ඊලොන් මස්ක්ට ට්‍රම්ප් නව රජයේ තනතුරක් තමන්ගේ නව කැබිනට් මණ්ඩලයේ, කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස බිලියනපති ව්‍යාපාරික ඊලොන් මස්ක් පත් කරන බව ඇමෙරිකා ජනාධිපති ලෙස තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. 13 November 2024
කොකේන් ගිල පැමිණි විදේශිකයා ගුවන් තොටේදී මාට්ටු කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් ගුලි වශයෙන් සකස් කර , ඒවා ගිල දමා පැමිණි සියරාලියෝන් ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හරිත මාවත ’’ ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටතට යාමට තැත් කරමින් සිටියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 13 November 2024
ඡන්ද පෙට්ටි බෙදීම අරඹයි මහ මැතිවරණයට අදාළව ඡන්ද පෙට්ටි සහ සියලුම ලිපිද්‍රව්‍ය නිකුත් කිරීම දිවයිනේ පරිශ්‍ර 49කදි අද උදේ ආරම්භ කෙරුණු බව මැතිවරණ කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය. 13 November 2024
මත් ජාවාරමාගේ ගෝලයෝ ‘අයිස් ‘ සමඟ අල්ලයි විදේශ ගතව සැගව සිටින සංවිධානාත්මක අපරාධ හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන දිප්පිටිගොඩ ශක්තිගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රධාන ගෝලයකු හා තවත් පුද්ගලයෝ තිදෙනෙක් ලක්ෂ තිහකට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය සමග විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. 13 November 2024
ඇමැති බංගලාවලට හමුදා රැකවල් රජයට බාරයට ගත් හිටපු අමාත්‍යවරුන් පාවිච්චි කළ නිල නිවාසවල ආරක්ෂාවට ඊයේ (12) යුද හමුදාව යෙදවූ බව අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ අධිකරණ අමාත්‍යාංශය පවසයි. 13 November 2024
සුජිවගේ වාහනය පූට්ටු කළේ මාරක රිය අනතුරින් පසුවද එකලස් කළා යැයි කියන සුජීව සේනසිංහ මහතාට අයත් රුපියල් කෝටි 10 ක් පමණ වටිනා සුඛෝපභෝගී V8 වර්ගයේ මෝටර් රථය අධිකරණ භූමියේ රඳවා තැබීමට පසුකම් හෝ ඉඩ නොමැති බැවින් අධිකරණ භූමියේ නියෝග මත ආරක්ෂාව සහිතව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය ඊයේ(12) නියෝග කළාය. 13 November 2024
බෙංගාල බොක්කේ අඩු පීඩනයක් නිසා පළාත් කිපයකට වැසි නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇතැයි කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 13 November 2024
හිමිනමට පහරදී කප්පම් ගත් තරුණයෝ දෙකක් මාට්ටු දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට අනුබද්ධිත විහාරස්ථානයක, විහාරාධිපති ස්වාමීන් වහන්සේ නමකට, පහරදී මරණ තර්ජන කර වසරකට ආසන්න කාලයක් වරින් වර රුපියල් තුන්ලක්ෂ හතලිස් පන්දාහක මුදලක් බලහත්කාරයෙන් කප්පං ලබාගත් කියන සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව කොට්ටාස අපරාධ විමර්ශන අංශය සඳහන් කරයි. 13 November 2024
සනත්ගේ බංගලාව බාරදෙයි හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට ලබාදී තිබූ බංගලාව සිහිකැඳවීම් ගණනාවකින් පසු රජයට ඊයේ(12) බාර දුන් බව අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය පවසයි. 13 November 2024
මෙරට නිල සංචිත ඉහළට මෙරට නිල සංචිත පසුගිය ඔක්තෝබර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 6.46 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ෆිච් රේටින්ග්ස් සමාගම ප්‍රකාශ කළේය. 12 November 2024
ගම්පහත් සූදානම් දිවයිනෙහි වැඩිම පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව වන 19 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් තෝරා පත්කර ගැනීම සඳහා පාර්ලිමේන්තු මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්කයේ සියලු කටයුතු සූදානම් බව දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරී, ගම්පහ දිසාපති ලලින්ද ගමගේ මහතා සදහන් කළේය. 12 November 2024
නව පාර්ලිමේන්තුව 21 රැස් වේ දස වැනි පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා පෙරවරු 10.00 ට රැස්වීමට නියමිතය. මීට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊයේ (12) නිකුත් කරනු ලැබීය. 12 November 2024
ලබන 30 පෙර ගිනි අවි දෙන්න කියයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්, විවිධ දේශපාලන පක්ෂ නායකයින් හා දේශපාලන සංවිධාන වලට මෙන්ම රජයේ විධායක තනතුරු දැරූ නිලධාරීන්ට විවිධ කාලවකවානුවලදී නිකුත් කෙරුණු ගිනිඅවිද ලබන මස 30 වැනිදාට පෙර ළඟම ඇති පොලිසිවලට බාර දෙන ලෙස ලෙස ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දී ඇත. 12 November 2024
ඡන්දේ ආරක්ෂාවට අනූදහසක බල ඇණියක් පොලිසිය ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරීන් අනූදහසක් දිවයිනපුරා පාර්ලිමේන්තු මැතිවරණය විශේෂ රාජකාරි සදහා යෙදවීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවැසීය. 12 November 2024
රත්නපුර ඡන්ද මධ්‍යස්ථාන අටක් වෙනත් තැන්වලට කඨින පිංකම් හේතුවෙන් රත්නපුර මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද මධ්‍යස්ථාන අටක් වෙනත් ස්ථානවල ස්ථාපිත කළ බව රත්නපුර දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් සුරංග අඹගහතැන්න මහතා අද (12) දා රත්නපුරේ දි පැවසීය. 12 November 2024
මහනුවර සැප වාහන හිමිකරු පොලිසිය මඟහරි රුපියල් කෝටි ගණනක් වටිනා වාහන දෙකක් නීති විරෝධී ආකාරයෙන් තබා ගෙන සිටි බව කියන මහනුවර ප්‍රදේශයේ වාහන අලෙවි ආයතනයක හිමිකරුවකුට රටින් පිටවීම තහනම් කරමින් මහනුවර මහේස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය අද (12) තහනම් නියෝගයක් නිකුත් කළාය. 12 November 2024
දොස්තරට සුද්දයක් දුන් හතරක් හඳුනා ගනී:ජනඅරගල අපෙක්ෂිකාව සහ සැමියාට ඇප බම්බලපිටිය සම්බාන මධ්‍යස්ථානයට පැමිණි වෛද්‍යවරයෙකු බියගන්වා රුපියල් දස ලක්ෂ පහළොස් දහසක් ඔන්ලයින් ක්‍රමයට කොල්ල කෑ බව කියන සිද්ධියේ සැකකරුවන් සිව් දෙනකු පැමිණිලිකරු විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දී අද (12) හඳුනා ගත්තේය. 12 November 2024
මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකගේ ඉල්ලීම විසි වේ රුපියල් කෝටි 355 ක වැට් බදු මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තමන්ට නියම කර ඇති මාස 06 ක සිරදඬුවම බලරහිත කර තමන්ට ඇප නියම කරන්නැයි ඉල්ලා ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන රන්දෙව් දිනේද්‍ර ජෝන් නමැත්තා කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අභියාචනාධිකරණය පෙත්සම විභග කිරීමට අද (12) තීරණය කළේය. 12 November 2024
අයි.ඩී. කාර්යාලයත් අනිද්දා වහලා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මැතිවරණ රාජකාරිවලට අනියුක්ත කර ඇති බැවින් මැතිවරණ දිනය වන අනිද්දා (14) එම දෙපාර්තමේන්තුවේ එක්දින සේවාව ඇතුළු සියලුම මහජන සේවා ක්‍රියාත්මක නොවන බව වැඩ බලන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් එම්. එස්. පී. සූරියප්පෙරුම මහත්මිය පැවසුවාය. 12 November 2024
ප්‍රංශ රැකියා පෙන්වා මුදල් ගැරූ අපේක්ෂකයෙක් අල්ලයි ප්‍රංශයේ රැකියාවකට යවන බව පවසමින් පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 5 ක් වංචා කළ බව කියන මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වී සිටින අපේක්ෂකවරයකු අද (12) අත්අඩංගුවට ගත් බව යාපනය පොලිසිය පවසයි. 12 November 2024
මහ මැතිවරණයට විදෙස් නිරීක්ෂකයෝ ඇවිල්ලා පාර්ලිමේන්තු මහ මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයෝ 10 දෙනෙක්ගෙන් සමන්විත කණ්ඩායමක් මෙරටට පැමිණ සිටිති. 12 November 2024
මිතුරාගේ උදලු පහරින් මිතුරා මරුට අනුරාධපුර, විජේපුර ප්‍රදේශයේ පෞද්ගලික ආයුර්වේද ප්‍රතිකාර මධ්‍යස්ථානයක් අසල නිවසක් තුළ අද (12) උදැල්ලකින් පහරදී පුද්ගලයෙකු ඝාතනයට ලක් කර ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි. 12 November 2024
විදුහල්පතිගේ සමුදිමේ පාටියට කොල්ලෝ කසිප්පු ගෙනල්ලා ගලිගමුව කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයට අයත් මහා විද්‍යාලයක විදුහල්පතිවරයෙක් අද( 12 ) විශ්‍රාම ගැනීම ප්‍රීතිය නිමිත්තෙන් සාදයක් පැවැත්වීමට කසිප්පු ගෙනවිත් ලාච්චුවක සඟවා සිටියේ යැයි කියන උසස් පෙළ සිසුන් තිදෙනෙක් පොලිස් භාරයට ගෙන තිබේ. 12 November 2024
“පුත්තලමේ ජන්ද රාජකාරි වලට නිළධාරීන් 9,229 ක් මහ මැතිවරණයේ පුත්තලම දිස්ත්‍රික් ජන්ද විමසිම සදහා 9,229 ක රජයේ නිළධාරින් ඇතුළු කාර්ය මණ්ඩලයක් යෙදවිමට කටයුතු යොදා ඇති බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් හා තේරීම් භාර නිළධාරි එච්.එම්.එස්.පි.හේරත් මහතා පවසයි. 12 November 2024
මැතිවරණයේ විපරමට විදෙස් නිරීක්ෂකයෝ 22 ක් පාර්ලිමේන්තු මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා රුසියාව තායිලන්තය ඇතුළු රටවල් රැසකින් විදෙස් නිරීක්ෂකයෝ 22 දෙනෙක් පැමිණ සිටිති. 12 November 2024
ඉන්දීය ධිවරයෝ 12ක් අත්අඩංගුවට මෙරට මුහුදු සීමාවේ අනවසරයෙන් ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවරයෝ 12 දෙනකුයාත්රාවක් ද සමග නාවික හමුදාව විසින් අද (12) අත්අඩංගුවට ගනු ලැබූහ. 12 November 2024
විල්පත්තු කැලේ ඉස්සන් වගාවේ තහංචිය තව කල් දමයි විල්පත්තුව වෙඩිතලතීව් රක්ෂිත වනාන්තරයෙන් අක්කර 168 ක් ඉස්සන් ගොවිපලක් නිර්මාණය කිරීම සඳහා මුදා හැරීමට නියම කරමින් වනජීවී අමාත්‍යාංශය නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළකාලමින් පනවා තිබු අතුරු තහනම් නියෝගය ලබන වර්ෂයේ ජූලි 29 වන්දා දක්වා දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (13) නියෝග කළේය. 12 November 2024
ඡන්ද පෝස්ටර් සමඟ දෙන්නෙක් මාට්ටු මැතිවරණ ප්රචාරක කටයුතු අවසන් වීමෙන් පසු කින්නියා ප්‍රදේශයේ දේශපාලන පක්ෂ දෙකක කාර්යාලවල තබාගෙන තිබු නීති විරෝධී ප්රචාරක පෝස්ටර් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අද (12) අත්අඩංගුවට ගත් බව කින්නියා පොලිසිය කියයි . 12 November 2024
ජාතික ක්‍රිකට් පිලේ උපදේශක පුහුණුකරු නීල් මැකෙන්සි ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය සඳහා තාවකාලික උපදේශක පුහුණුකරු ලෙස හිටපු දකුණු අප්‍රිකානු පිතිකරු නීල් මැකෙන්සි මහතා පත්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසීය. 12 November 2024
ඡන්දෙට ගම යන ගමන අතරමගින් නතර වේ කුඩා දරු දෙදෙනෙකු ඇතුළු අඹුසැමි යුවළක් ගමන් ගත් ත්‍රී රෝද රථයක් හොරණ ගෝනපොළ ප්‍රදේශයේදී ලොරියක ගැටීමෙන් කාන්තාව මියගොස් අනෙක් සියලුම දෙනා බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි. 12 November 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026