මව් කිරි සිරවී සිඟිත්තිය මරුට යාපනය ඉනුවිල් ප්‍රදේශයේදී දින 40 ක් වයසැති කුඩා දැරියක් කිරි උගුරේ සිරවීමෙන් මිය ගොස් ඇතැයි තෙලිප්පලෙයි පොලීසිය පැවසීය. 27 June 2024
ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු ඉල්ලා අස්වෙයි ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ක්‍රිස් සිල්වර්වුඩ් මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය. 27 June 2024
පැය විසි හතරට සැකකරුවන් 807 ක් මාට්ටු දිවයින පුරා සිදුකළ යුක්තිය මෙහෙයුම් වලදී ගත වූ පැය 24 තුළ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 773ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 34 ක් ඇතුළු සැකකරුවන් 807 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය පවසයි. 27 June 2024
පිටිපන ඉඩමක් ලංවිමට දෙයි හෝමාගම පිටිපන ප්‍රදේශයේ පිහිටි ඉඩම් කොටසක් ලංකා විදුලි බල මණ්ඩලය වෙත ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 27 June 2024
තිදරු මව කපා කොටා ඝාතනය කරලා ඇහැලියගොඩ ඇරෑපොල ප්‍රදේශයේ වයෝවෘද්ධ අඹුසැමි යුවලක් සිටි නිවසක් කොල්ල කෑමට පැමිණි කොල්ලකරුවන් විසින් එහි සිටි අඹු සැමියන් තියුණු ආයුධයකින් කපා කොටා කාන්තාව ඝාතනය කර පලාගොස් ඇතැයි ඇහැලියගොඩ පොලිසිය පවසයි. 27 June 2024
කෝටි පහක හෙරොයින් සමඟ ජාවාරමුන් හතරක් කොටුවෙයි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් වන කුඩු රොෂාන් හා කරන්දෙණිය සුද්දා විසින් දකුණු මුහුදු තීරය මගින් මෙරටට ගෙන්වූ රුපියල් කෝටි පහකට අධික වටිනාකමින් යුත් හෙරොයින් තොගයක් සමග සැකකරුවන් සිව් දෙනෙක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. 27 June 2024
ගන්දර තොටුපොළ ධීවර වරායක් වෙයි ගන්දර ධීවර වරාය ඉදිකිරීමේ ව්‍යාපෘතියේ කාලසීමාව දීර්ඝ කිරීම සහ මුළු පිරිවැය ඇස්තමේන්තුව සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 27 June 2024
නාවික සෙබළාගේ මරණයට ඉන්දීය ධීවරයන් 10ක් අත්අඩංගුවට මෙරට මුහුදු සීමාට ඇතුළු වූ ඉන්දීය ධීවරයන් පිරිසක් අත්අඩංගුවට යාමේදී ඉන්දීය ධීවරයන් අනාරක්ෂිතව බෝට්ටු හැසිරවීමෙන් නාවික සෙබළකු මිය යාමේ සම්බන්ධයෙන් ඉන්දීය ධීවරයන් දස සෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 27 June 2024
සාරි කඩේට බෝම්බ ප්‍රහාරයක් යාපනය නෙල්ලිඅඩි ප්‍රදේශයේ පිහිටි සාරි වෙළද සලකට කිසියම් පිරිසක් විසින් පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති බව නෙල්ලිඅඩි පොලිසිය සදහන් කරයි. 27 June 2024
අදත් තැනින් තැනට වැසි බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 27 June 2024
ජනපති ජාතිය අමතද්දී තැන තැන රතිඤ්ඤා පත්තු වේ රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳ හා විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරිම සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය ගැන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය අමතද්දී එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයෝ තැන තැන රතිඤ්ඤා පත්තු කළහ. 26 June 2024
නීතිපතිගේ සේවා දිගුව යළි ප්‍රතික්ෂේප වේ නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතාට මාස හයක සේවා දිගුවක් ලබාදීම සඳහා ජනාධිපතිවරයා දෙවැනි වරටත් ඉදිරිපත් කළ නිර්දේශයද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (26) නැවත වතාවක් ප්‍රතික්ෂේප කළේය. 26 June 2024
‘දරුවා රකින්න සහය නොදුන් අය අයිතිය ඉල්ලනවා‘ ශ්‍රී ලංකාව නැමැති දරුවා රැක ගැනීමට කිසිඳු සහයෝගයක් නොදුන් කණ්ඩායම් හුණුවටයේ කතාවේ මෙන් අද දරුවාගේ අයිතිය ගන්න සටන් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාති අමතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (26)පැවසීය. 26 June 2024
ජනපති සුබ ආරංචිය ප්‍රකාශයට පත් කරයි ශ්‍රී ලංකාවේ ප්‍රධාන නිල ද්විපාර්ශ්වික ණය හිමියන් සමඟ අවසන් එකඟත්වයට පැමිණීම රටට ආදරය කරන සියලු දෙනාට සුබ ආරංචියක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (26) පැවසීය. 26 June 2024
මහේල උපදේශක තනතුරෙන් අස්වෙයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරු ලෙස කටයුතු කළ මහේල ජයවර්ධන එම තනතුරෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 26 June 2024
ජල ටැංකියක් පිරිසිදු කරන්න ගිහින් විදුලි සැර වැදිලා මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේදී පෞද්ගලික ආයතනයකට අයත් ගොඩනැගිල්ලක පිහිටි ජල ටැංකියක් පිරිසිදු කරමින් සිටි තරුණයින් දෙදෙනෙකුට විදුලිසැර වැදීමකින් බරපතල පිලිසුම් තුවාල සහිතව රෝහල්ගත කොට ඇතැයි පුදුකුඩිඉරිප්පු පොලීසිය පැවසීය. 26 June 2024
ගුරු විදුහල්පති විරෝධතාවයේ යෙදුණු තිදෙනෙක් ජාතික රෝහලට කොළඹ කොටුව දුම්රියපොළ අසල පැවැත්වූ ගුරු විදුහල්පති විරෝධතාවය විසිරවීම සඳහා පොලිසිය කඳුළු ගෑස් එල්ල කිරීමෙන් රෝගී වූ තිදෙනෙක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් වූ බව එහි ප්‍රකාශකයෙක් පැවසීය . 26 June 2024
වෙරළබඩ මාර්ගයේ දුම්රිය රැසක් අවලංගුයි කොළඹ කොටුවේ සිට මොරටුව දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක් කොල්ලුපිටිය සහ බම්බලපිටිය දුම්රිය ස්ථාන අතර මීට සුළු මොහොතකට පෙර කාර්මික දෝෂයට ලක් වීමෙන් හේතුවෙන් දුම්රිය රැසක් අවලංගු කිරීමට සිදුවූ බවත් ධාවනය කිරීමට නියමිත දුම්රිය ප්‍රමාද වන බවත් දුම්රිය දෙපාර්තමේන්තු උසස් නිලධාරියෙක් පැවසීය. 26 June 2024
ජෙරම් ප්‍රනාන්දුට රස පරීක්ෂක හමුවේ පෙනී සිටින්න නියෝග දේව මෙහෙයක් අතරතුරදී බුදු දහම ඇතුළු අන්‍ය ආගම්වලට අපහාසාත්මක වන අයුරින් ප්‍රකාශයක් සිදුකළා යැයි චෝදනා එල්ල වී තිබෙන දේවගැති ජෙරොම් ප්‍රනාන්දුට හඬ සාම්පලයක් ලබාදීම සඳහා හෙට(27) රස පරීක්ෂක හමුවේ පෙනී සිටින ලෙස කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා නියෝග කළේය. 26 June 2024
කඳුළු ගෑස් කෑ ගුරුවරු හෙටත් ලෙඩ වේ ගුරු විදුහල්පතිවරුන්ගේ විරෝධතාවයට අද පෙරවරුවේ (26) කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීමට විරෝධය පළ කරමින් හෙට (27) අසනීප නිවාඩු වාර්තා කරන බව ගුරු විදුහල්පතිවරුන්ගේ සංගමයේ වෘත්තීය නායකයෝ පැවසූහ. 26 June 2024
නීතිපති තෝරන රැස්වීම පැය දෙකකින් කල්යයි නීතිපතිවරයාට සේවා දීර්ඝයක් ලබාදීම සඳහා ජනාධිපතිවරයා කළ නිර්දේශය සලකා බැලීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීම අද (26) සවස 6 දක්වා කල් ගොස් ඇත. 26 June 2024
ටියුෂන් ආදායම කෝටි විසිදාහයි උපකාර පන්ති ක්ෂේත්රයේ වාර්ෂිකව රුපියල් කෝටි 20000ක මුදල් හුවමාරුවක් සිදුවන බවට තොරතුරු හෙළි වී ඇති හෙයින් එම ක්ෂේත්රය නියාමනයකට මෙන්ම බදු දැලටද යටත් කළ යුතු බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතු කෝරළ මහතා පැවසීය. 26 June 2024
ආණ්ඩුවේ තුන් කට්ටුවක් ’’සුබ ආරංචිය’’ හෙළි කරයි ’’ රනිල් තමයි මිනිහා’’ යන සුබ ආරංචිය අද මුළු රටම පිළිගෙන ඇතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මාධ්‍ය හමුවකදී අද (26) පැවසීය. 26 June 2024
රනිල්ගෙන් ගිලිහුනොත් රට යටත් විජිතයක් වෙයි රනිල්ගේ ආර්ථික වැඩ පිළිවෙළ කිසියම් පාර්ශවයක් විසින් කඩාකප්පල් කළහොත් ලංකාව ලෝකයේ යටත් විජිත රාජ්‍යයක් බවට පත්වන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය. 26 June 2024
ත්‍රිකුණාමලය තෙල් ටැංකිවලට නැවත අවදානය ත්‍රිකුණාමලය තෙල් ටැංකි පද්ධතිය සංවර්ධන සැළසුම් සහ ප්‍රගතිය සමාලෝචනය කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය. 26 June 2024
ඩොලර් බිලියන 5.8 ක ණය ප්‍රතිව්‍යුහගත කරයි ශ්‍රී ලංකාව ප්‍රංශයේ පැරිස් නුවරදී සිය ද්විපාර්ශ්වික ණය දෙන්නන්ගේ නිල ණයකරුවන්ගේ කමිටුව සමඟ ඇමරිකානු ඩොලර් බිලියන 5.8 ක ණය සඳහා අවසන් ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුමකට එළඹුණු බව ජනාධිපති කාර්යාලය පවසයි . 26 June 2024
ගුරු-සිසු නැතුව පාලුයි අද ඉස්කෝලේ ගුරුවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නිසා ඇතැම් පාසල් අද (26) පාලුවට ගොස් තිබූ අයුරු දැක ගත හැකි විය. 26 June 2024
ඛනිජතෙල් සංස්ථාව ප්‍රතිව්‍යූහගත ඇරඹෙයි ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව ප්‍රතිව්‍යූහගත කිරීමේ පළමු පියවර ලෙස සපුගස්කන්ද තෙල් පිරිපහදුව රජය සතු වෙනම ආයතනයක් බවට පත්කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය. 26 June 2024
එළිමහන් සිර කඳවුරෙන් රැදවියෝ දෙදෙනෙක් පනිති අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිරකදවුරේ රදවා සිටි රැදවියන් දෙදෙනෙකු ඊයේ පලා ගොස් ඇතැයි අනුරාධපුර පොලිසිය කියයි. 26 June 2024
‘දක්ෂිණ අධිවේගයේ අතුරුගිරිය පිවිසුමෙන් ටිකට් නිකුත් කර නෑ‘ දක්ෂිණ අධිවේගී මාර්ගයේ අතුරුගිරිය පිවිසුමෙන් එම මාර්ගයට රථ වාහන ඇතුළු කිරීමේදී අද (26) දින ටිකට් පත් නිකුත් කිරීමක් සිදු නොවිණි 26 June 2024
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026