ථා සලසන බව එහි උප ජනාධිපති මාරියම් චාබි තලතා (Mariam Chabi Talata) මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ උගන්ඩාවේදී පැවසීය. 21 January 2024
ගමේ පොඩි ඇළ වේලි හදන්න මිලියන 500ක් ගංවතුරෙන් හානියට පත් කුඩා ඇළ වේළි පිළිසකර කිරීම සඳහා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 500ක් වෙන් කර තිබේ. 21 January 2024
තැනින් තැනට තරමක තද වැසි උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 21 January 2024
තෙලිජ්ජවිල දී වෙඩි තබා තරුණයකු මරලා මාතර තෙලිජ්ජවිල නගරයේ දුරකතන අලෙවි සලක මුදල් අයකැමියකු වෙඩි තබා මරා දමා ඇතැයි පොලිසිය කියයි. 20 January 2024
ව්‍යාපාරිකයාගේ ගිනි අවිය සහ තවත් දේපොළ සොරගෙන නුගේගොඩ පැලවත්ත පාර කෝටිපති ව්‍යාපාරිකයාගේ දෙමහල් නිවසේ මෙට්ටය යට සඟවා තිබූ පිස්තෝල වර්ගයේ පෞද්ගලික ගිනි අවිය , එම ජීව උණ්ඩ 3 ක් සහ රුපියල් ලක්ෂ 7 කට අධික වටිනා රන්බාන්ඩ තොගයක් සොරාගෙන ගොස් ඇතැයි මිරිහාන මූලස්ථාන පොලිසිය කියයි. 20 January 2024
නීතිඥවරිය පොලිසියට පගාව දෙන්න හදලා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන ගනේමුල්ල සංජීවගේ ඥාතියකුගේ නිවසක් පරීක්ෂා කිරීමට ගිය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ට නීතිඥවරියක බව කියන කාන්තාවක අල්ලස් දීමට තැත් කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය පැවසීය. 20 January 2024
පෝලන්තයෙන් ඇවිත් පානදුරේ මුහුදේ අවසන් ගමන් යයි පානදුර මුහුදේ දියනාමින් සිටි පෝලන්ත ජාතිකයකු අද පස්වරුවේ දියේ ගිලී මියගොස් ඇති බව පානදුර දකුණ පොලිසිය පවසයි . 20 January 2024
පොලිසියට බය වී ඇළට පැන්න තිදෙනාගෙන් අයෙක් මරුට පොලිස් නිලධාරීන්ට බිය වී කළු පාලම අසල සේදවත්ත ඇළට පැන පලායාමට තැත් කළ තිදෙනකුගෙන් එක් පුද්ගලයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි. 20 January 2024
මණ්ඩලයේ තවත් 51 ක් ගෙදර නව විදුලිබල පනතට විරෝධය දක්වමින් විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය ක්‍රියාත්මක කළ තෙදින විරෝධතා මාලාවට සහභාගි වූ එහි තවත් සේවකයන් 51 කගේ සේවය අත්හිටුවූ බව එම මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා අද (20) පැවසීය. 20 January 2024
ජනපති අප්‍රිකා කලාප රාජ්‍ය නායකයින් හමු වෙයි උගන්ඩාවේ කම්පාලා නුවර පැවැත්වෙන නොබැඳි ජාතීන්ගේ සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අප්‍රිකා කලාපයේ සිටින ගෝලීය දකුණේ රටවල නායකයින් සහ නියෝජිතයින් කිහිප පළක් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත විය. 20 January 2024
ගාල්ල විභාග මධ්‍යස්ථානයක අවුලක් ගාල්ල ශ්‍රි හෘදය කන්‍යාරාමයේ ශාලා අංක 02 විභාග මධ්‍යස්ථානයේදී අද පැවති ගණකාධිකරණය 1 ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියමින් සිටි තම දරුවන්ට බලවත් අසාධාරණයක් සිදුව ඇතැයි එම දරුවන්ගේ දෙමව්පියෝ පවසති. 20 January 2024
මාළු ව්‍යාපාරික ඝාතන කොන්ත්‍රාත්තුවට තවත් දෙකක් මාට්ටු අම්බලන්ගොඩ ප්‍රදේශයේ ප්‍රකට මාළු ව්‍යාපාරිකයාට වෙඩි තැබීමට පැමිණි යුද හමුදා සෙබළාට ආධාර අනුබල දුන් බව කියන කාන්තාවක සහ පුද්ගලයන් දෙදෙනකු ගොඩකවෙල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. 20 January 2024
පස්සර නාය යෑමක් පස්සර නමුනුකුල කන්ද පාමුල අද 20 අලුයම සිට විශාල නාය යාමක් සක්‍රිය වී ඇති බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය. 20 January 2024
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026