පළාත් සභා ක්‍රමය රටට බරක් කරගත යුතු නෑ උතුරේ ජනවාර්ගික අර්බුදය ට පිළියමක් ලෙස ස්ථාපිත කළ පළාත් සභා ක්‍රමය තව දුරටත් රටට බරක් ලෙස පවත්වා ගෙන යායුතු නැතැයි දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රි ලංකාලෝකය සංවිධානයේ ප්‍රධාන සංවිධායක පසඳ යාපා අබේවර්ධන මහතා කොළඹ අද (19)පැවති මාධ්‍ය හමුවකදී පැවසීය . 19 February 2024
සෞඛ්‍ය සමිති යෝජනා සළකා බලන්න විශේෂ කමිටුවක් සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානයේ යෝජනා සළකා බැලීමට විශේෂ කමිටුවක් පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද (19) පියවර ගනු ලැබීය. 19 February 2024
තේ,පොල්, රබර් වලට හොඳ කලක් යන ළකුණු ලංකාවේ වී වගාව හා අනෙකුත් අතිරේක බෝග වගාවන්ට අමතරව තේ, පොල් හා රබර් යන වැවිලි බෝග වගාවන් සංවර්ධනය සඳහා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ අවධානය යොමු වී ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 19 February 2024
ඇමෙරිකන් උප ලේකම්වරිය මාධ්‍ය කාර්යභාරය ගැන කතා කරයි මෙරට නිල සංචාරයක යෙදෙන, ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු පිළිබඳ උප ලේකම් එලිසබත් ඇලන් මහත්මිය අද (19) උදෑසන කොළඹ දී ‘ගෝලීය මාධ්‍ය අවකාශය සහ ප්රජාතන්ත්රවාදය කෙරෙහි එහි බලපෑම’ යන මාතෘකාව යටතේ විශේෂ දේශනයක් පැවැත්වූවාය. 19 February 2024
ගමේ වැඩ කරනකොට ගමේ අදහස් ගන්න ගම්වල සංවර්ධන යෝජනා සැකසීමේදී ගමේ පුළුල් නියෝජනයක් සහිත ග්‍රාමීය කමිටු මගින් අදාල යෝජනා සකස් කළ යුතු බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 19 February 2024
නොවැම්බර් 17ට පෙර අලුත් ජනපතිවරයෙක් දිවුරුම් දිය යුතුයි ජනාධිපතිවරණය ලබන සැප්තැම්බර් 17 සිට ඔක්තෝබර් 17 යන කාල පරාසය තුළ අනිවාර්යෙන් පැවැත්විය යුතු බවත් නව ජනාධිපතිවරයා නොවැම්බර් 17 වැනිදාට පෙර දිවුරුම් දියයුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (19) පැවසීය. 19 February 2024
විදුලි ගාස්තු හොයන්න මැතිසබා කමිටුවක් ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නීතිරීතිවලට පටහැනිව විදුලිය ගාස්තු සංශෝධනය කිරීම සහ ඊට අනුමැතිය ලබා ගෙන ඇතැයි කියන කරුණු පිළිබඳ සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරන ලෙසටවූ යෝජනාවක් විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තු ප්‍රධානීන්ට බාරදී ඇත. 19 February 2024
මියෙක් එළවන්න ගිහින් ඇඳවැටී මරුට එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු වාසය කරන නිවසකට ඇතුළු වූ මීයෙකු සම්බන්ධයෙන් දෙදෙනා අතර වූ බහින් බස්වීමක් දුරදිග යන අතරතුරදි එක් වරම ක්ලාන්ත වී ඇද වැටුණු බාල සහෝදරයා ප්‍රතිකාර සඳහා තලංගම දිසා රෝහලට ඇතුළත් කිරීමට යාමේදී මියගොස් ඇතැයි තලංගම පොලිසිය පවසයි. 19 February 2024
මල්වතුහිරිපිටිය හිමි ඝාතනයට සැක තවත් අයෙක් අල්ලයි මල්වතුහිරිපිටිය කෙහෙල් කන්ද කහටාන ශ්‍රී ඝනාරාම විහාරස්ථානයේදී කලපලුවාවේ ධම්මරතන හිමිට වෙඩි තැබීම හා සීදුව ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකට අදාළව ආධාර අනුබල දුන් පුද්ගලයෙකු රද්දොළුගම ජාතික නිවාස සංකීර්ණයේදී අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ උතුර අපරාධ කොට්ඨාසය කියයි. 19 February 2024
පිරමීඩ් ජාවරමකට හසුවු ඉලන්තඩිය වැසියෝ කෝප වෙති පිරමීඩ ජාවාරමට හසුවු කල්පිටිය ඉලන්තඩිය ගම්මානයෙ පිරිසක් තමන් එම ජාවාරමට යොමු කළ ව්‍යාපාරීකයකුගේ හෝටලය අසලට ගොස් විරෝධය මතු කිරීමත් සමග උණුසුම් තත්වයක් ඇති විය. 19 February 2024
මළ සිරුර බෙදාගන්න බිරින්දෑවරු දෙදෙනක් වලියක මියගිය පුද්ගලයකුගේ දේහයක් භාර ගැනීමට කාන්තාවන් දෙදෙනෙකු ඉදිරිපත් වීම නිසා ඇතිවූ උණුසුම් තත්ත්වයක් පාලනය කොට කාන්තාවන් දෙදෙනාටම අවසන් ගෞරව දැක්වීමට හැකිවන පරිද්දෙන් තීන්දුවක් ලබාදීමට හෝමාගම හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු චින්තක උදය කුමාර මහතා ඊයේ (18) පියවර ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි පවසයි. 19 February 2024
පොලිසියට නීතිපතිගෙන් උපදෙස් මාලාවක් මූලික අයිතිවාසිකම් කඩ නොවෙන ආකාරයට වැටලීම් සහ අනෙකුත් කටයුතු මෙහෙයවීම සඳහා පොලිසියට උපදෙස් මාලාවක් නිකුත් කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. 19 February 2024
රිය අනතුරින් විදෙස් යුවළ ඇතුළු තුනක් රෝහලේ විදේශීය යුවළක් රැගෙන කටුනායක ගුවන්තොටුපළ දක්වා යමින් සිටි මෝටර් රථයක් කොට්ටාව අධිවේගී පිවිසුම අසල ආරක්ෂිත වැටෙහි ගැටී සිදුවූ අනතුරින් තුවාල ලැබූ විදේශීය යුවළක් ඇතුළු තිදෙනකු ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බව අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාසය පවසයි. 19 February 2024
මාවූස්සා -කාසල්රී ජල මට්ටම පහළට මධ්‍යම කඳුකරයට මාසයක පමණ කාලයක් තිස්සේ පවතින දැඩි වියළි කාළගුණයත් සමග මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශවල ජල මට්ටම සීඝ්රයෙන් පහත බසිමින් පවති. 19 February 2024
ලොරිය පෙරැළි අයෙක් මරුට තලවකැලේ, කිරිමැටිය හරහා නුවරඑළිය මාර්ගයේ ධාවන වු ලොරි රථයක් ඩෙස්ෆෝඩ් ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 200ක පමණ ප්‍රපාතයකට පෙරළීයාමෙන් එහි ගමන් ගත් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි නානුඔය පොලීසිය පවසයි. 19 February 2024
ප්‍රධාන මාර්ගය දුම්රිය තවදුරටත් ප්‍රමාදයි බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙමින් තිබූ ‘උඩරට මැණිකේ’ දුම්රිය රාගම දුම්රිය ස්ථානය අසළදී පීලි පැනීම හේතුවෙන් ප්‍රධාන මාර්ගය දුම්රිය තවදුරටත් ප්‍රමාද වන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් අද (19) පෙරවරුවේ පැවසීය 19 February 2024
සබරගමුවට සවස් කාලයේදී වැසි නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 19 February 2024
කෙහෙළිය ඇත්තටම ලෙඩින්දැයි සොයන්න කමිටුවක් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ රෝගී තත්ත්ව සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා විශේෂඥ වෛද්‍යවරුන් 09 දෙනකුගෙන් යුත් වෛද්‍ය මණ්ඩලයක් පත් කරන ලෙස මාලිගාක්නද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාට නියම කළාය. 19 February 2024
දූෂිත කොන්ත්‍රාත්කරුවන් ‘‘බ්ලැක් ලිස්ට්‘‘ නොකරන එම රට ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී දූෂණ හා වංචා ක්‍රියාකාරකම්වල යෙදීම කොන්ත්‍රාත්කරුවන් අසාදු ලේඛනගත කිරීමට ප්‍රමාණවත් හේතුවක් ලෙස හඳුනා නොගන්නා දකුණු ආසියාවේ එකම රට ශ්‍රී ලංකාව බව නවතම වාර්තාවකින් අනාවරණය වී ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය. 18 February 2024
රටින් වංචාකරු රැගෙන එයි මැණික් ව්‍යාපාරිකයන් ඇතුළු විවිධ පුද්ගලයන් රවටා රුපියල් කෝටි දෙසීයකට අධික මුදලක් වංචා කර, සංචාරක වීසා මගින් මාලදිවයිනට පලා ගොස් සැඟවී සිටි ශ්‍රී ලාංකිකයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් මාලදිවයිනට ගොස් අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචිමාර්ග පවසයි. 18 February 2024
සැකකරුගේ ෆෝනය රාලහාමි විකුණලා පොලිස් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවකු සන්තකයේ තිබූ රුපියල් 58,000ක් වටිනා ජංගම දුරකතනයක් රුපියල් 5,000කට පුද්ගලයකුට අලෙවි කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් භටයකු අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය පවසයි. 18 February 2024
‘‘විදුලිබල මණ්ඩලයේ දත්ත ගැන අධ්‍යයනයක් කළ යුතුයි‘‘ විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් වැරදි දත්ත ඉදිරිපත් කිරීමේ අවස්ථා ගණනාවක් වාර්තා වී ඇති නිසා විදුලි ගාස්තු සංශෝධනය සඳහා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති දත්ත සම්බන්ධයෙන් විද්‍යාත්මක අධ්‍යයනයක් කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 18 February 2024
‘‘රටතුළ රඳවාගන්න පඩි වැඩි කළා‘‘ ලෝකයේ ඕනෑම රටක මහ බැංකුවල සේවය කරන විශේෂිත වූ ශ්‍රමයක් ලබා ගන්නා පුද්ගලයන් සිටින බවත් ඔවුන් රට තුළ රඳවාගෙන එම සේවාවන් ලබා ගැනීම සඳහා ඉහළ වැටුප් ලබාදෙන බව වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ සහ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි . 18 February 2024
එතෙරින් ඇවිත් කල්පිටියේ දියමත ලිස්සයි කල්පිටිය, කන්දකුලිය හා තුඩාව වෙරළ තීරයේ මේ දිනවල දිය මත ලිස්සා යාමේ ක්‍රීඩාව යෙදෙන විදේශකයින් විශාල පිරිසක් මේ දිනවල දක්නට ඇත. 18 February 2024
වැලි බලපත්‍ර නිකුත් කළ හොර කච්චේරියක් වටලයි වැලි ප්‍රවාහන බලපත්‍ර හොරට මුද්‍රණය කළ ව්‍යාජ කච්චේරියක් වටලා නීතිවිරෝධී බලපත්‍ර රැසක් සමග සැකකරුවකු වැලිකන්ද බෝඅත්ත හංදිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්බව විශේෂ කර්ය බළකාය පවසයි. 18 February 2024
කුඩු කතක් වලානෙන් අල්ලයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධකරුවකු වන කුඩු සළිදුගේ මත්ද්‍රව්‍ය ජාලය ඩුබායි සිට මෙහෙයවනු ලබන අසිත නැමැත්තාගේ නෑනා හෙරොයින් ග්‍රෑම් 10.570 ක් රහස් ප්‍රදේශයේ සඟවාගෙන සිටියදී පානදුර මාදුපිටිය ප්‍රදේශයේදී අද වලාන කාන්තා පොලිස් නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබුවාය. 18 February 2024
මීගොඩ වෙඩිල්ලේ කට්ටිය රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙළදසැලක සේවිකාවකට වෙඩි තබා මුදල් පැහැර ගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් කෝටිපති ව්‍යාපාරිකයන් තිදෙනකු ඇතුළු පස් දෙනකු පැය 48 ක කාළයක් රදවාගෙන ප්‍රශ්න කිරීමට හෝමාගම වැඩ බලන මහේස්ත්‍රාත් ප්‍රියංගා මද්දුමපටබැදි මෙනවිය අද (18) දින අවසරය ලබා දුන්නාය. 18 February 2024
‘උඩරට මැණිකේ’ රාගමදී පීලි පනී බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙමින් තිබූ ‘උඩරට මැණිකේ’ සීඝ්‍රගාමී මගී දුම්රිය රාගම දුම්රිය ස්ථානය අසළදී අද (18) පස්වරුවේ පීලි පැනීමකට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 18 February 2024
මහජන උපයෝගීතා කොමිසම ජනතාව වෙනුවෙන් පෙනී සිටිය යුතුයි විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කර ඇති දත්ත සම්බන්ධයෙන් විද්‍යාත්මක අධ්‍යයනයක් කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 18 February 2024
හරීන්ගේ ප්‍රකාශය බරපතලයි සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ‘ලංකාව ඉන්දියාවේ කොටසක්’ යැයි ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශය බරපතළ ප්‍රකාශයක් බවත් මෙරට ගුවන්තොටුපළවල සහ වරායවල් ආදී සියල්ලම ඉන්දියාවට දෙන්නේ යැයි ඔහු එහිදී අදහස් කළ බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය. 18 February 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026