
(ආරියරත්න රණබාහු)
ශ්‍රී ලංකාව ලෝකයේ කීර්තිමත් රාජ්‍යයක් බවට පත් කිරීමේ වගකීම ජාතික ජන බලවේගය බාර ගැනීමට සූදානම් යැයි එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා මහනුවරදී පැවසීය
පුරවැසියාට නීතිය ඉදිරියේ තමන්ට යුක්තිය ඉටු වෙන බව හැඟෙන්නේ නැතිනම් අශිෂ්ට සමාජයක් බිහිවනු ඇතැයි ඔහු කීය
මේ රට නීතියේ විධානයට අවනත කළ යුතු බව පැවසූ දිසානායක මහතා ඒ කළ හැකි එකම පක්ෂය ජාතික ජන බලවේගය යැයිද පැවසීය.
පුනරුදයට රටම එකට යන තේමාව යටතේ මහනුවර නගරයේ පැවැති රැස්වීමඅමතමින් ඒ මහතා මෙම කරුණු සඳහන් කළේය .

COMMENTS
ඔව්, එන්පීපි එකට තමයි එය කළ හැකි
පසුගිය ජූලි 12 වැනිදා ශ්‍රී ලංකා රේගුවේ මහා මංකොල්ලයක් සිදු විය. ඔබ මෙයට ප්‍රතිචාර දක්වන ආකාරය.
ඉස්සෙල්ලා මැතිවරණය දිනලා ඉන්කෝ
ඔව් ඉතින් ඔක්කොම උද්ඝෝෂණය කරන අය එන්නේ මෙයාගේ ඔඩොක්කුවෙනේ...
අපට එය විශ්වාසයි, ඔබට එය කළහැකියි. කාලකන්නි හොර දෙටුවන් මෙදා පන්නමු...
ඒක නම් හොඳ අදහසක්. ඒත් ප්‍රායෝගිකව කළහැකි දේ කිව්වා නම් ඊටත් වඩා හොඳයි. 1.බස් ගිනි තියලා, ට්‍රාන්ස්ෆෝමර් ගිනි තියලා, නිර්ණාමිකව කප්පම් අරගෙන, අත කට කපලා, මිනිස්සු මරලා ඒ මිනී දණහිසෙන් පහළ ගෙනියන්න නියෝග කරලා, හමුදාවේ මිනිස්සුන්ගේ ගෙවල්වලට තග දාලා වගේම මරලා කරපු හරිය මොවුන්ට අමතක වුණාට අපිට මතකයි.
කුමන බලවේගය බලයට ආවත් මැති ඇමැතින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සකසන්නන්, නීති ක්‍රමවේද ක්‍රියාවට නන්වන්නන් ආදී සැම තරාතිරමකම දේශපාලන තනතුරුවලට තෝරා ගැනෙන්නේ මේ රටේම සිටින කුහක මිනිසුන් අතරින්මය. පොලිස් බලතල දරන්නන් ගැන අමුතුවෙන් කිවයුතු දෙයක් නැත. මුළු රාජ්‍ය තන්ත්රයමත් තරුණ ශිෂ්‍ය පරම්පරාවත් දේශපාලනීකරණයකට ලක් කර නැවත ගොඩ නොගත හැකි තත්වයකටම ඇද දමා ඇත්තේ ද මෙම කිරිතිමත් රටක් ගැන කතාකරන අයම විසිනි. ඉදිරියේදී තම කැමැත්ත දැක්වීමේදී කයිවාරු කාරයින්ට රැවටී අපේ රට තවත් වලතුළට ම වැටෙන්නට ඉඩ නොදී වළෙන් ගොඩ එන පැත්තක් වෙනුවෙන් ඇත්තටම ක්රියාකරනන්ට සහයෝගය දීමට තරම් අප බුද්ධිමත් විය යුතුමයි. මෙම මිටීමේ හරහට පුටු හතළිහක් ඇත. පසුපසටද එවැනිම ගණනකි. වැඩිම වුවහොත් 2000 කි. ලක්ෂ දෙකක් නොවේ.
ජයවේවා, ජාතික ජනබලවේගයට ජයවේවා...! "නීතියේ ආධිපත්‍යය" සියල්ලන්ටම ඉහළින් ස්ථාපිත කොට, වාසනාවන්ත, කීර්තිමත් රටක් ගොඩනැගීමට ඔබ සැමට දිරිය ශක්තිය ලැබේවා...!
මාලිමාවට ජයවේවා.
ලිපියේ දෙවැනි හා තෙවැනි ඡේද ක්‍රියාත්මක වෙනවා නම් ඉතාමත් හොඳයි. අපේ බලාපොරොත්තුවත් ඒකම තමයි දැනට අවශ්‍යම වෙලා තියෙන්නෙත් දැනට රටේ නැත්තෙත් ඒ කියනදේ තමයි. දෙවැන්න රටේ නීතියක් තියෙනවා කොස්ගස් කැපීමට බලපත්‍ර ගතයුතුයි.. කියලා ඒත් ඔබේ පක්ෂයේ පාලනය තියෙන සමූපකාර සමිතියක කෙනෙක් කිසිම බලපත්‍රක් නැතුව සමිති ගොඩනැගිල්ලක් තියෙන තැනක කොස්ගස් දෙකක් කැපුව නිසා අතඩංගුවට ගත්තා කියලා පුවතක් දැක්කා. ඒක නීතිය කැඩීමක් නොවෙයිද? ඊළඟට මෙය කියන මම 88-89 කාලයේ ජේවීපී අරගලය නිසා බලවත්ම අසාධාරණයක් සිදුවූ අයෙක්. අපි වගේ අයට ඒ වෙනුවෙන් සලසන සහනය කුමක්ද? අවසාන වශයෙන් මේ අදහස් දැක්කාම ඔහේගේ වත්මන් අනුගාමිකයින් අපිට බනීවි... ඩිස්ලයික් දමා විරෝධය පෙන්වාවි. එම වැරැදි කරන අයට දඬුවම් දෙන ක්‍රමය කුමක්ද?
චන්දිම 88/89 අල්ලාගෙන වැලලනවාට වඩා නරකද ඊට මෙහා ගැන කතාකරන එක. ඒකට රට තල්ලු කරපු හේතු කතා කරමු... ඕනෑම නම්, 83 ජූලි කලබල පක්ෂ තහනම, කල ලාම්පු සෙල්ලම, ඡන්ද සිතියම හැකිලීම, යාපනය පුස්තකාලය ගිනි තැබීම, ප්‍රා කහ බලල්ලුමැර හමුදා බටලන්ද, රට බෙදන ගිවිසුම්, තව තියෙනවා, ඒක නිසා මෑත වසර තිහ තුල ගල් කැටයක් අතට නොගත් එකම පක්ෂය තමයි ජවිපෙ, ඕනෑනම් පොලිස් ලොක්කෙක්ගෙන් අහන්න...
ඔව් අප ඔබ සමගයි, රටේ විනය හදමු. දේශපාලුුවන්ගේ, සල්ලි කාරයින්ගේ වාහන සංදර්ශනවලට හුරේ දමන නිවටයින් තවමත් ඉන්න බව පේනවා...
එය කළ හැක්කේ ඔබට පමණයි ජයවේවා...!
චන්දිම ලිව්ව දේ හරියටම හරි. මේ මිනිස්සු අවස්ථා දෙකකදී මේ රට විනාශ කළා. මේ රටට වැඩිම විනාශය කලේ කොටි ත්රස්තවාදීන්, අන්ක දෙකට මේ රට විනාශ කළේ ජවිපෙ. ඉන්පස්සේ රාජපක්ෂ පරපුර. එහෙව් මිනිස්සු අද බෙරිහන් දෙන්නේ රට සුරපුරයක් කරන්නේ. ජවිපෙ දිනුවොත් රට තවත් මියන්මාරයක්, සෝමාලියාවක් වීම ස්ථිරයි.
තමුන්ට බලය ලැබෙන්නෑ බයිලා තමා රාජේශ් ඛන්නා ගේ ආසන සංඛ්‍යාවට අනුව, ඇත්තටම පේනවා පුටු ඈතින් ඈතින් තියලා කියලා ලක්ෂයක් වුණත් හිරවීමක් තියෙන්න එපායෑ... චන්දිමත් එදා මරණ භීෂණය පෙන්වා දීලා කියන්නේත් රටේ බහුතරයකගේ අදහස තමයි... ඒවා අමතක වෙන්නෑ... තරුණයින් මේ ගැන දන්නේ නැති වුණත් ඔවුන් කුලියට කට අරින්නේ..
අනුර මහත්තයෝ, මේ සිරි ලංකාවේ ඉන්න බල්ලෝ පමණක් නොවෙයි, බල්ලන්ගේ ඇඟේ වහලා ඉන්න මැක්කොත් හිතාගෙන ඉන්නේ ඔවුන් ඔක්කෝම සිංහයෝ කියලානේ... ඒකනේ බොරු සිංහ හම් ගලවද්දී, කුක්කොත් බෙරිහන් දෙන්නේ... මේ හොරාකන බල්ලන්ව කප්පාදු කර, යුක්තිගරුක, මහජනතාවට නිදහසේ ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කළොත්, ආයේ අමුතුවෙන් ආර්ථිකයක් හදන්න තරම් මේ රටට අවශ්‍ය නැහැ... වැඩකරන ජනතාවට නිසි වැටුපක් ලබා දී, හොර ව්‍යාපාරික රැලගෙන් රජයට අයවිය යුතු බද්ද නිසි ලෙස ලබා ගන්නවා නම් ආයේ අමුතුවෙන් මොන ආර්ථික සංකල්පද..? ඔය ප්‍රාදේශීය මට්ටමේ මදාවි දේශපාලන මැරයින්ට නිසි දඬුවම දුන්නා නම් මේ රටේ ග්‍රාමීය ජනතාවට ආයේ අමුතුවෙන් මොන නිදහසක්ද..? රාජ්‍ය ආයතන තුල කරන මහජන පීඩාව නතර කළොත් ඒක සාමාන්‍ය ජනතාවට මොනතරම් සහනයක්ද..? යුද ජයග්‍රහණය මංකොල්ල කාපු හොරු රැලෙන් මේරටේ මහජනතාව බේරා ගැනීමට නම් එවැනිම වර්ගයේ යුද්ධයක් කොට මේ රාජ්‍ය අනුග්‍රහය ලබමින් වැජබෙන ත්රස්තවාදීන්ගෙන් මේ රට හා ජනතාව බේරා ගත යුතුයි.. ජයවේවා...!
තමුන්නාන්සේ තව මොනවා කරන්නද? දැනටමත් ලංකාව ලෝකයේ කීර්තිමත්ම රාජ්‍යයක්. තමුන්ට පෙර මේ රටේ මෙතෙක් හිටපු නායකයෝ ඒ කාරිය 1000% ක් හොඳටම කරලයි තියෙන්නේ... තව කරන්න දෙයක් ඉතුරුවෙලා නැහැ.
එතකොට ඔය නායක තරුණ කාලේ ජවිපය බැංකු කඩපුවා, මිනී මරපුවා රාජ්‍ය සහ පෞද්ගලික දේපල ගිනි තියපූවා බියවද්දා සේවා කඩාවැටීමට සලස්වපුවා සම්බන්ධයෙන් ගන්න පියවර කුමක්ද?
මාලිමාවට ජයවේවා...!
නීතිය ඉදිරියේ තමන්ට යුක්තිය ඉටුවෙන බව හැගෙන්නේ නැත්නම් අශිෂ්ඨ සමාජයක් බිහිවෙන්නේ නෑ. සමාජය තුළ එහෙම හැඟීමක් ඇතිවෙලා තියෙනවා කියලා මෙතුමා කියනවා නම් එහි වක්‍ර අදහස උසාවිය යුක්තිය ඉටු නොකරන බව සහ උසාවිය දූෂිතයි කියන එක... ඒක අධිකරණයට කරන අපහාසයක් වශයෙනුයි මට නම් හිතෙන්නේ. මං දන්නෑ උගත්, නීතිඥ මහතුන් සහා විනිශ්චයකාරවරුන් මේ සඳහා කුමන ක්‍රියාමාර්ග ගනියිද කියලා. හැබැයි යුක්තිය ඉටුවීම ප්‍රමාදවීම නම් තිබෙනවා. එම ප්‍රමාදය නිසා ජනතාව යම් කලකිරීමක ඉන්න බවත් ඇත්ත.
මේ වගේ බයිලා කතා අපිට අහලා තිත්ත වෙලා දැන් ඉන්නේ..! ඔබලා සේරම බලය ලබාගන්න දඟලන පෙරේතයෝ සහ කුම්භාණ්ඩයෝ වගේ අය නේද? දැන් ජනාධිපති රට ගෙනියන විදිහ හොඳයි.
මම වෙන චන්දිම කෙනෙක්. මම කියන්නේ මෙතෙක් කල් බොරුවෙන් රට කරපු සියලු දෙනා අයින් කරලා කවුරු හරි අළුත් නව බලවේගයකට බලය දෙන්න ඕනි කියන ඒක. ඔය ඉස්සරම කාලේ වෙච්ච දේවල් ගැන එල්ලිලා ඉන්න ඕනි නැහැ. හැමෝටම අවස්තාවල් දුන්නා හැබැයි ඒ හැමෝම රට කාල දැම්ම. මේ ගොල්ලන්ටත් දීල බලන්න ඕනි.
ජයවේවා