‘යුක්තිය’ තවත් 963 ක් අල්ලයි ‘යුක්තිය’ මෙහෙයුම යටතේ රට පුරා පසුගිය පැය 24 තුළ ක්‍රියාත්මක කළ මෙහෙයුම්වලදී සැකකරුවන් 963 ක් අත්අඩංගුවට ගත් බවත් ඉන් සැකකරුවන් 10 ක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන කරන බවත් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් අද (18) පෙරවරුවේ පැවැසීය. 19 January 2024
විදුලි සේවකයන් 15කගේ වැඩ තහනම් නව විදුලිබල පනතට විරෝධය දක්වමින් විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය ක්‍රියාත්මක කළ තෙදින විරෝධතා මාලාවට සහභාගි වූ සේවකයන් 15 දෙනකුගේ සේවය තාවකාලිකව අත්හිටුවූ බව එම මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා අද (19) පැවසීය. 19 January 2024
විශ්ව බුද්ධි මුනි යළි වැඩ පටන් අරන් සුනඛයකුට සිවුරක් පොරවමින් බුදු දහමට නිගා වන ’’ ටික් ටොක්’’ වීඩියෝ අන්තර්ජාලයට මුදා හැරියේ යැයි අත්අඩංගුවට ගෙන ඇප නියම වූ රත්නපුරේ විමල බුද්ධි නොහොත් ’’විශ්ව බුද්ධි මුනි’’ චීවරධාරියා බුදුදහමට නිගා වන වීඩියෝ පළ කිරීම යළිත් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ කරුණු දක්වමින් පැවසීය. 19 January 2024
මළසිරුරකින් 5000 වංචා කළ සරෆ්වරිය රිමාන්ඩ් මාතලේ මහ නගර සභාව මගින් පාලනය වන ආදාහනාගාරයේ මළ සිරුරු ආදානය කිරීම සඳහා එක් සිරුරකින් රුපියල් 5000 වැඩි පුර මුදලක් සටහන් කර රුපියල් 5,50,000 මුදලක් වංචා කළ මාතලේ මහ නගර සභාවේ සරෆ්වරිය මෙම මස (30) වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි මාතලේ දිසා මහේස්ත්‍රාත් අර්. පී. කේ. එන්. එන් කොත්ගේ මහත්මිය නියෝග කළාය. 19 January 2024
පළාත් කීපයකට වැස්ස යළි උතුරු,උතුරු - මැද නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 19 January 2024
හෝට්න් පෙදෙසේ නම වෙනස් වේ? කොළඹ හෝටන් පෙදෙස නාමය පොන්නම්බලම් අරුනාචලම් මාවත ලෙස නැවත නම් කිරීමට කොළඹ මහ නගර සභාව කර ඇති යෝජනාව සම්බන්ධයෙන් එහි පදිංචිකරුවන් දැඩි විරෝධයක් එල්ල කර ඇතැයි පැවැසෙයි. 19 January 2024
විශේෂඥ වෛද්‍ය සංගමයෙන් ලිපියක් සෞඛ්‍ය සේවාවේ සියලු වෘත්තීය සමිති පසුගිය 16 වැනිදා ක්‍රියාත්මක කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අතරතුරදී දිවයින පුරා පිළිකා සම්බන්ධ සායනික කටයුතු බිඳ වැටීමට නොදී පවත්වා ගෙන ගිය නමුත් කරාපිටිය රෝහලේ පිළිකා ශල්‍ය එක්කයේ ශල්‍යකර්මවලට බාධා පැමිණුන බව විශේෂඥ වෛද්‍ය සංගමය ප්‍රකාශ කළේය. 19 January 2024
පොලිසිය අතින් වෙඩි වැදි තිදරු පියා මරු දකී අණ නොතකා ධාවනය කළ බව කියන ලොරි රථයක් නවත්වා පරීක්ෂා කිරීමට යාමේදී එක්පොලිස් නිලධාරියකු අත තිබූ ගිනි අවිය පත්තුවී ලොරි රථයේ රියදුරු මියගොස් ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. 18 January 2024
ජොන්ටි රෝඩ්ස්ගේ සේවය නැවතත් ශ්‍රී ලංකාවට ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුවන්, අභ්‍යාසකයන් සහ භෞතචිකිත්සකයන්ට වැඩිදුර පුහුණුව දීම සඳහා දකුණු අප්‍රිකානු හිටපු සුපිරි පන්දු රකින ක්‍රීඩක ජොන්ටි රෝඩ්ස් ඇතුළු ජාත්‍යන්තර ප්‍රවීණයන් තිදෙනෙක්ගේ සේවය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. 18 January 2024
විශ්‍රාමික ග්‍රාම නිළධාරී දුම්රියේ ගැටෙයි මග්ගොන දුම්රිය ස්ථානය ආසන්නයේ දී අද පස්වරුවේ දුම්රියක ගැටී විශ්‍රාමික ග්‍රාම නිළධාරී වරයෙකු මියගොස් ඇත . 18 January 2024
වෙලේ සුදාගේ සමීපතමයෙක් නිදොස්කොට නිදහස් අධිකරණයට අසත්‍ය දිව්රුම් පෙත්සමක් ඉදිරිපත් කළ බව වැටලීම කළ පොලිස් නිලධාරියා පිළිගැනීම හේතූවෙන් හෙරොයින් ජාවාරම් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්රමුඛ පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘වෙලේ සුදා’ගේ සමීප සගයකු බව කියන පුද්ගයකු කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා අද (18) නිදොස් කොට නිදහස් කළේය” 18 January 2024
හෙරොයින් සමඟ ලංගම රියදුරු මාට්ටු ඇල්ල මාර්ග බාධකයේ දී දුර ගමන් සේවා බස් රථ පරික්ෂා කිරීමේදි අනුරාධපුර ලංගම ඩිපෝවට අයත් බස් රථයක රියදුරු අසුන ආසන්නයේ තිබි හෙරොයින් සමගින් බස් රථය රියැදුරු අත් අඩංගුවට ගෙන තිබේ. 18 January 2024
අසභ්‍ය වීඩියෝ අන්තර්ජාලයට දැමූවන්ට මේ වසරේම දඩුවම් ළමා හා කාන්තා කාර්යාංශයේ අයි මැක් නැමැති විශේෂ ව්‍යාපෘතිය යටතේ 2023 වසරේ පමණක් බාලවයස්කාර දරුවන්ගේ අසභ්‍ය වීඩියෝ පට ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් විවිධ පුද්ගලයන් විසින් සමජ ජාලවලට මුදා හැර ඇති බව වැඩබලන පොලිස්පති දේශබන්ධු තෙන්නකොන් මහතා කීය. 18 January 2024
කරාපිටියේ වෛද්‍යවරයා රිමාන්ඩ් කරාපිටිය රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවකයකුට සහ සේවිකාවකට පෙරේදා (17) සවස පහරදුන් බව කියන පිළිකා වාට්ටුව භාර විශේෂඥ වෙද්‍යවරයා 22 වැනි දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා නියෝග කළේය. 18 January 2024
සෑම නිවෙසකම සාමාජික තොරතුරු පොලිසියට ඡන්ද හිමි නාමලේඛනය අනුව සෑම ගෘහයකම සිටින සාමාජිකයන්ගේ විස්තර පොලිසිය වෙත ලබාගැනීමේ වැඩසටහනක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා පැවැසීය. 18 January 2024
කොළඹ සරසවියේ සිසුවෝත් විරෝධයේ කොළඹ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විශ්වවිද්‍යාලවල ප්‍රතිපාදන සහ නේවාසිකාර කප්පාදුව ඇතුළු ගැටලු රැසකට විසඳුම් නොදීමට විරෝධය දක්වමින් අද (18) පස්වරුවේ විරෝධතාවක් පැවැත්වූ අතර එම විරෝධතාවට දහසක පමණ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ සහභාගි වූහ. 18 January 2024
අම්බලන්ගොඩ ඝාතනයකට ආ සෙබලෙක් සහ තවත් අයෙක් මාට්ටු අම්බලන්ගොඩ ප්‍රකට මාළු ව්‍යාපාරිකයකු ඝාතනය කිරීමට පැම්ණි යුද හමුදා සෙබළකු සහ තවත් අයකු අද (18) දහවල් අම්බලන්ගොඩ නගර මධයයේදී ගිනි අවියක් සහ එයට දැමිය හැකි පතුරම් දාහතරක් සමග අත් අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීහු පවසති. 18 January 2024
ජපුර අනධ්‍යන සේවකයන්ට කඳුඵ ගෑස් ප්‍රහාරයක් විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයන් මුහුණදී සිටින ගැටලුවට විසඳුම් ඉල්ලා රට පුරා ක්‍රියාත්මක උද්ඝෝෂණ මාලාව යටතේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයන් අද (18) දහවල් පැවැත්වූ උද්ඝෝෂණයට පොලිසිය කඳුඵ ගෑස් ප්‍රහාර එල්ල කර විසුරුවා හැරීය. 18 January 2024
සීනි ගොලුවන්ට මුදල් කමිටුවෙන් දොස් සීනි වංචාවෙන් නැතිවූ මුදල් අදාළ සමාගම්වලින් නැවත අය කර ගැනීම සඳහා මුදල් අමාත්‍යාංශය සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අපොහොසත් වීම සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ දැඩි අප්‍රසාදය පළවිය. 18 January 2024
ජනපති ස්විට්සර්ලන්තයෙන් උගන්ඩාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නොබැඳි ජාතීන්ගේ සමුළුවේ (NAM) 19 වැනි රාජ්‍ය නායක සමුළුවට සහ G77 සහ චීනය 3 වැනි දකුණු සමුළුව (3rd South Summit of the Group of 77 & China)ට සහභාගී වීම සඳහා අද (18) උගන්ඩාවට පැමිණියේය. 18 January 2024
පුංචි ඡන්දෙට බය ජනපති මහමැතිවරණය ගැන උදම් වනනවා පළාත් පාලන මැතිවරණය හෝ පවත්වන්න කොන්දක් නොමැති ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුව මහ මැතිවරණ ජනාධිපතිවරණ ගැන පුරසාරම් දොඩන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. 18 January 2024
ධම්මික පෙරේරා එක්ක ජනපතිවරණ එකඟතාවක් නෑ අත්දැකීම් නොමැති ජනාධිපතිවරයකු පත්කරගෙන රට නැවත අනතුරේ හෙලිය නොහැකි බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 18 January 2024
භාරතයේ වයලින් රජු දිවයිනට ඉන්දියානු සම්භාව්‍ය වයලින් වාදනේ රජු ලෙස සැලකෙන ඉන්දීය සංගීතඥ ආචාර්ය අම්බ් සුබ්‍රමනියම් මහතා මෙරටට පැමිණ තිබේ. 18 January 2024
ජනාධිපති ස්විට්සර්ලන්ත ජනාධිපතිනිය හමුවෙයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ස්විට්සර්ලන්ත ජනාධිපති වියෝලා ඇම්හර්ඩ් මහත්මිය ( Viola Amherd ) අතර හමුවක් ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවත්විණි . ලෝක ආර්ථික සමුළුවට සමගාමීව මෙම හමුව සිදු විය. 18 January 2024
විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයෝ නැවතත් පාරට බසති විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයන් මුහුණදී සිටින ගැටලුවට විසඳුම් ඉල්ලා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ අනධ්‍යන සේවකයෝ එම විශ්වවිද්‍යාල ඉදිරිපිට අද (18)) පෙරවරුවේ විරෝධතාවක නිරත වූහ. 18 January 2024
අඩුවට කුළු බඩු දෙන්න ’’සංස්ථාව’’ එකඟ වෙයි ජීවන වියදමට යම් සහනයක් සැලසීම සඳහා රජයට අයත් කුළු බඩු හා ඒ ආශ්රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලය විසින් කුළුබඩු සහ වියළි ආහාර ද්‍රව්‍ය අවම මිල ගණන් යටතේ අලෙවි කිරීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසයි. 18 January 2024
සරසවි විරෝධතාව වළක්වන්නැයි කළ ඉල්ලිම අධිකරණයෙන් ඉවතට කොළඹ විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය අද දින සංවිධානය කරන විරුද්ධතාවය හා පෙළපාළිය වළක්වන්නයි කුරුඳුවත්ත පොලිසිය කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (18)ප්‍රතික්ෂේප කළේය. 18 January 2024
මාර්ග නීති කඩන්නන්ට තෙවන ඇසින් දඩ කොළඹ නගර සීමාව තුළ සවිකර ඇති සීසීට්වී කැමරා පද්ධති මගින් රථවාහන වැරදි හඳුනාගෙන රියදුරන්ට දඩ කොළ නිකුත් කිරීමේ ක්‍රමවේදය විසි දෙවැනි දා සිට ක්‍රියාත්මක වන බව වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය. 18 January 2024
කෝපා සමෘද්ධියට දෙහි කපයි විෂමාචාර සහ විවිධ දුෂණ අක්රමිකතාවල නිරත වූ සමෘද්ධි සංවර්ධන නිලධාරීන් පිරිසකට දඬුවම් ලබාදීම පැහැර හැරීම සම්බන්ධයෙන් රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව( කෝපා ) සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට දැඩි අප්‍රසාදය පළ කළේය. 18 January 2024
රැඟුම් පාලක මණ්ඩලයේ රැඟුම් ඉවරයි ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය අහෝසි කොට ප්‍රසිද්ධ රැඟුම් වර්ගීකරණ මණ්ඩලය පිහිටුවන නව පනත් කෙටුම්පත ඒ සඳහා පත්කළ කමිටුව විසින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට ජනාධිපති කාර්යාලයේදී බාර දුන්නේය. 18 January 2024
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026