
(විමුක්ති එස් රුද්‍රිගු)
පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්‍රකාශ කළේය.
දස්කා නගරයේ කොට්ලි මාර්ලන් ගම්මානයේ විසූ 26 හැවිරිදි සෙහෙරා කදීර් නම් ගැබිණි කාන්තාවක් මෙලෙස ඝාතනය වී ඇතැයි පාකිස්තාන පොලිසිය පැවැසුවේය.
ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කරනු ලැබ ඇති බවට මූලික විමර්ශන වලින් කරුණු අනාවරණය වී ඇතැයි පකිස්තාන පොලිසිය ප්‍රකාශ කළේය. ඇයට අවුරුදු දෙක හමාරක පුතෙකුද සිට ඇති බවද පාකිස්තාන පොලිසිය සඳහන් කළේය.
ඝාතනය කිරීමෙන් පසු සැකකරුවන් සෙහෙරාගේ සිරුර කොටස් 25 කට කපා එම කොටස් බෑග්වලට දමා ඇළකට විසිකර ඇති බවත් සිරුර හඳුනා ගත නොහැකි වීමට හිස කඳින් වෙන්කර ඇති බවත් පාකිස්තාන පොලිසිය පැවැසුවේය.
පුද්ගලික ආරවුලක් මත සැකකරුවන් මෙම ඝාතනය කර ඇති බවට විශ්වාස කළ හැකි බවත් අත් අඩංගුවට ගත් සැකකරුවන් වරද පිළිගෙන ඇති බවත් පාකිස්තාන පොලිසිය ප්‍රකාශ කළේය.
වරද පිළිගත්තත් මෙම ඝාතනය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කරන බවත් එහිදී මෙම ඝාතනය සම්බන්ධ වැඩි දුර තොරතුරු හෙළිකර ගත හැකි බවත් පාකිස්තාන පොලිසිය පැවැසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම යක්ෂණියන්ගේ ක්‍රියාවන් මොකටද?
මෑතකදි පාකිස්ථාන් ගාමන්ට් එහි වැඩ කළ ලාංකිකයෙක් කෘර ලෙස පහර දී ඝාතනය කර පුළුස්සා දැම්මා... වැරැදි කාරයින්ට අද වනවිටත් දඬුවමක් ක්‍රියාත්මක නැත.
විදෙස් රටවල සිදුවන මෙවැනි කෘර ඝාතන සම්බන්ධ දේවල් කුමටද? එවැන්නකින් සමාජයට ගතහැකි දෙයක් තිබේද?