කොළඹට පැය 15 ක් ජලය නෑ කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ජල සැපයුම හෙට (29) පැය 15 ක කලයත් අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. 28 June 2024
දැරිය දූෂණය කළ අට දෙනා යළි රිමාන්ඩ් හංවැල්ල ජල්තර ප්‍රදේශයේ දී 16 හැවිරිදි ශිෂ්‍යාවක සමූහ දූෂණයට ලක්කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි තරුණයන් 08 දෙනා පසු ජුලි මස 05 වන දින දක්වා යළි රිමාන්ඩ් බාරයේ තබන්නැයි හෝමාගම වැඩ බලන මහේස්ත්‍රාත් පද්මසිරි ජයවර්ධන මහතා නියෝග කළේය. 28 June 2024
රජයේ විධායක නිලධාරීන්ගේ දීමනාව වැඩිවෙයි ලබන මස පළවෙනිදා සිට ක්‍රියාත්මක වෙන පරිදි රජයේ විධායක නිලධාරීන්ට ලබා දෙන මාසික විධායක දීමනාව රුපියල් දස දහසකින් වැඩි කළ බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු හා පළාත් පාලන අමාත්‍යංශය පවසයි. 28 June 2024
තැපැල් වාහන 183 ක් පිට ගරාජවලට කෝටි තුනක් පුදලා තැපැල් දෙපාර්තමේන්තුවේ යාන්ත්‍රික ඉංජිනේරු අංශයක් තිබියදී වාහන එකසිය අසූ තුනක් බාහිර ගරාජ වලින් අලුත්වැඩියා කර රුපියල් කෝටි තුනකට වැඩි මුදලක් නාස්ති කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ. 28 June 2024
වල් අලි මහකුඹුක්කඩවල ප්‍රා.ලේ කාර්යාලයටත් හානි කරලා වල් අලි රංචුවක් කඩා වැදි මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගොඩනැගිලි වලට හානි කර අසල පිහිටි වෙළද සැලක් වනසා දමා ගොස් ඇති බව මහකුඹුක්කඩවල පොලිසිය කියයි. 28 June 2024
‘රට ඉදිරියට ගන්න ශක්තිය ඇත්තේ ජනපති රනිල්ට පමණයි‘ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනඟමින් රට ඉදිරියට ගෙන යාමට හැකි එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බැවින් එතුමාගේ වැඩපි ළිවෙළට සමස්ත මහා සංඝරත්නයේ ආශිර්වාදය හිමිවන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති අග්ගමහා පණ්ඩිත ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්රි ධර්ම මහා සංඝ සභාවේ මහා නා හිමියෝ පැවසූහ. 28 June 2024
සංජය මහවත්ත රිමාන්ඩ් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බොරු චෝදනා එල්ල කළේ යැයි කියන මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත සැකකරු ලබන 05 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද නියෝග කළේය. 28 June 2024
ට්‍රම්ප් - බයිඩන් විවාදය උණුසුම් ඇමෙරිකා ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන ඩිමොක්රටික් පක්ෂය නියෝජකය කරන වත්මන් ජනාධිපති ජෝ බයිඩන් සහ රිපබ්ලිකන් පාක්ෂික හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අතර පළමු රූපවාහිනී විවාදය එකිනෙකාට පරිභව කර ගනිමින් උණුසුම් ලෙස පැවැත්විණි. 28 June 2024
දිල්ලි ගුවන්තොටුපොළ වහලයක් කඩා වැටෙයි ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ එක් පර්යන්තයක යහලයක කොටසක් කඩා වැටුණි. 28 June 2024
හිරුණිකාට බරපතල වැඩ සහිත වසර තුනක සිරදඬුවම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට වසර තුනක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා අද (28) නියෝග කළේය. 28 June 2024
පොහොර සහනාධාර දෙන අය ගැන තීරණයක් ගනී වී වගාව සඳහා පොහොර සහනාධාරය වශයෙන් රජය ලබා දෙන මුල්‍ය ප්‍රතිපාදන මින් ඉදිරියට කුඹුරු අයිතිකරුවන්ට සහ අඳ ගොවීන්ට පමණක් දීමට පියවර ගන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ඒ. එම්. එච්. එල්. අබේරත්න මහතාට උපදෙස් දුන්නේය. 28 June 2024
සංජය මහවත්ත අත්අඩංගුවට ’මගෙන් රටට‘ සංවිධානයේ සභාපති සංජය මහවත්ත මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අද(28) අත්අඩංගුවට ගනු ලැබීය. 28 June 2024
වාලම්පුරි සමඟ තිදෙනෙක් අල්ලයි දුර්ලභ ගණයේ වාලම්පුරි 03 ක් සමඟ පුද්ගලයෝ තිදෙනෙක් සේරුනුවර නගරයේ දී විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට ගනු ලැබූහ. 28 June 2024
නව විදුලිබල පනතට කථානායක අත්සන් කරයි පාර්ලිමේන්තුවේ පසුගියදා සම්මත කළ නව විදුලිබල පනතට කථානායක මහින්ද ආපහු අබේවර්ධන මහතා ඊයේ (27) අස්සන් කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය. 28 June 2024
දවසේ කාලගුණය බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 28 June 2024
නීතිපති සේවකයන්ට පාටියක් දී ගෙදර යයි නීතීපති සංජේ රාජරත්නම් මහතාගේ සේවා කාලය පසුගිය 27 දායින් අවසන් විය. 28 June 2024
අනතුරින් උසස් පෙළ සිසුවා මරුට පොළොන්නරුව බකමූණ - ගිරිතලේ ප්‍රධාන මාර්ගයේ දී යතුරුපැදි දෙකක් ගැටී සිදු වූ අනතුරකින් උසස් පෙළ අධ්‍යාපන ලබන සිසුවකු මියගොස් ඇති බව බකමූණ පොලිසිය කියයි. 28 June 2024
‘‘ආණ්ඩුව සත්‍ය තොරතුරු වසන් කර හොඳ රඟපෑමක‘‘ ජනතාවට රටේ තත්ත්වය ගැන සත්‍ය තොරතුරු වසන් කර වසර දෙකෙන් රට ගොඩ ගෙන ඇති බවට ප්‍රචාරය කරමින් රජය අමිතාබ් බච්චන්ට නොදෙවෙනි රඟපෑමක නිරත වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 28 June 2024
ඉන්දියාව ලෝක කුසලාන අවසන් මහ තරගයට ඉන්දියාව විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට අද (28) අළුයම සමත් විය. 28 June 2024
පනින්න කලින් පන්නන්න මෙහෙයුමක් සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පක්ෂයෙන් ඉවත් කිරීමට කටයුතු කරන්නැයි එම පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් පක්ෂ නායකත්වයෙන් ඉල්ලීමක් කර ඇත. 28 June 2024
ඉතාලියේදී ලාංකික බිරියට පිහියෙන් ඇන සැමියා එල්ලී මියගිහින් ඉතාලියේ රෝම නගරයේ රැකියාවක නිරතව සිටින ලාංකික කාන්තාවකට පෙරේදා (26) පිහියකින් ඇන බරපතළ තුවාල කළේ යැයි කියන සැමියාගේ සිරුර ඔවුන් පදිංචිව සිටි නිවසේ බාල්කයේ ඇඳ ඇතිරිල්ලකින් එල්ලෙමින් තිබියදී සොයාගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර ඇත. 28 June 2024
ලංකාවේ හිරුණි ෆින්ලන්තයේ දී මරාදමලා ෆින්ලන්තයේ වැන්ටා නගරයේ ටිකුරිල්ලා ප්‍රදේශයේ මහල් නිවාසයකදී ලාංකික කාන්තාවක ඝාතනයට ලක්ව ඇතැයි ඩේලි ෆින්ලන්ඩ් පුවත්පත වාර්තා කළේය. 28 June 2024
බස් දුම්රිය ගැටුමින් 6 ක් මරුට ස්ලොවේකියාවේ, මගී බස් රියක් සහ මගී දුම්රියක් ගැටී සිදුවුණු අනතුරකින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්විය. දුම්රියේ ගැටුණු බස් රථය පොඩි පටට්ම් වූ බව පැවැසෙයි. 28 June 2024
ආඳාදොල මල්ශාලා හිමිකරු ඝාතකයා එළියට අම්බලන්ගොඩ ආදාදොල ආවාස වත්ත පදේශයේදී මළ මිනී පවාහනය කරනු ලබන මෝටර් රථයක් තුළ මල් ශාලා හිමිකරු ඝාතනය කළා යයි කියන තැනැත්තා අද (27)නීතීඥයකු මාර්ගයෙන් භාරවීමෙන් පසු සැකපිට පශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොලීසිය කියයි. 27 June 2024
විශ්‍රාමිකයන් 419 කට කෝටි 4ක් වැඩිපුර බෙදලා ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල දහතුනකින් විශ්‍රාම වැටුප් ලබන විශ්‍රාමිකයන් 419 දෙනකු සඳහා රුපියල් කෝටි හතරකට වැඩි මුදලක් වැඩිපුර ගෙවා රජයට පාඩු කර ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝපා කමිටුව) තොරතුරු අනාවරණය විය. 27 June 2024
කසිප්පු අල්ලන ගිය පොලිසියට බඹරු ඇනලා කසිප්පු වැටලීමකට ගිය කැකිරාව පොලිසියේ සැරයන්වරුන් හත් දෙනකු බඹර ප්‍රහාරයකට ලක්ව තුවාල ලබා කැකිරාව රෝහලට ඇතුළත් කර ඇතැයි කැකිරාව පොලිසිය සඳහන් කරයි. 27 June 2024
ප්‍රධාන මාර්ගයේ දුම්රිය අදත් අවුල් මීරිගම දුම්රිය ස්ථානය ආසන්නයේ දී පීල්ලක් කැඩීයාම හේතුවෙන් අද සවස සිට රාත්‍රිය දක්වා පැය කිහිපයක් දුම්රිය ධාවනය බාධා සිදු විය . 27 June 2024
මූල්‍ය වංචා කළ ඉන්දියානුවේ 60ක් මෙරටදී මාට්ටු මෙරට තුළ නීතිවිරෝධීව රැඳී සිටිමින් අන්තර්ජාලය හරහා මූල්‍ය ජාවාරමක් සිදු කළැයි කියන ඉන්දියන් ජාතිකයෝ හැට දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. 27 June 2024
ගැටහැත්තේ කන්දක් නාය යයි ඇහැලියගොඩ ගැටහැත්ත උඩුවක ප්‍රදේශයේ අද (27) දහවල් සිදුවූ විශාල නාය යාමක් නිසාවෙන් නිවාස අටක් සම්පූර්ණයෙන් යටවී ඇතැයි ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පවසයි. 27 June 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026