
(විමුක්ති එස් රුද්‍රිගු)
ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ප්‍රධානත්වයෙන් පැවැති රිපබ්ලිකන් පක්ෂ ජාතික සම්මේලනයේදී, ට්‍රම්ප්ගේ මිනිපිරිය කායි මැඩිසන් ට්‍රම්ප් ද වේදිකාවට පැමිණි, ට්‍රම්ප් පිළිබඳ ගුණ කථනයක් පැවැත්වීය.
17 හැවිරිදි කායි මැඩිසන් ට්‍රම්ප් යනු, ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ පුතකු වන ඩොනල්ඞ් ට්‍රම්ප් ජූනියර්ගේ වැඩිමල් දියණියයි. කායි වේදකාවට කැඳවීම සිදු කළේ පියා ඩොනල්ඞ් ට්‍රම්ප් ජූනියර්ය.
‘රිපබ්ලිකන් පක්ෂ ජාතික සම්මේලනය ඇමැතීමට ඇයට අවශ්‍ය බව ඇය මට කීවා. සීයා ගැන මොනවද කියන්න තියෙනවා ඇය මට කීවා. ඔන්න ඉතිං, ඔබ සැම අමතන්න, මම ඇයට ආරාධනා කරනවා.’ යැයි ඩොනල්ඞ් ට්‍රම්ප් ජූනියර් පවසද්දී, කායි ට්‍රම්ප් වේදිකාවට පැමිණියාය. ඒ, කාගේත් අත්පොළසන් හඬ මැදය.
‘මම කැමතියි මගේ සීයා (ඩොනල්ඞ් ට්‍රම්ප්) ගැන යමක් කියන්න. අනෙක් අය නොදන්නා දේ කියන්න. මගේ සීයා අනෙක් සීයලා වගේ තමයි. එයා මට හුඟක් ආදරෙයි. නිතරම මා ගැන සොයා බලනවා. මගේ සීයා පසුගිය කාලයේ හුඟක් කරදරවලට මුහුණ දුන්නා. පසුගිය දා වෙඩි ප්‍රහාරයකින් බේරුණා. මොන කරදර ආවත් මගේ සීයා තවමත් නොසැලී ඉන්නවා. රිපබ්ලිකන් පක්ෂ සම්මලෙනය ම් විදියට අමතන්න ලැබීම මට ගෞරවයක්. රට වෙනුවෙන් හාඳම ද් කරන්නයි මගේ සීයා උත්සාහ ගන්නේ. යළි ඇමෙරිකාව ශ්‍රේෂ්ඨ තැනක් කරන්න එයාට පුළුවන්’ යැයි කායි ට්‍රම්ප් පැවැසුවේ රිපබ්ලිකන් පාක්ෂිකයන්ගේ ඔල්වරසන් මැදය.
රිපබ්ලිකන් පක්ෂ ජාතික සම්මේලනයට ට්‍රම්ප්ගේ දරු දැරියන් පමණක් නොව, ඔහුගේ වත්මන් බිරිඳ මෙලානියා ට්‍රම්ප් ද සහභාගී වූවාය. මෙලානියා, ට්‍රම්ප්ගේ තෙවැනි බිරිඳය.
COMMENTS
දැන් ඇමරිකාවෙත් ක්‍රියාත්මක වෙන්න යන්නේ අපේ රජපවුල ක්‍රියාත්මක කල ආකාරයේ ක්‍රමයක්.., බලමුකෝ මොකද වෙන්නේ කියලා, අන්තිමට මෙහේ වගේ එහෙත් අරගලයකින් මේ සෙල්ලමේ අවසානේ සිදු වුනොත් දහස් ගණනක් මනුෂ්‍ය ජීවිත විනාශ වෙනවා. එහෙ හැමකෙනා ළඟම තුවක්කු තිබෙන නිසා...
පවුල් වාදයට ගියොත් අපි ඇමරිකාවට ණය දෙන්නේ නැහැ. මීට ශ්‍රී ලංකාව...!