
(අංජුල මහික වීරරත්න)
යළි ගොඩනැඟෙමින් තිබෙන ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා සඳහා දෙස් විදෙස් මහා පරිමාණ ආයෝජකයන්ට ආරාධනා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
පසුගිය ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත් වූ මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් නගා සිටුවීමේ වැඩපිළිවෙළ රජය ක්‍රියාත්මක කර තිබෙන බව ද ජනාධිපතිවරයා කීය.
ජනාධිපතිවරයා මේ බව කීවෙි වෘත්තීය ත්‍රිරෝද රථ හා ප්‍රවාහන සංගම් නියෝජිතයන් සමඟ පැවති හමුවට එක්වෙමිනි.
කොළඹ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන ශාලාවේ මෙම හමුව පැවැත්විණි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේ මේ වන විට ශ්‍රී ලංකාව ලබා තිබෙන ආර්ථික ප්‍රගතියේ ප්‍රතිලාභ සාමාන්‍ය ජනතාවට ද හිමි විය යුතු බවයි. එම වගකීමෙන් කිසිවිටෙකත් බැහැර නොවන බව අවධාරණය කළ ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් සුවිශේෂී වැඩකොටසක් රජය මේ වන විට ඉටු කර තිබෙන බවද සඳහන් කළේය.
ත්‍රිරෝද රථ රියැදුරන්ගේ වෘත්තීය අයිතිවාසිකම් ආරක්ෂා කිරීම ඇතුළු අදහස් හා යෝජනා ඇතුළත් සංදේශයක් ප්‍රවාහන සංගම්හි නියෝජිතයන් විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත භාරදීම ද සිදුවිය.

COMMENTS
මෙයා විකාර කතාකරනවා. ලංකාවේ ජීවත්වන අපි ව්‍යාපාරයක් අරම්භ කරන්න ගියාම කී තැනකට යන්න ඕනෙද? කී දෙනෙකුට පගාව දෙන්න ඕනේද? විදේශ වල ඉඳන් එන මිනිස්සු කොහොමද මේවා කරන්නේ? අන්න නැවත පාස්පෝර්ට් ගන්න කලින් දිනයක් දමාගෙන යන්න ඕනෙලු, සාමාන්‍ය ක්‍රමයට පාස්පෝර්ට් ගන්න දැන් මාස 2 පමණ යනවාලු, තනි දවසෙන් ගන්න මාසයක් පමණ යනවාලු, මේවා දැක දැක විදේශ ආයෝජකයෝ ඒවිද?
නිකම් මාධ්‍ය සංදර්ශනය පමණයි. මහ පොළොවේ මිනුස්සු දුක්බර ජීවිතයක් ගත කරන්නේ. අද ආරංචි වුණා නේද ඇඹිලිපිටිය මහ රෝහලේ Scan යාන්ත්‍රණය අක්‍රීය වෙලා දැනට මාසයකටත් වැඩියි කියලා. එම Scan යාන්ත්‍රණය සැපයූ ආයතනයට තවම මුදල් ගෙවා නැතැයි කියලත් අද මාධ්‍යවල පලවුණා...
අලි බබා සහ හොරු රැලක් ඉන්න රටක ආයෝජනය කරන්න එන්නේ තවත් හොරෙක්ම විතරයි
මැතිවරන කිට්ටුවෙනකොට ජනාධිපතිටත් හරියට වැඩ. වැඩමුළුද විවෘතකිරීම්ද ශිෂ්‍යත්ව ප්‍රදානයකිරීම්ද රැස්වීම්ද ආයොජකයින් ලගලගම එනබවට කතාද බඩුමිල අඩුකිරීම්සද හනාධාර ඉඩම් ඔප්පු බෙදාදීම්ද ආදී කී නොකී වැඩ තොගයකි. මෙහෙම වෙන්නෙ මොකද මන්දා. අනිත් රටවලත් මැතිවරණ කිට්ටුවෙනකොට මේ විදියම වෙන්න ඇති.