පියුමිට සම්බන්ධ කූරියර් ආයතනය ප්‍රකාශයක් දෙන්න බෑ කියයි ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිගේ රූපලාවන්‍ය ආයතනයේ ක්‍රීම් වර්ග ඇතුළු රූපලාවන්‍ය භාණ්ඩ බෙදාහරිනු ලබන කුරියයර් ආයතනයට ප්‍රකාශයක් ලබාදීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් කොට්ඨාසය මගින් කළ ඉල්ලීම එම ආයතනයේ ප්‍රධානීන් ප්‍රතික්ෂේප කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීයෙක් පැවැසීය. 23 June 2024
යාපනේ කෝවිලක පූසාරි ගැටුමක් යාපනය ප්‍රදේශයේ කෝවිලක දේපොළවලට හානි කර කාන්තාවකට පහර දුන් බව කියන පූසාරිවරයෙක් යාපනය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 23 June 2024
වේ ගඟේ ජල උමගක බිත්තියක් පුපුරයි කහවත්ත වේ ගග විදුලි බලාගාරයේ විදුලි උත්පාදනය සදහා ජලය මුදාහරින උමගක බිත්තියක් පුපුරා ජලය කාන්දුවිමට පටන් ගෙන ඇතැයි ගම්වාසීහු පවසති. 23 June 2024
පොලිසියට ඔත්තු දුන්නැයි කසිප්පුවා තිදරු පියා මරලා කසිප්පු පෙරන බට පොලීසියට තොරතුරු දුන්නායැයි සැකකර මරා වළ දැමූ බව කියන තිදරුපියකුගේ සිරුරක් මිද්දෙණිය පොලිසිය සොයා ගන්නා ලදී. 23 June 2024
තන්තිරිමලේ ආලෝක පූජාව අදත් බැති සිතින් ආරම්භ වේ විජය පුවත්පත් සමාගම 21 වන වරටත් ඓතිහාසික තන්තිරිමලේ පුදබිමේ පවත්වනු ලැබූ, ’ලංකාදීප පොසොන් ආලෝක පූජාවේ’ අවසන් දිනය වූ අද දින අති උත්කර්ෂවත් අන්දමින් මීට සුළු වේලාවකට පෙර ආරම්භ කෙරිණි. 23 June 2024
ඉරාන රැප් ගායක ටුමාජ්ගේ මරණ දඬුවම කල් යයි ඉරානයේ ප්‍රකට රැප් ගායකයකු වන ටූමාජ් සලේහිට නියම කළ මරණීය දණ්ඩනය අභියාචන විභාගය අවසන් වන තෙක් අත්හිටුවීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළ බව සලේහිගේ නීතිඥ අමීර් රයිසියාන් ප්‍රකාශ කළේය. 23 June 2024
සත්ව නිෂ්පාදන ආනයනය සීම කරයි කුරුළු උණ රෝගය වාර්තා වන කිසිදු රටකින් සතුන් හෝ සත්ව නිෂ්පාදන මෙරටට ආනයනය කිරීමට අවසර නොදෙන බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. 23 June 2024
සුළං විදුලි බලාගාර දෙකකට කොමිසමේ අනුමැතිය නෑ මන්නාරම සහ පුනරීන් ප්‍රදේශවල ඉදිරිකිරීමට නියමිත මෙගාවොට් 480 ක සුළං විදුලි බලාගාර ඉන්දියාවේ අදානි සමාගමට ප්රදානය කිරීමට අනුමැතිය දීම අත්හිටුවූ බව මහජන උපයෝගිතා කොමිසමේ උසස් නිලධාරියෙක් අද (23) පැවසීය. 23 June 2024
තව අවුරුදු 14 කින් ග්රහකයක් පෘථිවියේ හැපෙනවා තව අවුරුදු 14 කින්, එනම් 2038 වසරේ ජූලි 12 වැනිදා, දැවැන්ත ග්රහකයක් පෘථිවියේ හැපීමට ඉඩ ඇතැයි ඇමෙරිකාවේ නාසා ආයතනය පවසයි. 23 June 2024
තුවාල ලැබූ පලස්තීනුවා ජිප් රියේ ගැට ගහලා පලස්තීනුවන් වෙසෙන, බටහිර ඉවුරේ සිදු කළ වැටලීමකින් පසු, ඊශ්‍රායල හමුදාව, පහර දී තුවාල කර අල්ලා ගත් පලස්තීන ජාතික තරුණයකු හමුදා ජිප් රියක ඉදිරිපස ගැට ගසා ඔහු නගරය පුරා රැගෙන යන අයුරු දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍යවලට ලැබී ඇත. 23 June 2024
ජර්මන් නගරයක් පරෙවියන් මරන්නයි යන්නේ ජර්මනියේ කුඩා නගරයක සිටින පරෙවියන් සියලු දෙනා මරා දැමීමට, එම නගරයේ බලධාරීන් තීරණය කර තිබේ. ඒ, ජනමත විමසුමක් පවත්වා නගර වැසියන්ගේ කැමැත්ත ලබා ගැනීමෙන් පසුවය. 23 June 2024
සිසුවියට හදි කළ අට දෙනා රඳවා ප්‍රශ්න කරන්න අවසර හංවැල්ල ජල්තර ප්‍රදේශයේ දී 16 හැවිරිදි ශිෂ්‍යාවක් සමූහ දූෂණයට ලක්කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ඇයගේ පෙම්වතා බව කියන අයෙකු ඇතුළු තරුණයින් 08 දෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු පැය 48 ක කාළයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට හෝමාගම වැඩ බලන මහෙස්ත්‍රාත් ප්‍රියංකා මද්දුම පටබැඳි මෙනෙවිය අද (23) දින නියෝග කළාය. 23 June 2024
නිල ඇඳුම්-හැදුනුම්පත් අවභාවිත කළ කොස්තාපල් අත්අඩංගුවට සේවය අත්හැර යාමේ නියෝග නිකුත් කර සිටි ආධුනික පොලිස් කොස්තාපල්වරයෙකු නිල ඇඳුම් කොටස් භාර නොදී පොලිස් නිල හැඳුනුම්පත අවභාවිතා කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බව පිටකොටුව පොලිසිය කියයි . 23 June 2024
උඩරට දුම්රිය ධාවනය යථා තත්ත්වයට උඩරට දුම්රිය මාර්ගයේ ගලබඩ හා ඉඟුරුඔය දුම්රිය ස්ථාන අතර පෙන්රෝස් ප්‍රදේශයේදී දුම්රිය මාර්ගයට විශාල ගසක් කඩා වැටීම හේතුවෙන් අවහිරව පැවැති උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අද (23) දහවල් වනවිට යතාතත්ත්වයට පත් කිරීමට පියවර ගෙන ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි. 23 June 2024
බෙදන්න ගෙනා හාල් කිලෝ තිස්දහසක් ආපසු හරවා යවයි අඩු ආදායම් ලාභි පවුල් වලට බෙදාහැරිම සදහා රැගෙන විත් තිබු සහල් කිලෝ තිස්දහසකට ආසන්න ප්‍රමාණය මිනිස් පරිභෝජනයට සුදුසු මට්ටමක නොතිබිම නිසා ආපසු හරවා යැවිමට කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙ නිළධාරීන් කටයුතු කර තිබේ. 23 June 2024
මේ වසරේ සංචාරකයින් 966,604 ක් ලංකාවට ඇවිත් සංචාරකයින් 966, 604ක් වසරේ මේ දක්වා කාළය තුළ මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ජුනි මාසයේ මේ දක්වා පමණක් සංචාරකයින් 69825 ක් පැමිණ ඇතැයිද එම අධිකාරිය පවසයි. 23 June 2024
සිසුවාට පහරදුන් සිසුන් අටක් අත්අඩංගුවට පරසන්ගසවැව ප්‍රදේශයේ පාසලක අධ්‍යාපනය ලබන 15 හැවිරිදි සිසුවෙකුට මුඛයෙන් ලේ ගලන තුරුම පහර දුන්නේ යැයි කියන සිද්ධියකට එම පාසලේම සිසුන් අට දෙනෙකු අත්අඩංගුවට ගත්බව පරසන්ගස්වැව පොලිසිය කියයි. 23 June 2024
රාජකාරියට බාධා කළ පොලිස් සැරයන් අත්අඩංගුවට මහරගම පන්නිපිටිය ප්‍රදේශයේදී කලහකාරිලෙස හැසිරි පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට ද බාධා කළ පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය කියයි. 23 June 2024
ඊශ්‍රායලයට පරාජය හිමිවන බව ඉරානය කියයි ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය අතර යුද්ධයකදී ඇමෙරිකාව ඊශ්‍රායලයට අවශ්‍ය ආරක්ෂක සහාය ලබා දීමට තීරණය කර තිබුණත් එවැනි යුද්ධයකදී නිසැකවම ඊශ්‍රායලයට පරාජය අත්වන බව ඉරානය පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් අනතුරු ඇඟවූවේය. 23 June 2024
‘අභියෝග හමුවේ පැන යන්න එපා‘ අනාගත පරපුර වෙනුවෙන් තමා ලබා දෙන උපදෙස වන්නේ හොඳින් අධ්‍යාපනය ලැබීම, ප්‍රතිපත්ති ගරුක වීම සහ අභියෝග හමුවේ බිය නොවීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 23 June 2024
රක්ෂිතයක අනවසරයෙන් මැණික් ගැරූ හයක් අල්ලයි බගවන්තලාව මහඑළිය රක්ෂිතයේ පරිසර විනාශයක් කරමින් අනවසරෙන් මැණික් ගරමින් සිටි සැකකරුවන් හයදෙනෙකු මස්කෙලිය රිකාටන් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් අද (23) සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. 23 June 2024
සැරයන්ට පහරදුන් පිය-පුතු ඇතුළු තුනක් අත්අඩංගුවට පොල්පිතිගම කළුගල්ල ප්‍රදේශයේ ඉඩමක ගෝඩා අලෙවි කරන බවට ලද තොරතුරට අනුව ඒ සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිස් සැරයන් වරයෙකුට පොල්ලකින් පහර දුන් බව කියන කාන්තාවක සහ එකම පවුලේ තාත්තා සහ පුතා අත්අඩංගුවට ගත් බව පොල්පිතිගම පොලිසිය පවසයි. 23 June 2024
අවියක් සමග පාතාලයෙක් මාට්ටු අධිකරණ වරෙන්තු ගණනාවක් ඇති දකුණේ පාතාල කල්ලි සාමාජිකයකු ඇමරිකාවේ නිෂ්පාදිත ස්වයංක්‍රීය පිස්තෝල ගිනි අවියක් සහ එයට යොදන ජීව උණ්ඩ 10 ක් , හෙරෝයින් මිලි ග්‍රෑම් 2200 ක් ජංගම දුරකථනයක් සමග ගල්කිස්ස දූෂණ මර්දන ඒකකය මගින් බඩෝවිට 2 අදියරේදී අත්අඩංගුවට ගෙන ඇතැයි ගල්කිස්ස පොලීසිය පැවසීය. 23 June 2024
ගසක් වැටි බදුලු දුම්රිය ප්‍රමාදයි උඩරට දුම්රිය මාර්ගයේ ගලබඩ හා ඉඟුරුඔය දුම්රිය ස්ථාන අතර පෙන්රෝස් ප්‍රදේශයේදී දුම්රිය මාර්ගයට විශාල ගසක් අද (23) උදෑසන කඩා වැටීම හේතුවෙන් දුම්රිය මාර්ගය අවහිර වී ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි. 23 June 2024
මාර්ග අනතුරුවලින් හතක් මරුට: 15ක් රෝහල්වලට පොසොන් දින පසුදින දිවයිනේ ස්ථාන කිපයක සිදු වූ රිය අනතුරුවලින් පස් දෙනකු මියගොස් තවත් 15දෙනකු තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. 23 June 2024
තැනින් තැනට අදත් තද වැසි බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 23 June 2024
අනියම් පෙමින් ජීවිතයක් ජීවිතයක් අහිමි වෙයි අනියම් පෙමක පැටළුනු 41 වැනි වියේ පසු වූ අයෙකුට අද අළුයම් කාලයේදී කටුවන අමුදමන ප්‍රදේශයේදී පිහියකින් ඇන ඝාතනය කොට ඇතැයි කටුවන පොලීසිය පවසයි. 23 June 2024
ටෙලර් ස්විෆ්ට්ගේ ප්‍රසංගයට ගිහිල්ලා ලෝ ප්‍රකට ඇමෙරිකන් පොප් ගායිකා ටෙලර් ස්විෆ්ට්ගේ ප්‍රසංගයක් ලන්ඩන් නුවර පැවැත් වුණු අතර, බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරු ද එය නැරැඹීමට ගියේය. 23 June 2024
සියොන් දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ බලන්න ජනපති යයි පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට ලක් වූ මඩකලපුව සියොන් දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගියේය. 22 June 2024
’කෙසෙල්වත්තේ දෙනුවන්ගේ’ ගෝලයෙක් අත්අඩංගුවට ඩුබායි රාජ්‍ය තුල රැදි සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කෙසෙල් වත්තේ දෙනුවන් චතුරංග නැමැත්තා ගේ ගෝලයෙක් ලක්ෂ පහක අයිස් මත්ද්‍රව්‍ය සමග පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 22 June 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026