විමලසුරේන්ද්‍ර වාන් දමයි මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන වැසි සමඟ විමලසුරෙන්ද්‍ර ජලාශය අද (25) වාන් දැමිමට පටන්ගෙන තිබේ. 25 June 2024
විජයදාසට එරෙහි වාරණය යළි දිග් කරයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පත් කිරීම සහ ඒ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයකු ලෙස පිළිගැනීම වළක්වමින් නිකුත්කර තිබූ වාරණය ලබන 09 දීර්ඝ කිරීමට කොළඹ අතිරේක දිසා විනිසුරු චන්දිම එදිරිමාන්න මහතා අද (25) නියෝග කළේය. 25 June 2024
කම්හල්කරුවන්ගෙන් රජයට කෝටි 20ක බදු පොල්ලක් කර්මාන්ත දහතුනකට අදාළ කර්මාන්ත කර්මාන්තකරුවන් එකසිය හත් දෙනෙකු පසුගිය වසරේදී රුපියල් කෝටි විස්සකට වැඩි බදු මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 25 June 2024
පිරිවෙන් ඩිජිටල් වෙයි පිරිවෙන් අධ්‍යාපනය සඳහා ඩිජිටල් තාක්ෂණය හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 25 June 2024
’’තම්බපවනී’’ ට අලුත් සහකරුවෙක් සොයයි තම්බපවනී සුළං විදුලි බලාගාරයේ වගකීම්, මෙහෙයුම් සහ නඩත්තු කොන්ත්‍රාත්තුව අලුත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 25 June 2024
හිඟුරක්ගොඩ ගුවන් තොට අලුත් වෙයි හිඟුරක්ගොඩ ගුවන්තොටු පොළ සංවර්ධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 25 June 2024
ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගන්න යද්දී නාවික සෙබළෙක් මරුට යාපනය ඩෙල්ෆ් දූපතට ආසන්න මුහුදු සීමාවේදී අනවසරයෙන් මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් පිරිසක් නාවික හමුදා බාරයට ගැනීමට ගිය නාවික හමුදා සෙබලෙකුට වූ අනතුරක් හේතුවෙන් එම සෙබලා අද (25) මිය ගොස් ඇතැයි නාවික හමුදාව පවසයි. 25 June 2024
ඩීසල් නැව් තොග හතරක් ගන්න කොන්ත්‍රාත්තුව දෙයි ඩීසල් (0.05% M.S.) නැව් තොග හතරක් මිල දී ගැනීම වෙනුවෙන් වූ දිගු කාලීන කොන්ත්‍රාත්තුව පිරිනැමීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 25 June 2024
ඈන් කුමාරියට අශ්වයකුගෙන් පා පහරක් අශ්වයකුගේ පහර කෑමකට ලක්වුණු බ්‍රිතාන්‍යයේ ඈන් කුමරිය රෝහල්ගත කර ඇතැයි බකිංහැම් මාලිගය පවසයි. රෝහල්ගත කළ ඈන් කුමරියගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි. 25 June 2024
දියණියට වැසිකිළි පිරිසිදුකාරකයක් පොවන්න ගිය පියා අත්අඩංගුවට සිය හය හැවිරිදි දියණියට වැසිකිළි පිරිසිදු කාරක දියරයක් පෙවීමට තැත්කළ පියෙකු අත් අඩංගුවට ගත් බව හුංගම පොලිසිය පැවසීය . 25 June 2024
ඝාතනයකට සම්බන්ධ අයෙක් අත්අඩංගුවට ගෝනා පීනුවල ප්‍රදේශයේ නිවසක තනිව විසූ කාන්තාවක ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු ඇල්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගෝනා පීනුවල පොලිසිය පවසයි. 25 June 2024
සඳෙන් පස් අරන් චීන යානය එනවා සඳේ අඳුරු කාලාපයට ගොඩබැස, පස් සාම්පල එකතු කරගත් ‘චැංග් ඊ 6’ රොබෝ ගවේෂණ යානය අද (25) පෘථිවියට පැමිණෙනු ඇත. 25 June 2024
අසාන්ජ් ඇමෙරිකන් අධිකරණය හමුවට ‘විකිලීක්ස්’ වෙබ් අඩවිය ඔස්සේ ඇමෙරිකාවේ හමුදා රහස් ලොවට හෙලි කළ බව ඇමෙරිකන් අධිකරණය හමුවේ පිළිගැනීමට තමන් සූදානම් බව විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ 52 හැවිරිදි ජුලියන් අසාන්ජ් පවසා ඇත. 25 June 2024
බස්නාහිරට - වයඹට තද වැසි බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 25 June 2024
ලක්ෂ 10 සිද්ධියෙන් සන්නස්ගල නිදහස් චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා කඳාන ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබාගෙන එම මුදල ලබානොදී විශ්වාසය කඩ කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් උපුල් ශාන්ත සන්නස්ගල මහතාට එරෙහිව කඳාන පොලිසිය කෙටුම්පත් කළ චෝදනා ඉදිරිපත් කිරීම ප්රතික්ෂෙප කළ වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා චෝදනාවන්ගෙන් සන්නස්ගල මහතා මුදාහැරීමට අද (24) නියම කළේය. 25 June 2024
පාතාලයේ ගිනිඅවි අල්ලන්න මාස දෙකක මෙහෙයුමක් පාතාල කල්ලි සතුව ඇති ගිනිඅවි අත්අඩංගුවට ගැනීමේ මාස දෙකක විශේෂ මෙහෙයුමක් ලබන ජූලි මස ආරම්භ කිරීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (24) උපදෙස් දී තිබේ. 25 June 2024
තිස්ස හිටපු ඕඅයිසී ඇතුළු තුනක් වසර හතකට හිරගෙට හෝටල් හිමියකු ඇතුළු එහි සේවකයන් පස් දෙනකු පැහැරගෙන ගෙස් කෲරත්වයට පත් කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වු තිස්සමහාරාම පොලිසයේ හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු පෙලිස් නිලධාරීන් තිදෙනකුට වසර 07 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළ මාතර මහාධිකරණ විනිසුරු චාමර තෙන්නකෝන් මහතා කෲරත්වයට පත්වු පුද්ගලයන් පස්දෙනාට රුපිල් ලක්ෂ 05 බැගින් වන්දි ගෙවීමටද නියම කළේය. 25 June 2024
’’මැති ඇමති පනස්හයක් ගෙවල් කුලියට පොලු තියලා’’ මැති ඇමතිවරුන් පනස් හය දෙනකු සිය නවාතැන් වෙනුවෙන් රුපියල් ලක්ෂ තිස් හතක පමණ මුදලක් (හිඟකුලි) ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ. 25 June 2024
වරප්‍රසාදවලට මුවාවී ඇමැති උසාවිය හෑල්ලු කරනවා පාර්ලිමේන්තුවේ පසුගිය 19 වැනිදා පැවැති විවාදයක් අතරතුරදී අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී අධිකරණ පද්ධතිය විවේචනයට ලක් කරමින් ඉදිරිපත් කරන ලද වගකීම් විරහිත ප්‍රකාශවලින් අධිකරණයේ ස්වාධීනත්වය ප්‍රසිද්ධියේ අභියෝගයට ලක්වී ඇතැයි ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. 24 June 2024
පූජා නගරයට කුඩු බෙදූ ගුරුවරිය සහ සුපවේදී සැමියා මාට්ටු පොසොන් සමය ඉලක්ක කර ගනිමින් අනුරාධපුරයට පැමිණෙන මත්ද්‍රව්‍ය ලෝලීන්ට මත්කුඩු බෙදා හැරීමට සූදානම්ව සිටි, අනුරාධපුර නගර මධ්‍යයේ ඇති, ප්‍රධාන පාසලක පුහුණු ගුරුවරියක සහ ඇගේ සැමියා රුපියල් කෝටියකට ආසන්න හෙරොයින් මත්කුඩු තොගයක් සහ එය ප්‍රවාහනය කළ යතුරු පැදියක් සමග අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි. 24 June 2024
ගෑනු හුටපටයකට හොල්මන් මන්දිරයේ යක්කු ගහ ගනිති සිය අනියම් පෙම්වතා සමඟ නවගමුව ප්‍රදේශයේ හොල්මන් මන්දිරයක් බැලීමට ගොස් සිටියදී එහි මිනී පෙට්ටියේ වැතිර සිටි තරුණියගේ විවාහක සැමියා ඇය හඳුනාගෙන පහරදීමට තැත් කිරීම නිසාවෙන් ඇතිවූ ගැටුමකදී අත්අඩංගුවට ගත් දොළොස් දෙනකු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හරින ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජයබණ්ඩාර මහත්මිය අද නියෝග කළාය. 24 June 2024
දඹුල්ල තණ්ඩර්ස් හිමිකාරිත්වය ඉල්ලා නඩු දමයි එල් .පී.එල්. ක්‍රිකට් තරඟාවලියට ඉදිරිපත්වන දඹුල්ල තණ්ඩර්ස් කණ්ඩායමේ හිමිකාරිත්වය අවලංගු කිරීමේ තීරණය නීති විරෝධී බවට ප්‍රකාශයක් නිකුත් කර එහි හිමිකාරීත්වය තමන් වෙත පවරන තීන්දුවක් නිකුත් කරන්නැයි ඉල්ලා එක්සත් අරාබි එමීර් රාජ්‍යයයේ සමාගමක් කොළඹ දිසා අධිකරණය හමුවේ අද (24) නඩු පැවරීය. 24 June 2024
කෝටි 20ක අයිස් මධ්‍යම තැපැලෙදී මාට්ටු පාකිස්තානයේ සිට එවා තිබූ පාර්සලයක තිබී රුපියල් කෝටි 20 කට ආසන්න වටිනාකමින් යුත් ‘අයිස්’ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5 කට ආසන්න තොගයක් කොළඹ මධ්‍යම තැපැල් හුවමරුවේදී ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකය අද (24) අත්අඩංගුවට ගත්තේය. 24 June 2024
පොහොට්ටුවෙන් අද ගත් තීරණය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණින් පත්කෙරෙන හෝ එම පෙරමුණ සහය දෙන අපේක්ෂකයා අනිවාර්යයෙන්ම මහින්ද චින්තනය සමඟ එකඟ වී ඒ ප්‍රතිපත්ති උඩ ගමන් කරන අයකු විය යුතු බවට එම පෙරමුණේ සමස්ත ලංකා කාරක සභාවේදී අද (24) තීරණය කර ඇත. 24 June 2024
තාබුගලගෙන් පැය තුනක රහස් ප්‍රකාශයක් රහස් පොලිසිය කප්පම් ඉල්ලුවේ යැයි කියමින් රහස් ප්‍රකාශයක් කිරීමට අවසර ඉල්ලා සිටි අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාබුගල සැකකරු පැය තුනක ප්‍රකාශයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ මහත්මියගේ නිලමැදිරියේදී අද (24) ලබා දුන්නේය. 24 June 2024
ලංගම රක්ෂණය ගැටළුවක් ලංකා ගමනා ගමන මණ්ඩලයේ (ලංගම) බස් රථ 4,000 කට පමණ තෙවැනි පාර්ශවයේ රක්ෂණ ගෙන තිබීම නිසා රියදුරකුගේ අතපසුවීමකින් බස් රථයක් අනතුරකට පත්වුවහොත් අලාභය රියදුරුගෙන් අයකර ගන්නා බව ලංගම රියදුරෝ පවසති. 24 June 2024
දැරියකට හදි කළාට වසර 35ක් සිපිරිගෙට අවුරුදු 16 දැරියක දූෂණය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ පුද්ගලයකු වරදකරු කරමින් පානදුර මහාධිකරණ විනිසුරු සමන් කුමාර මහතා ඔහුට වසර 35 ක සිරදඬුවම් නියම කළේය. 24 June 2024
බිරිය සැමියාගේ පැරණි පෙම්වතියගෙන් ලක්ෂ 50ක කප්පම් ඉල්ලලා ඇමති ආරක්ෂක අංශයේ සේවය කරන සිය සැමියාගේ පාසැල් ප්‍රේමයේ නිරුවත් දර්ශන පැරණි පෙම්වතියගේ සැමියාට මුදා හරිමින් අන්තර්ජාලයට මුදා නොහැරීමට ලක්ෂ පනහක කප්පම් ඉල්ලුවේ යැයි කියන විශ්‍රාමික පොලිස් කොස්තාපල්වරිය ඇප මත මුදා හැරී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා පොලිස් කොස්තාපල් වරයාට ලබන 27 දින අධිකරණයේ පෙනී සිටින ලෙසට අද (24) නියෝග කළේය. 24 June 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026