
(නිමල කොඩිතුවක්කු)
බිත්තරයකින් රුපියල් 25ක අයුතු ලාභයක් නිෂ්පාදකයින් විසින් ලබාගන්නා බවට බිත්තර වෙළෙඳ සංගමය චෝදනා කරයි.
බිත්තරයක් නිෂ්පාදනය කිරීම සඳහා දැනට වැයවන්නේ රුපියල් 20ක පමණ මුදලක් බවත් එම සංගමයේ ප්‍රකාශකයකු සඳහන් කළේය.
බිත්තරයක් රුපියල් 45ත් 50ත් අතර තොග මිලකට වෙළඳපොලට ලබාදීමට කටයුතු කරන බවත් ඔහු පැවසීය.
මේ වනවිට සාමාන්‍ය වෙළඳපොලේ බිත්තරයක් රුපියල් 50 ත් 55 ත් අතර මුදළකට අළෙවි වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොමිස් 10% ඒකයි මිල වැඩි. කොහොමද ආණ්ඩුවකට මිල පාලනය කරන්න බැරි වුණේ?
නිශ්පාදකයා හිඟා කාලා අතරමැදියා පෝෂණය වෙන්න ඕනෑ කියලාද කියන්නේ...? නිශ්පාදකයා ධනවතා වුණාට කමක් නෑ. ඔවුන් තමා රට දුවවන්නේ... රැකියා සපයන්නේ. මේ ඝෝෂාව දමන්නේ අතරමැදියන්.
බිත්තර විතරක් නෙවෙයි. සියලු වෙළඳුන් ජනතාව හූරාගෙන කනවා. අධික ලාබ ගන්නවා. ආණ්ඩුව අඳ, ගොළු, බිහිරන් සේ ඉන්නවා.
කෝ මේ ජනපති රනිල් ඡන්දේ දිනන්න හැමතැනම බෙද බෙදා යනවාට වඩා මෙන්න අභියෝගය බාරගන්න පුළුවන් නම් බිත්තරය රුපියල් 30 කට දෙන්න.
මේ සැරේ හොදට කල්පනා කරල කතිරෙ ගැහුවොත් ඔය ප්‍රශ්න බොහොමයක් විසදගන්න පුලුවනි.
බිස්නස් කියන්නේ බිස්නස් මල්ලි
ලංකාවේ අය ගත්තේ නැති වුනාට කමක් නැ.. අපිට චිනයට යවන්න පුළුවන් නේ
පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය කරන්නේ මොනවාද ? පාරිභෝගිකයා ගසා කෑමට ඉඩදී කොමිස් ගහනවද ?