
(ටී.කේ.ජී.කපිල)
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක් ප්‍රමාද වීම්වලට ලක් වී ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවා ප්‍රකාශකවරයෙක් 1 පැවසීය .
සෑම ගුවන් යානයක්ම තම ගුවන් ගමන නිමා කිරීමෙන් පසු තාක්ෂණික ඇගැයීම් පරීක්ෂා කිරීමකට ලක් කෙරෙන අතර , එහිදී ඇතැම් ගුවන් යානාවල සිදු කළ යුතු අත්‍යාවශ්‍ය තාක්ෂණික නඩත්තු කිරීම් සදහා , තරමක කාළයක් ගත වන බවත් , ඒ අනුව මෙම ගුවන් යානා 03 එම තාක්ෂණික නඩත්තු කටයුතු සදහා යොමු කර ඇති බව ද එම ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය .
අද රාත්‍රී 06.35 ට ඉන්දියාවේ චෙන්නායි බලා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 123 දරන ගුවන් ගමන සහ යළිත් රාත්‍රී 10.15 ට චෙන්නායි සිට කටුනායක වෙත පැමිණීමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 124 ගුවන් ගමන අවලංගු කර තිබේ .
මීට අමතරව අද රාත්‍රී 10.10 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 196 දරන ගුවන් ගමන සහ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට අද දින රාත්‍රී 10.20 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිත ගුවන් ගමන ද අවලංගු කර තිබේ .
මේ පිළිබඳ ශ්‍රී ලන්කන් ගුවන් සේවය , මෙම ගුවන් යානා වලින් ගමන් පහසුකම් සළසා ගන්නා මගීන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇති අතර , කඩිනමින් මෙම ගුවන් ගමන්වල නිරත වීමට අවශ්‍ය ගුවන් මගීන් , වෙනත් විකල්ප ගුවන් යානා මගින් , එම ගමනාන්තයන් වෙත යොමු කිරීමට ද ශ්‍රී ලන්කන් ගුවන් සේවය පියවර ගෙන තිබේ .
එසේම මෙම ගුවන් යානා තාක්ෂණික දෝෂ වලට ලක් වීම නිසා , හෙට දින අලුයම 12.00 න් පසු ක්‍රියාත්මක වීමට නියමිත තවත් ශ්‍රී ලන්කන් ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කිරීමට සහ ප්‍රමාද වීමට නියමිත අතර , ඒ ගුවන් ගමන් පිළිබඳ කාළසටහන මේ වනතෙක් ප්‍රකාශයට පත් කර නොමැත .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිස්ටම් එක වෙනුවට මුහුණු වෙනස් වුණා . ලස්සනයි... ගොඩක් හොඳයි.
මේ පරණ හුචක්කු ගුවන් යානා පංචිකාවත්තේ යකඩ කඩ වලට රුපියල් කිහිපයකට හෝ විකුණා දමන්න. ඔවුන්ට එපා නම්, යක්කල වානෙ සංස්ථාවට පිනට හෝ දීලා, කුළියට හෝ යානා ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එක්කර මගීන්ට යහපත්, උසස් සේවයක් ලබාදීමට රජය පියවර ගතයුතු වෙනවා... මේවා වැඩිය තිබෙන්නේ උඩුගුවනට වඩා මහ පොළොව මත කියා මගේ ආච්චි සීයා එක්ක කියනවා මට ඇහුණා...
බිම ඇනෙන්නවත් හොම්බක් නැතිවුණාට පස්සේද අලුත් පාලකයෝ මේ සම්බන්ධයෙන් ගත යුතු පියවර ගන්නේ. මෙයින් කියැවෙන්නේ මහජන බදුමුදල් නීත්‍යානුකූලව ගසා කෑමකි. හොරාට පාඩු නොගෙවා ඉන්න එකයි... මෙහෙම බදුමුදල් විනාශයයි... අතරේ කිසිම වෙනසක් නැහැ.
මේවා බල බලද අලුත් වෙනසක් වෙනුවෙන් ඉවසන්න කියන්නේ
විකුණන්නෙත් නැතිලු. අලුත් ගුවන්යානා ගන්න සල්ලිත් නැතිලු. මේවායින් වෙන පාඩුව ගෙවන්නේ අමාරුවෙන් ඉතුරු කරගත්ත ඩොලර් සංචිතයෙන්ද?
මෙය මගීන්ට වෙනත් ගුවන් සමාගම් තෝරා ගැනීමට නැඹුරු වේ. එබැවින් එය "ශ්‍රීලංකන්" ගුවන් සේවයට විශාල පාඩුවක් වනු ඇත. මගේ පුතාට විශ්වවිද්‍යාලයේ අවසන් විෂයට පෙනී සිටීමට කෙටි සංචාරයක් සඳහා නැවත ලංකාවට පැමිණීමට අවශ්‍ය විය. ඔහුගේ වත්මන් නගරයෙන් සෘජු ගුවන් ගමන ශ්‍රීලංකන් ගුවන් සේවය පමණි. ශ්‍රීලංකන් වෙනුවට ඔහු තෝරා ගත්තේ එක් සංක්‍රමණ ස්ථානයක් සහිත "එතිහාඩ්" ගුවන් සේවයයි. ඔහු ශ්‍රී ලංකාවට පැමිණීමට ගුවන් තොටුපළට පැමිණි විට ඔහු දුටුවේ එදින "ශ්‍රීලංකන්" ගුවන් යානය අවලංගු කර ඇති බවයි. එබැවින් "ශ්‍රීලංකන්" තෝරා නොගැනීම ගැන සතුටු වන බව ඔහු පැවසීය. මෙයින් අදහස් කරන්නේ ඔබට දැන් ශ්‍රී ලංකන් ගුවන් සේවය මත විශ්වාසය තැබිය නොහැකි බවයි. පසුගිය දින කිහිපය තුළ ශ්‍රීලංකන් ගුවන් සේවා කොපමණ ප්‍රමාණයක් අවලංගු කර තිබේද? ගොඩාක් දුකයි.