IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට

(සිතුම් චතුරංග)

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට කටයුතු කොට ඇතැයි වන්නි ආරක්ෂක අංශය පවසයි.

කඳවුරේ සෙබළුන් 20 කට ආසන්න ප්‍රමාණයකට ඉකුත් දා යම් උණ රෝගී තත්වයක් වැළදී ඇති බවත් අසාධ්‍ය වූ එක් සෙබලෙකු අංගොඩ උණ රෝහල වෙත ඇතුලත් කොට ඇති බවත් පැවසීය.

උණ රෝගයට ගොදුරු වු තවත් සෙබළුන් පිරිසක් රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇති බවත්, කඳවුර තුළ සිටින තවත් සෙබළුන් 500 කට ආසන්න ප්‍රමාණයක් සෞඛ්‍ය අංශ උපදෙස් මත කඳවුර තුළම නිරෝධායනය කිරීමට පියවර ගෙන ඇති බවත් වන්නි ආරක්ෂක අංශ පැවසීය.

පැතිර යන උණ රෝග තත්වය නිශ්චිතව හදුනාගැනීමට පරීක්ෂණාගාර වෙත යොමුකොට ඇති අතර  දින හතරක පමණ කාලයක සිට උණ රෝගය පැතිරීම සිදුව ඇති බවට මුලිකව පරීක්ෂණ වලදී අනාවරණය වී ඇති බවද මන්නාරම ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

මන්නාරම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වැඩිදුරටත් පැවසූයේ රෝගී තත්වය පාලනයට ගත හැකි සියළු ක්‍රියාමාර්ග එම කඳවුරේ යුද හමුදා සෞඛ්‍ය අංශ සහ සෞඛ්‍ය අංශ පියවරගෙන ඇති බවයි.

 



අදහස් (1)

උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට

Srinath priyantha karunarathna Monday, 18 November 2024 02:13 AM

ජනාධිපති තමයි මෙන්න මේ බටහිර විදිහ මාෆියාව තමයි ගෝඨාභය ගෙදර ඇරියේ... කොරෝනා කියන බොරුව ගෙනැල්ලා... කල්පනාවෙන් වැඩ කරන්න. මොවුන් තමයි ලංකාව කෑවේ...

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 736 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 361 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site