
(කුෂාන් ජයවර්ධන)
ගල්කිරියාගම ගොවීන් පිරිසක් කාලයක පටන් වී වේලිමට යොදාගත් බස් නැවතුම පිටුපස කොටසේ වී වේලීම සෞඛ්‍ය අංශ තහනම් කිරීමට නිසා ගල්කිරියාගම නගරයේ දෙපිරිසක් අතර උණුසුම් තත්වයක ඇති විය.
වී වේලා ගැනීමට ඇති එකම ස්ථානයට කලුතෙල් හලා තිබීමත් සෙෞඛ්‍ය බලධාරීන් එම ස්ථානයේ වී වේලීම තහනම් කිරීමත් හේතුවෙන් එම ගොවීහු දැඩි අපහසුතාවයට පත්ව සිටිති. ගල්කිරියාගම ප්‍රදේශයේ ගොවි සංවිධාන 05ක පමණ ගොවීහු මෙලෙස අපහසුතාවයට පත්ව සිටිති.
ගල්කිරියාගම වෙළඳ සංගමය මගින් සිදුකර පැමිණීල්ලක් අනුව පලාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මෙම තිරණය ගෙන ඇති බවත් ඊට අදාල දැන්වීමක් ප්‍රදර්ශනය කිරීමට පියවර ගෙන තිබිණි.
මෙම බස්නැවතුම්පොල භූමියේ බස් රථ හා මගීන් නොගැවසෙන පසුපස කොටසක මෙලෙස වී වේලීම සිදුකළ බවත්, ඒ අවට කිසිදු අයකුගේ හෝ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ විරෝධතාවයක් ඊට නොපැවති බවද අපහසුතාවයට පත් ගොවීහු පවසති. ෙ


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහිංසක මිනිස්සු වෙසක් එන්න කිලින් වි ටික ගෙට ගන්න කොච්චර දුකක් විදිනවාද? බත් කන අය මෙහෙම අකුල් හෙලන එකක් නැ
පිඑච්අයිලාට ගොවින්ගේ ගැටලු ඇතිකරන්න කිසිම අයිතියක් නැහැ භූමිය වුනත් ඔවුන්ගේ නොවෙයි නේද ඔය ගොවීන්ට එකතුවෙලා සංවිධානයක් පිහිටුවා ගෙන ඔය නිකරුණේ තියෙන භූමිය බද්දට ගන්න ක්‍රමයක් නැද්ද ගොවිජන සංවර්ධන නිළධාරින් හා කෘපනිසලා මොකද කරන්නෙ ගොවීන්ට ප්‍රාදේශීය ලේකම් හමුවෙලා විසදුමක් ගන්න බැරිද ප්‍රදේශයේ කෘෂිකර්ම බලධාරීයා වෙන්නෙ ප්‍රාදේශීය ලේකම් තමයි ඒකනේ මාසෙකට වතාවක් කෘෂිකර්ම කමිටු රැස්වීම තියන්නෙ