’’ ජාකොබ් පුතා‘ හිමිකරු රටින් පනින්න යද්දී මාට්ටු මේ වනවිට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඈත මුහුදු සීමාවේ දී හෙරොයින් කිලෝ ග්‍රෑම් 200 කට අධික ප්‍රමාණයක් සමග අත් අඩංගුවට ගෙන ගාල්ල වරාය වෙත රැගෙන එමින් සිටින ’’ ජාකොබ් පුතා’’ බහු දින ධීවර යාත්‍රාවේ හිමිකරු , මෙම පුවත සැළවීමත් සමග මාළදිවයින වෙත පළා යාම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ , අවසාන ආරක්ෂක කවුළුව ද පසු කර යාමට සූදානම් ව සිටියදී ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් අත් අඩංගුවට ගෙන තිබේ . 26 June 2024
ලංකාවේ කඩොලාන රකින්න පොදු රඳ මඬුලු සහය පොදු රාජ්‍ය මණ්ඩලීය ආයතනයකින් ලබා දෙන මුල්‍ය ප්‍රදානයන් මඟින් කඩොලාන සංරක්ෂණ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 26 June 2024
විරෝධතාවකදී පොලීසිය සමඟ ගැටුණු 11ක් අත්අඩංගුවට මුතුර් ඉරුදියපුරම්. ප්‍රදේශයේ අලුතින් විවෘත කරන ලද රට බීම හලකට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් පැවැත්වූ විරෝධතාවයක් අතරතුර පොලිස් නිලධාරීන්ට ගල් මුල් ප්‍රහාර එල්ල කරමින් කලහකාරී ලෙස හැසිරුණ පුද්ගලයන් 11 දෙනෙකු අත්අඩංගුවට ගත් බව මූතූර් පොලිසිය පවසයි. 26 June 2024
රිය අනතුරින් නව හැවිරිදි දැරිය මරුට දොඩංගොඩ රේන්ද පොල ප්‍රදේශයේදී ත්‍රී රෝදය රථයක ගැටීමෙන් එකම පවුලේ ලාබාල වයසේ පසුවන සහෝදරියන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව එක් දැරියක් මියගිය බව දොඩංගොඩ පොලිසිය කියයි. 26 June 2024
අදත් විටින් විට වැස්ස බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව කියයි. 26 June 2024
පරිගණක ක්‍රිඩාව මානසික රෝගයක් අන්තර්ජාලයට හෝ පරිගණක ක්‍රීඩාවලට තදින්ම ඇබ්බැහිවීම ලෝක සෞඛ්‍ය සංවිධානය දැන් මානසික රෝගයක් ලෙස පිළිගෙන ඇතැයි විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා ලංකාදීපයට පැවසීය. 26 June 2024
වාහන පාක් බදු අරන් කෝටි 26ක් පොලු තියලා කොළඹ නගරයේ රථවාහන නැවැතුම් පොළවල් පවත්වාගෙන යෑමට කොළඹ නගර සභාව විසින් අවසර දී ඇති ආයතන මේ වන විට රුපියල් කෝටි 26 කට වඩා බදු මුදල් ගෙවීම පැහැර හැර ඇති බව කොළඹ නගර සභාවේ අධ්යක්ෂ ඉංජිනේරු පී.ඒ. චන්ද්‍රපාල මහතා සඳහන් කළේය. 26 June 2024
විරෝධතාකරුවෝ කෙන්යා පාර්ලිමේන්තුවට කඩා වදිති කෙන්යා රජය හඳුන්වා දුන් නව මූල්‍ය පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත වීමත් සමඟ විරෝධතා උත්සන්න විය. දස දහස් ගණනක් විරෝධතාකරුවෝ, නයිරෝබි අගනුවර පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩා වැදුණු අතර ඔවුහු පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ එක් කොටසකට ගිනි තැබූහ. 26 June 2024
ජුලියන් අසාන්ජ් අධිකරණ හමුවට ඇමෙරිකාවේ යුද රහස් ලොවට හෙළි කළැයි චෝදනා ලැබ සිටින, විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ සහ හිටපු සංස්කාරක ජුලියන් අසාන්ජ් අද (26) ඇමෙරිකන් අධිකරණයක් හමුවේ පෙනී සිටීමට නියමිතය. 26 June 2024
සඳෙන් ගෙනා පස් පර්යේෂණාගාරයකට චීන විද්‍යාඥයන්, ‘චැංග් ඊ 6’ රොබෝ ගවේෂණ යානය, සඳේ අඳුරු කලාපයට යවා ගෙන්වා ගත් පස් සාම්පල මේ වනවිට වැඩි දුර පර්යේෂණ සඳහා පර්යේෂණාගාරයකට රැගෙන ගොස් ඇතැයි වාර්තා වේ. 26 June 2024
ජපන් අධිරාජ්‍යයාට මහ ඉහළ පිළිගැනීමක් බ්‍රිතාන්‍යයේ නිල සංචාරයකට පැමිණ සිටින ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයාට සහ මසාකෝ අධිරාජිනියට, තෙවැනි චාල්ස් රජු සහ කැමිලා පාකර් රැජිනගෙන් උණුසුම් පිළිගැනීමක් හිමිවිය. 26 June 2024
රුසියන් නිලධාරීන්ට ජාත්‍යන්තර වරෙන්තු ජාත්‍යන්තර අපරාධ අධිකරණය, රුසියාවේ හිටපු ආරක්ෂක අමාත්‍ය සර්ජි ෂොයිගු සහ හමුදා කාර්ය මණ්ඩල ප්‍රධානී වැලරි ජෙරසිමොව් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කළේය. 26 June 2024
විදුලි සැර වැදී සිසුවෙක් මරුට ගල්කිරියාගම දික්වැන්නාගම දී සිදු වූ විදුලි සැර වැදීමකින් 17 හැවිරිදි පාසල් සිසුවකු අද(25) පස්වරුවේ මියගොස් ඇතැයි පොලිසිය පවසයි. 25 June 2024
අධිවේගයේ මහා මුදල් කොල්ලයක්:22කගේ වැඩ තහනම් අධිවේගී මාර්ගයේ කොළඹ පිටත වටරවුම් මාර්ගයේ අතුරුගිරිය අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ සිදුවී ඇති බව කියන රුපියල් කෝටි ගණනාවක මහා මුදල් වංචාව සම්බන්ධයෙන් ප්‍රධාන මුදල් අයකැමි ඇතුළු අයකැමිවරුන් 22 කුගේ වැඩ තහනම් කළ බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් එස්. පි. එම්. සූරිය බණ්ඩාර මහතා පැවසීය. 25 June 2024
මීගමුවේ ඉඳන් ලෝකයටම ගේම් දීලා මහාපරිමාණ අන්තර්ජාල මූල්‍ය වංචාවකට සම්බන්ධ විදේශිකයන් ඇතුළු පුද්ගලයන් 33 කු මිගමුව ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. 25 June 2024
පියා පැදවූ රියෙන් විසිවී කුඩා දැරියක් මරුට ත්‍රීරෝද රථයේ පිටුපස අසුනේ සිටි කුඩා දැරිය රිය පදවමින් සිටි පියාගේ ගෙලෙහි එල්ලීම නිසාවෙන් දිවුලපිටිය කඩවල ප්‍රදේශයේ දී සිදු වූ අනතුරකින් කුඩා දැරියක් මියගොස් ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි. 25 June 2024
දියගම හදන වැඩේ හමුදාවට දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීම යුද හමුදාවට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 25 June 2024
පොලිසියට සතුටු හිතෙන ආරංචියකට කැබිනට් අනුමැතිය ශ්‍රී ලංකා පොලිසියේ අතරමඟ නතර වී තිබූ ඉදිකිරීම් ව්‍යාපෘතිවල ඉතිරි වැඩ නිම කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 25 June 2024
කෙරවලපිටිය වායු බලාගාරය හදන්න ආයෝජකයකු සොයයි ද්විත්ව ඉන්ධන ධාරිතාව සහිත මෙගාවොට් 200ක අභ්‍යන්තර දහන එන්ජින් වලින් සමන්විත කෙරවලපිටියේ ස්වභාවික වායු බලාගාරය සඳහා ආයෝජකයකු තෝරා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 25 June 2024
වනජීවිය යැයි පවසා පොලීසියට පාට් දැමූ හයක් අල්ලයි බීමත්ව රිය පදවා, වනජීවී නිලධාරීන් බව පවසමින් පොලිස් රාජකාරියට බාධා කළ පුද්ගලයින් හය දෙනකු අද (25) අත්අඩංගුවට ගත් බව කිරින්ද පොලීසිය කියයි. 25 June 2024
දොස්තරලාට දෙවන වරටත් කොළඹ ඉඩමක් බදු දෙයි ශ්‍රී ලංකා කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයට බදු දී ඇති රාජගිරියේ පිහිටි ඉඩම අවුරුදු 50 ක කාලසීමාවකට නැවත බදු දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 25 June 2024
මැති සබේ හදිසියේ කැඳවයි පාර්ලිමේන්තුව ලබන 2 වැනිදා හදිසියේ කැඳවීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කර ඇත. 25 June 2024
උරුමයට එරෙහි වන නිලධාරීන් ගැන තොරතුරු සොයයි උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන වෙනුවෙන් බොහෝ රාජ්‍ය නිලධාරින් කැපවී කටයුතු කරද්දි, එය කඩාප්පල් කිරීමට උත්සාහ කරන සුළුතරයක් පිළිබඳව ද කරුණු වාර්තා වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අම්පාරේ දී පැවසීය. 25 June 2024
ඇමති විජයදාසගෙන් කතානායකට ලිපියක් තමා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අධිකරණ සේවා සංගමයේ සභාපති දිසා විනිසුරු රුවන් දිසානායක සහ ලේකම් ඉසුරු නෙත්තිකුමාරගේ මහත්වරුන් ප්‍රසිද්ධ ප්‍රකාශ නිකුත් කර විනය විරෝධීව කටයුතු කර ඇති හෙයින් එම විනිසුරුවරුන් දෙදෙනා පාර්ලිමේන්තු ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට කැඳවා විමර්ශනයක් කර සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙස අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා කතානායකවරයාට ලිප 25 June 2024
පොල්තෙල් ආනයන බදු අඩු කරන්න යයි වෙළඳපොලේ පොල්තෙල් මිල ඉහල යාම පාලනය සඳහා ආනයනික පොල්තෙල් සඳහා වන බද්ද අඩු කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය මගින් යෝජනාවක් ඉදිරිපත් කරන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 25 June 2024
කලා වැව ළඟ අනවසර කැණීම් හොයන්න පංච පුද්ගල කමිටුවක් කලාවැවේ ඉපැරැණි පිටවාන පාදම අසල ගල්තලාව මතුපිට කර ඇතැයි පැවසෙන අනවසර කැණීම් සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් පැවැත්වීම සඳහා පංච පුද්ගල කමිටුවක් පත් කරනු ලැබ ඇත. 25 June 2024
බෝරා සමුළුවට උපරිම සහාය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත බෝරා ප්‍රජාවගේ වාර්ෂික සම්මේලනය සාර්ථක කර ගැනීමට අවශ්‍ය උපරිම සහාය ලබා දෙන ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 25 June 2024
රටට එන ’’නරක සත්තු’’ නවත්තන්න කොරියා උදව් කොළඹ වරායේ පැළෑටි නිරෝධායන සේවාව වඩා විධිමත් කිරීම සඳහා ඩොලර් මිලියන 1.3ක වියදමින් ඉදි කරන ලද නව පැළෑටි නිරෝධායන සේවා ගොඩනැගිල්ල කොළඹ වරාය පරිශ්‍රයේදී අද(25) පෙරවරුවේ දී විවෘත කෙරිණි. 25 June 2024
උසස් පෙළ සිසුවා වෙඩි තබා ගෙන මැරිලා රැකියාවට යන මවට වැඳ කාමරයට වී දොරගුලුලාගත් උසස් පෙළ පාසල් සිසුවෙකු පතොරන් තුවක්කුවකින් මුඛයට වෙඩි තබාගෙන මියගොස් ඇතැයි පරීක්ෂණ පවත්වන ගම්පොළ ඇත්ගාල පොලිසිය පවසයි. 25 June 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026