
(අංජුල මහික වීරරත්න)
පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය කිරීමෙන් රටට ඉතිරිවන මුදලින් ඉදිරියේ දී අධ්‍යාපන සහ සෞඛ්‍ය සඳහා වැඩි මුදලක් ලබා දීමට හැකියාව ලැබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
මෙරට ජාතික සම්පත රටේ තරුණ පරපුර මිස, පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය නොවන බව අවධාරණය කළ ජනාධිපතිවරයා අද බොහෝ රාජ්‍ය ව්‍යවසායන් රජයට බරක් නොවී ක්‍රියාත්මක වන බවත්, මෙම වසර අවසන්වන විට ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අදාළ ගෙවීම් කටයුතුවලින්ද නිදහස්වීමට රජය අපේක්ෂා කරන බවත් පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ගාල්ල, වලහන්දූව ප්‍රදේශයේ අභිනවයෙන් ඉදිකළ රුහුණ විශ්වවිද්‍යාලයට අනුබද්ධ සම සෞඛ්‍ය විද්‍යා පීඨය සිසු අයිතියට පත් කිරීමේ උත්සවයට අද (19) පෙරවරුවේ එක්වෙමිනි.

COMMENTS
පාඩු ලබන ආයතන කෙසේවෙතත් මුළුරටම හොරාකාලා විනාශ කෙරුවේ, ජනතාව මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කෙරුවේ, නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයෝ කරලා හිඟාකන තත්ත්වයකට පත්කෙරුවේ බලලෝබී, බඩගෝස්තරවාදී, දූෂිත දේශපාලුවෝ මිස වෙන කවුරුවත් නෙවෙයි...
හම්බන්තොට වරාය විකුණන කොටත් ඔහොම තමයි කිව්වේ. ඒ සල්ලි විදේශ සංචිත ලෙස ආයෝජනය කරනවා කිව්වා. ඒත් ඒවා කාබාසිනියා කළා. දැන් ලෝකේ වටේ හිඟාකනවා. තවත් ජනතාව ගොනාට අන්දන්න හදන්නේ...
මෙච්චර කල් කරපු ඒවායේ සල්ලි වලට මොකක්ද වුනේ?
ඔහුගේ විනෝදාංශය රාජ්‍ය වත්කම් විකුණා මුදල් කොල්ලකෑමයි ලාෆ් ගෑස්, ලංකා කිරි ආහාර, ශ්‍රී ලංකා රක්ෂණය, ලංකා හොස්පිටල්, ටෙලිකොම් හොඳ ලාභ ලබන නමුත් විකුණා කොමිස් ගැනීම ඔහුගේ අරමුණයි. ඔහුට ඇත්තටම ප්‍රතිව්‍යුහගත කිරීමට අවශ්‍ය නම් ශ්‍රී ලංකන් ගුවන් සේවා විකුණන්නේ නැත්තේ ඇයි...?
රනිල් ලංකාවේ ආයෝජනය කරන්න රටවල් කීපයකට ආරාධනා කළත් එකෙක්වත් ඉදිරිපත් වුනේ නැත්තේ අපේ දේශපාලකයෝ හොරු කියලා ඒ රට දන්නා නිසා කොමිස් ඉල්ලනවා...