
(විමුක්ති එස් රුද්‍රිගු)
ඉන්දීය රුපියල් කෝටි 23 (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 80 ක් ) ක් පමණ වටිනා මී හරකෙකු පිළිබඳව ඉන්දියාවේ හර්යානා ප්‍රනතයෙන් වාර්තා වී ඇත.
අන්මෝල් ලෙස නම් තබා ඇති මෙම මී හරකා බරින් කිලෝ ග්‍රෑම් 1500 ක් වේ. අන්මෝල්ගේ ප්‍රියතම ආහාරවලට බිත්තර, කිරි සහ ආමන්ඩ්ද ඇතුළත්ය.
හර්යානා ප්‍රාන්තයේ කෘෂි කාර්මික ප්‍රදර්ශනවලටද අන්මෝල් ඉදිරිපත්වන අතර එම ප්‍රදර්ශනවලට පැමිණෙන්නන්ගේ නෙත් සොරා ගැනීමට අන්මොල් සමත්ව ඇත.අන්මෝල්ගේ දවසක ආහාර සඳහා රුපියල් 1500 ක මුදලක් වෙන්වන බවත් තෝරා ගත් ආහාර පමණක් අන්මෝල්ට ආහාරය සඳහා ලබාදෙන බවත් පැවැසෙයි.
අන්මෝල් දෛනිකව ආමන්ඩ් ග්‍රෑම් 250ක්, දෙළුම් කිලෝග්‍රෑම් හතරක්, කෙසෙල් ගෙඩි 30ක්, කිරි ලීටර් පහක් සහ බිත්තර 20ක් ආහාරයට ගනී. දෛනික ආහාරවලට අමතරව අන්මෝල් කේක්, හරිත ආහාර, ගිතෙල්, සෝයා බෝංචි සහ බඩ ඉරිඟු ද ආහාරයට ගනු ලබයි.
අන්මෝල්ගේ වියදම් දැරීම සඳහා අයිතිකරුට අන්මෝල්ගේ මව සහ නැගණිය විකිණීමට සිදුව ඇති බවද පැවැසෙයි. කෙතරම් අපහසුකම් තිබුණත් අන්මෝල්ගේ ජීවන රටාව අයිතිකරු වෙනස් නොකරන බවද සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ඉන්නවා ඊට වඩා වටිනා හොඳ කෙප්ප මී හරක්.
හරකෙක් අයිති, හරකෙක් ගැන දැනගත්තා.
මිළ කරපු එකයි, මිළදී ගන්න එකයි එකට තියලා කුඹුර හාමු..!
අමු මෝල්
"මව සහ නැගණිය විකිණීමට සිදු වී ඇත" මොකද්ද මේ කතාවේ තේරුම..?
මව සහ නැගෙනිය විකිණීමට සිදුවී ඇත කියන්නේ මීහරකෙකුට මීහරකෙක් හදාවඩා ගැනීමට මව හා නැගනිය ලෝකයේ පැරණිතම රැකියාවේ යෙදවීමට සිදුවුනා කියලාද?
සාටකයක් දාපු හරකෙක්.
මෙහෙත් ඒ පැත්තේ ඉඳන් මේ පැත්තට, මේ පැත්තේ ඉඳන් අර පැත්තට පැනපු මීහරක් බර ගාණක් උන්නා. කෝටි ගණන්වලට තමයි විකුණුනේ උනුත්... හැබැයි ඊයේ, පෙරේදා අපි සීයකට විතර පස්සට පයින් ගහලා පන්නලාම දැම්මා...!
පින් කරපු හරකෙක්...!
මේ හරකා අයිතිකරැට ධන උල්පතක්. මෙයාගේ ශුක්‍රානු ප්‍රජනන කටයුතු සදහා විකුනනවා.මම දන්නා විධියට ඒසදහා අදික ඉල්ලුමක් තිබෙනවා
ඉන්දියාවේ විතරයි ... මුන්ට පිස්සු
මව කියන්නේ අම්මා, නැගණිය කියන්නේ නංගී... කාගේ අම්මයි නංගියි ද.. හරකාගේ.. තේරුනේයි.
හැබැයි මෙතැනත් තඹ සතයක්වත් වටින්නේ නැති මී හරක් ගොන්නක්ම ඉන්නවා...