ජල ටැංකියක් පිරිසිදු කරන්න ගිහින් විදුලි සැර වැදිලා මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේදී පෞද්ගලික ආයතනයකට අයත් ගොඩනැගිල්ලක පිහිටි ජල ටැංකියක් පිරිසිදු කරමින් සිටි තරුණයින් දෙදෙනෙකුට විදුලිසැර වැදීමකින් බරපතල පිලිසුම් තුවාල සහිතව රෝහල්ගත කොට ඇතැයි පුදුකුඩිඉරිප්පු පොලීසිය පැවසීය. 26 June 2024
ගුරු විදුහල්පති විරෝධතාවයේ යෙදුණු තිදෙනෙක් ජාතික රෝහලට කොළඹ කොටුව දුම්රියපොළ අසල පැවැත්වූ ගුරු විදුහල්පති විරෝධතාවය විසිරවීම සඳහා පොලිසිය කඳුළු ගෑස් එල්ල කිරීමෙන් රෝගී වූ තිදෙනෙක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් වූ බව එහි ප්‍රකාශකයෙක් පැවසීය . 26 June 2024
වෙරළබඩ මාර්ගයේ දුම්රිය රැසක් අවලංගුයි කොළඹ කොටුවේ සිට මොරටුව දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක් කොල්ලුපිටිය සහ බම්බලපිටිය දුම්රිය ස්ථාන අතර මීට සුළු මොහොතකට පෙර කාර්මික දෝෂයට ලක් වීමෙන් හේතුවෙන් දුම්රිය රැසක් අවලංගු කිරීමට සිදුවූ බවත් ධාවනය කිරීමට නියමිත දුම්රිය ප්‍රමාද වන බවත් දුම්රිය දෙපාර්තමේන්තු උසස් නිලධාරියෙක් පැවසීය. 26 June 2024
ජෙරම් ප්‍රනාන්දුට රස පරීක්ෂක හමුවේ පෙනී සිටින්න නියෝග දේව මෙහෙයක් අතරතුරදී බුදු දහම ඇතුළු අන්‍ය ආගම්වලට අපහාසාත්මක වන අයුරින් ප්‍රකාශයක් සිදුකළා යැයි චෝදනා එල්ල වී තිබෙන දේවගැති ජෙරොම් ප්‍රනාන්දුට හඬ සාම්පලයක් ලබාදීම සඳහා හෙට(27) රස පරීක්ෂක හමුවේ පෙනී සිටින ලෙස කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා නියෝග කළේය. 26 June 2024
කඳුළු ගෑස් කෑ ගුරුවරු හෙටත් ලෙඩ වේ ගුරු විදුහල්පතිවරුන්ගේ විරෝධතාවයට අද පෙරවරුවේ (26) කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීමට විරෝධය පළ කරමින් හෙට (27) අසනීප නිවාඩු වාර්තා කරන බව ගුරු විදුහල්පතිවරුන්ගේ සංගමයේ වෘත්තීය නායකයෝ පැවසූහ. 26 June 2024
නීතිපති තෝරන රැස්වීම පැය දෙකකින් කල්යයි නීතිපතිවරයාට සේවා දීර්ඝයක් ලබාදීම සඳහා ජනාධිපතිවරයා කළ නිර්දේශය සලකා බැලීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීම අද (26) සවස 6 දක්වා කල් ගොස් ඇත. 26 June 2024
ටියුෂන් ආදායම කෝටි විසිදාහයි උපකාර පන්ති ක්ෂේත්රයේ වාර්ෂිකව රුපියල් කෝටි 20000ක මුදල් හුවමාරුවක් සිදුවන බවට තොරතුරු හෙළි වී ඇති හෙයින් එම ක්ෂේත්රය නියාමනයකට මෙන්ම බදු දැලටද යටත් කළ යුතු බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතු කෝරළ මහතා පැවසීය. 26 June 2024
ආණ්ඩුවේ තුන් කට්ටුවක් ’’සුබ ආරංචිය’’ හෙළි කරයි ’’ රනිල් තමයි මිනිහා’’ යන සුබ ආරංචිය අද මුළු රටම පිළිගෙන ඇතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මාධ්‍ය හමුවකදී අද (26) පැවසීය. 26 June 2024
රනිල්ගෙන් ගිලිහුනොත් රට යටත් විජිතයක් වෙයි රනිල්ගේ ආර්ථික වැඩ පිළිවෙළ කිසියම් පාර්ශවයක් විසින් කඩාකප්පල් කළහොත් ලංකාව ලෝකයේ යටත් විජිත රාජ්‍යයක් බවට පත්වන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය. 26 June 2024
ත්‍රිකුණාමලය තෙල් ටැංකිවලට නැවත අවදානය ත්‍රිකුණාමලය තෙල් ටැංකි පද්ධතිය සංවර්ධන සැළසුම් සහ ප්‍රගතිය සමාලෝචනය කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය. 26 June 2024
ඩොලර් බිලියන 5.8 ක ණය ප්‍රතිව්‍යුහගත කරයි ශ්‍රී ලංකාව ප්‍රංශයේ පැරිස් නුවරදී සිය ද්විපාර්ශ්වික ණය දෙන්නන්ගේ නිල ණයකරුවන්ගේ කමිටුව සමඟ ඇමරිකානු ඩොලර් බිලියන 5.8 ක ණය සඳහා අවසන් ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුමකට එළඹුණු බව ජනාධිපති කාර්යාලය පවසයි . 26 June 2024
ගුරු-සිසු නැතුව පාලුයි අද ඉස්කෝලේ ගුරුවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නිසා ඇතැම් පාසල් අද (26) පාලුවට ගොස් තිබූ අයුරු දැක ගත හැකි විය. 26 June 2024
ඛනිජතෙල් සංස්ථාව ප්‍රතිව්‍යූහගත ඇරඹෙයි ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව ප්‍රතිව්‍යූහගත කිරීමේ පළමු පියවර ලෙස සපුගස්කන්ද තෙල් පිරිපහදුව රජය සතු වෙනම ආයතනයක් බවට පත්කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය. 26 June 2024
එළිමහන් සිර කඳවුරෙන් රැදවියෝ දෙදෙනෙක් පනිති අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිරකදවුරේ රදවා සිටි රැදවියන් දෙදෙනෙකු ඊයේ පලා ගොස් ඇතැයි අනුරාධපුර පොලිසිය කියයි. 26 June 2024
‘දක්ෂිණ අධිවේගයේ අතුරුගිරිය පිවිසුමෙන් ටිකට් නිකුත් කර නෑ‘ දක්ෂිණ අධිවේගී මාර්ගයේ අතුරුගිරිය පිවිසුමෙන් එම මාර්ගයට රථ වාහන ඇතුළු කිරීමේදී අද (26) දින ටිකට් පත් නිකුත් කිරීමක් සිදු නොවිණි 26 June 2024
මහ කන්නයේ කෝටි 200ක වගා හානියක් මහ කන්නයේ වගා හානි වන්දි සඳහා රුපියල් බිලියන දෙකක් වැය වන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි. 26 June 2024
යූ.ජී.සී. සේවකයෝ සත්‍යග්‍රහයක විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් දින 56 ක් ක්‍රියාත්මක කරන වැඩවර්ජනයට සමගාමීව අනධ්‍යයන සේවකයන් පිරිසක් කොළඹ 7 පිහිටි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (යූ.ජී.සී.) ඉදිරිපිට අද (6) සත්‍යග්‍රහයක් ආරම්භ කළහ. 26 June 2024
ගුරු විරෝධයට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර ගුරු විදුහල්පතිවරුන් ගේ විරෝධයට මිට සුළු වේලාවකට පෙර පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කළේය. 26 June 2024
මත් ජාවාරමට අතදුන් ස්කීපර් මාස 8කට පසු මුදා හරියි මත්ද්‍රව්‍ය කිලෝ 210ක් ඩුබායි සිට ආනයනය හා ජාවාරම් කිරීමට ආධාර අනුබල දුන්නේ යැයි සැකයට මාස 08ක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි තංගල්ලේ ලහිරු රසාංග නමැති ස්කීපවරයා මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය. 26 June 2024
රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ’’ රස’’ වැඩි කරයි රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ කටයුතු සිදු කරන මත් ද්‍රව්‍ය රසායනාගාරය හා වස විෂ රසායනාගාරය නව තාක්ෂණික මෙවලම් සහිතව වැඩි දියුණු කර විවෘත කිරීම අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ලේ පිහිටි රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී සිදු කෙරිණි. 26 June 2024
මල්ශාලා හිමිකරු අවමංගල රියේදීම ඝාතනය කරලා අම්බලන්ගොඩ මල්ශාලාවක හිමිකරු තියුණු ආයුධයකින් පහරදි ඝාතනය කොට ඇති බැව් අම්බලන්ගොඩ පොලිසිය පවසයි. 26 June 2024
වරද පිළිගෙන නිදහස ලැබූ ඇසෙන්ජ් බිරිඳ දරුවන් ළඟට ඇමෙරිකාවේ යුද රහස් ලොවට හෙළි කළැයි චෝදනා ලැබ සිටින, විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ සහ හිටපු සංස්කාරක ජුලියන් අසාන්ජ් ඇමෙරිකන් අධිකරණයක් හමුවේ පෙනී සිටියේය. 26 June 2024
කෝටි 18 ක රත්තරන් ජෙල් ගුවන්තොටෙන් පන්නන්න බැරිවෙයි රුපියල් කෝටි 18 ක් පමණ වටිනා රත්තරන් ජෙල් ගුලි වශයෙන් සකස් කර ඒවා තම සිරුරු වල ගුද මාර්ගයේ සහ සිය ගමන් මලු තුළ සගවා ගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි ශ්‍රී ලාංකිකයන් 06 දෙනෙකු ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් අත් අඩංගුවට ගෙන තිබේ . 26 June 2024
අධ්‍යාපනය නංවන්න ලංකාව-වියට්නාමය අත්වැල් බැඳ ගනී 2024-2026 කාලය සඳහා ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර අධ්‍යාපනික සහයෝගීතාව පිළිබඳ ගිවිසුමකට එළඹීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 26 June 2024
ග්‍රාම නිලධාරීවරයා අල්ලස් දැලේ පදිංචි සහතිකයක් ලබා නොදීමට කාන්තාවකගෙන් රුපියල් 25000 ක අල්ලස් මුදලක් ලබාගත් ගඟවට කෝරළේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත හිරැස්ස ග්‍රාම නිලධාරීවරයා අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි. 26 June 2024
ව්‍යාජ නෝට්ටු සමඟ සිසුවා පොලිස් දැලේ රුපියල් 500 ව්‍යාජ නෝට්ටු හයක් සන්තකයේ තබාගෙන තඹුත්තේගම බස් නැවතුම්පොළ රැඳී සිටි පාසල් සිසුවෙකු අත්අඩංගුවට ගත් බව තඹුත්තේගම පොලිසිය පවසයි. ෙමෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නොචියාගම උඩුනුවර ජනපදයේ පදිංචි (17) හැවිරිදි සිසුවෙකි. 26 June 2024
බොක්සිං ශූරයෝ කටුනායකට ෂීෂෙල්ස් රාජ්‍යයේ ජාතික නිදහස් දින උත්සවයට සමගාමීව එරට පැවති ආරාධිත බොක්සිං තරගාවලියේ දී රන් පදක්කම් 02 ක් , රිදී පදක්කම් 02 ක් සහ ලෝකඩ පදක්කම් 02 ක් දිනා ගත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් පිරිස අද(26 )අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ . 26 June 2024
නවතා තිබූ බසයේ හැපුණ ලොරිය නිසා තිදෙනකුට දිවි අහිමි වෙයි මාන්කුලම් පොලිස් වසමේ යාපනය ,මහනුවර ඒ 9 ප්‍රධන මාර්ගයේ පනිච්චන්කුලම් ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වූ බවට පොලීසිය පැවසීය. 26 June 2024
රටබීම ෆැක්ටරිවලින් කෝටි 725 ක බදුපොල්ලක් මත්පැන් නිෂ්පාදන ආයතන 39 ක් රුපියල් කෝටි 725 ක පමණ බදු මුදල් ප්‍රමාණයක් රජයට ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ. 26 June 2024
සංචාරයට පැමිණි මාලදිවයින් වෛද්‍යවරිය මරුට නිවාඩුවක් ගත කිරීම සඳහා දිවයිනට පැමිණ සිටි මාලදිවයින් ජාතික වෛද්‍යවරියක් බොරැල්ලේ නිවසකදි ඖෂධ අධි මාත්‍රාවක් පානය කිරීමෙන් රෝගාතුරව නාරාහේන්පිට පුද්ගලික රෝහලකට ඇතුළත් කර සිටියදී මිය ගොස් ඇතැයි බොරැල්ල පොලිසිය පවසයි. 26 June 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026