ලොහාන්ගේ ඇප පෙත්සම 19ට කල් යයි මිරිහානේ සිය බිරිඳගේ නිවසේ තිබී ලියාපදිංචි නොකළ මෝටර් රථයක් සොයා ගැනීමේ සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තමා ඇප මත මුදා හරින්නැයි ඉල්ලා හිටපු රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්ත මහතා ගොනු කළ පෙත්සම සම්බන්ධයෙන් ලබන 19 වැනිදා කරුණු දක්වන ලෙස එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින පොලිස්පතිවරයා ඇතුළු පිරිසට අභියාචනාධිකරණය අද (11) නොතිසී නිකුත් කළේය. 11 November 2024
පෙළපාලි ගිය හරීන්ට පොලිසියෙන් පොල්ලක් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් කණ්ඩායම් නායක සහ හිටපු අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා විසින් සංවිධානය කළ නීති විරෝධි මැතිවරණ ප්රචාරක කටයුත්තක් නවතා දැමීමමට බදුල්ල මැතිවරණ ආරවුල් නිරාවණය මධ්‍යස්ථානය හා බදුල්ල පොලිසිය අද කටයුතු කළේය. 11 November 2024
රට ගොඩනගන බව සජිත් කියයි බොරු පොරොන්දු දේශපාලනය වෙනුවට ඉදිරි මහමැතිවරණයෙන් පසු යථාර්තවාදී වැඩපිළිවෙලක් සමග රට ගොඩනගන බව සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මහමැතිවරණය වෙනුවෙන් පැවැත්වෙන අවසන් ප්රචාරක රැළි සඳහා එක්වෙමින් අද(11) පැවසීය. 11 November 2024
සුජීවගේ වාහනය අධිකරණයට ඉදිරිපත් කරන්න කියයි සුජීව සේනසිංහ මහතාට අයත් රුපියල් කෝටි 10ක් වටිනා ප්‍රශ්නගත V8 සුඛෝපභෝගී මෝටර් රථය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු බාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද (11) නියෝග කළේය. 11 November 2024
මෙදා ඡන්දෙට සුළඟිල්ලට විවේකයක් මෙවර මහ මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමේදී වම් අතෙහි දබරැගිල්ලේ තීන්ත ආලේපනය කිරීම සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජෙනරාල් සමන් රත්නායක මහතා පැවසීය. 11 November 2024
මහ ඡන්දයේ පැමිණිලිවල වැඩිවීමක් මහ මැතිවරණට අදාලව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 2580ක් දක්වා වැඩි වී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි. 11 November 2024
තවලම ධම්මික හිමිට ආශිර්වාද පතා සෙත් පිරිත් දේශනාවක් ධර්මකීර්ති ශ්‍රී භාෂාන්තර විශාරද ගෞරව නාමයෙන් සහ ස්විස්ටර්ලන්තයේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලබන තවලම ධම්මික හිමියන් වෙත ආශිර්වාදය පළ කිරිමේ සෙත් පිරිත් දේශනාවක් කොළඹ නව කෝරලයේ ප්‍රධාන අධිකරණ සංඝනාක උපාධ්‍යාය ආචාර්ය අතිපූජ්‍ය දිවියාගහ යසස්සී නායක හිමියන්ගේ අනුශාසනා පරිදි 2024 නොවැම්බර් 23 දින පස්වරු 5 ට ගල්කිස්ස වටරප්පල පාරේ බෞද්ධ ආයතනයේ දී පැවැත්වේ. 11 November 2024
ලග්ගල මැණික් ව්‍යාපාරිකයෙකුගේ කෝටි 7ක් කොල්ල කාලා ලග්ගල දේවාලදෙණිය ප්‍රදේශයේ කෝටිපති මැණික් ව්‍යාපාරිකයෙකුගේ නිවසට ඇතුළු වු නාදුනන පස් දෙනෙකු කෝටිපති ව්‍යාපාරිකයා බිරිඳ සහ ව්‍යාපාරිකයාගේ පියාගේ දෑත් දෙපා ගැටගසා රුපියල් කෝටි හතක් පමණ වටිනා මැණික් ස්වර්ණාභරණ සහ මුදල් මෙන්ම මෝටර් රථයක් පැහැරගෙන ගොස් ඇතැයි ලග්ගල පොලිසිය කියයි. 11 November 2024
ගාලු මුවදොරේ වාහනයට හිරිහැරේ කොළ පැහැති ඇඳුමකින් සැරසුණු කණ්ඩායමක් කොළඹ ගාලු මුවදොර පිටියේ වාහන ගාල් කිරීම සඳහා හිතුමතේ විවිධ ගාස්තු අය කිරීම හේතුවෙන් ජනතාව දැඩි දුෂ්කරතාවයට පත් වෙති. 11 November 2024
දේශබන්දුගේ අයිතිවාසිකම් පෙත්සම විභාගයට දින දෙයි දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයට පත් කිරීමට එරෙහිව ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් ලබන වර්ෂයේ මාර්තු 24 සහ 25 වැනි දිනයන්හි විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළේය. 11 November 2024
එක් දරු මව නිවසේදී ඝාතනය කරලා මුන්දලම මහමාඑළිය ප්‍රදේශයෙ එක් දරු මවක් ඝාතනය කර සිරුරු නිවස තුළ තිබියදී සොයා ගත් බව මුන්දලම පොලිසිය කියයි. 11 November 2024
ත්‍රිපෝෂ සමාගම ගැන ආණ්ඩුවෙන් පැහැදිලි කිරීමක් ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම ඈවර කිරීම සඳහා කිසිදු සැලසුමක් හෝ ක්‍රියාමාර්ගයක් නොගන්නා බව මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන සැලසුම් හා සංචාරක අමාත්‍යාංශය පවසයි. 11 November 2024
යකඩ මුඟුරකින් පහරදී අයෙක් මරලා පතල් වැඩපලක සේවය කරන ලද දෙදෙනෙකු අතර ඇතිවු බහින් බස් විමක් දුර දිග ගොස් පුද්ගලයෙකුට යකඩ මුගුරකින් හිසට පහරදි ඝාතනය කර ලද පුද්ගලයෙකු අත් අඩංගුවට ගත් බව සිරිපාගම පොලිසිය පවසයි. 11 November 2024
කොමිසමෙන් මාධ්‍යටත් කොන්දේසි රැසක් නොවැම්බර් 14 දා පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේ ප්රචාරක කටයුතු තහනම් නිහඬ කාල සීමාව අද (11) මධ්‍යම රාත්‍රි 12.00 න් ආරම්භවන අතර එයින් පසු මැතිවරණයේ ප්රචාරක කටයුතු නොකළ කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කරයි. 11 November 2024
වරදාන වරප්‍රසාද නම්බුනාම දේශපානයේ දී සැළකිල්ලට ගන්නේ නෑ දේශපාලන දර්ශනය සහ ප්‍රතිපත්ති සිය දේශපාලන දිවියේ ඉදිරියේ ඇති බවත් තනතුරු වරදාන වරප්‍රසාද නිලතල නම්බුනාම සහ මුදල් දේශපාලනයේ දී සැළකිල්ලට ලක් නොකරන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බදුල්ල දිස්ත්‍රික් අපේක්ෂක හිටපු අමාත්‍ය තේනුක විදානගමගේ මහතා පැවසීය. 11 November 2024
රියදුරුගෙන් සල්ලි බලෙන් ගත් සැරයන් අත්අඩංගුවට බලපත්‍ර නොමැතිව උණ බට ප්‍රවාහනය කිරීම සහ නියමිත පන්තියට අදාල බලපත්‍රයක් නොමැතිව වාහනයක් ධාවනය කිරීම සම්බන්ධයෙන් නිත්‍යානුකූලව කටයුතු නොකර සිටීම සඳහා රුපියල් 1500 මුදලක් බලෙන් ලබාගත් බව කියන පොලිස් සැරයන් වරයෙකු අත්අඩංගුවට ගත් බව නිකවැරටිය පොලිස් අධිකාරී කාර්යාලය කියයි. 11 November 2024
කෝටිපතියෝ මෙදා ඡන්දෙට පස්ස ගහලා කෝටිපති ව්‍යාපාරිකයන් ඇතුළු විවිධ දානපතීන් මැතිවරණ අපේක්ෂකයන්ගේ ඡන්ද වැඩ වලට උදව් කිරීම සියයට 70කින් පමණ පහත බැස ඇතැයි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසයි. 11 November 2024
පියා පැදවූ රියේ ගැටී දරුවා මරුට පියා පැදවූ ජිප්රථයක ගැටී වයස අවුරුදු තුනක පිරිමි දරුවෙකු මියගොස් ඇතැයි මරදාන පොලිසිය පවසයි. සිද්ධියෙන් මියගොස් ඇත්තේ මරදාන දුම්රිය නිවාස හි පදිංචි විහඟ සත්සර නැමැති දරුවකු බව පොලිසිය සඳහන් කරයි. 11 November 2024
ඡන්දෙ නිහඬ කාලය අද ඉඳන් මහ මැතිවරණයේ සියළු ප්රචාරක කටයුතු අද ( 11 ) සඳුදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි. 11 November 2024
උතුරට සහ උතුරු මැදට අදත් වැසි උතුරු සහ උතුරු - මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි 11 November 2024
බාල වයස් කරුවකට කසිප්පු පෙවූ පින්තාරු ශිල්පියා මාට්ටු 9 හැවිරිදි කුඩා දරුවකුට බලහත්කාරයෙන් කසිප්පු පෙවූ බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි. 11 November 2024
නවසීලන්තය ලකුණු 5 ක තියුණු ජයක් ලබයි සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග දෙකකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද (10) රාත්‍රී පැවැති අවසන් තරගයෙන් නවසීලන්ත ක්‍රීඩකයෝ ලකුණු 5 ක තියුණු ජයක් ලැබීමට සමත් වූහ. 10 November 2024
සෙලෙන්ස්කි කණස්සල්ලෙන් ඇමෙරිකාවෙන් ලැබෙන ආධාර නතරවේ යැයි යුක්රේන ජනපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි කණස්සල්ලෙන් පසුවෙද්දී රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් ඇමෙරිකාවේ නව ජනපති ලෙස තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් සමග සාකච්ඡා කිරීමට සූදානම් සිටින බව විදෙස් මාධ්‍ය පසුගියදා වාර්තා කළේය. 10 November 2024
හොර ඒජන්සිකරුවෙක් මාට්ටු නිසි අවසරයකින් තොරව මීරිගම නගරයේ විදේශ රැකියා නියෝජිත ආයතනයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙක් විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගෙන මීරිගම පොලිසිය වෙත භාරදෙනු ලැබීය. 10 November 2024
රෝහිත කඳුළු සලයි හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා අද පස්වරුවේ කළුතර පැවතී මැතිවරණ වේදිකාවකදී කඳුලු සලමින් සංවේදී විය. 10 November 2024
නවසීලන්තය ලකුණු 108 යි සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග දෙකකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන අවසන් තරගයේ පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත පිල ඕවර 19.3කදී ලකුණු 108 කට සීමාවිය. 10 November 2024
මත්පැන් සමාගම්වලට අවසන් නිවේදනය මත්පැන් නිෂ්පාදකයන්ට හිඟ බදු ගෙවීම සඳහා අවසන් කාලයක් සුරා බුදු දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. 10 November 2024
ආරක්ෂක ලේකම් ආරුගම්බේ යයි ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා අම්පාර අරුගම්බේ ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක අද නිරත විය. 10 November 2024
විදුලි ගාස්තු අඩු කරන්න තවත් සති දෙකක් ඉල්ලයි ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු අඩු කිරීමට අදාල යෝජනා ඉදිරිපත් කිරීමට මහජන උපයෝගිතා කොමිසමෙන් තවත් සති දෙකක කාලයක් ඉල්ලා සිටි බව එම මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය. 10 November 2024
‘‘දේශපාලන සිරකරුවන් නිදහස් කරනවා‘‘ දේශපාලන සිරකරුවන් නීතිපති උපදෙස් මත නිදහස් කිරීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වව්නියාවේදි අද පැවසීය. 10 November 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026