හිතුමතේ මැතිවරණ ප්‍රතිඵල ප්‍රචාරය තහනම් පසුගිය මැතිවරණ වලදී සමහර මාධ්‍ය ආයතන ප්‍රාදේශීය නියෝජිතයින්ගෙන් ලබාගත් නිල නොවන ප්‍රතිඵල විකාශයෙන් මැතිවරණ ප්‍රතිඵල කෙරෙහි මහජන විශ්වාසය බිඳවැටීමට තුඩුදුන් හෙයින් මෙවර එලෙස නොකරන්නැයි මැතිවරණ කොමිසම ඉල්ලා සිටී. 13 November 2024
ඇමැති බංගලා විදෙස් සංචාරකයන්ට? ඇමැතිවරුන්ගේ බංගලා සංචාරක නිවස ලෙස යොදා ගන්නැයි ඉදිරිපත් වී ඇති යෝජනාවක් ගැන රජයේ අවධානය යොමු වී ඇත. 13 November 2024
උඩරට දුම්රිය ධාවනය යථාතත්වයට උඩරට දුම්රිය මාර්ගයේ ඔහිය ඉදල්ගස්හින්න සහ පට්ටිපොළ ප්‍රදේශයේ දී පස්කදු ගල්පර්වත කඩා වැටීමෙන් අවහිර වී තිබූ කොළඹ කොටුව බදුල්ල අතර දුම්රිය ධාවනය අද (13) පස්වරුවේ සිට යලි යථාතත්වයට පත් කළ බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි . 13 November 2024
පළමුවරට මුහුදු ගිය ධීවරයා මරුට හික්කඩුව ධීවර වරායෙන් ඉකුත් (09)වන දින මුහුදු ගිය බහුදින යාත්‍රාවක ධීවරයෙකු මුහුදේ දී මියගොස් ඇති අතර ඔහුගේ මළ සිරුර අද(13)වැනි දින හික්කඩුව ධීවර වරාය වෙත ගෙන එනු ලැබීය. 13 November 2024
මෙරට අංශ කිහිපයක සංවර්ධනයට නෙදර්ලන්ත මහාචාර්ය සහය මෙරට කෘෂිකර්ම, අධ්‍යාපන, සංචාරක සහ රාජ්‍ය සේවයේ ප්‍රවර්ධනය වෙනුවෙන් අවශ්‍ය තාක්ෂණික සහය සහ මූල්‍ය පහසුකම් ලබා දීමට නෙදර්ලන්ත රජයේ අවධානය යොමුව තිබේ. 13 November 2024
කිරිමැටි වලේ නාදුනන මළසිරුරක් කළුතර දෙදියවල ප්‍රදේශයේ කරවලදූව පාලම අසල කිරිමැටි වලක තිබී අද(13)වැනි දා සැකසහිත මළසිරුරක් හමුවූ බව කළුතර උතුර පොලිසිය පවසයි . 13 November 2024
පුංචි පාර්ලිමේන්තුවට ලොකු පාර්ලිමේන්තුවෙන් තල්ලුවක් රත්නපුර ශාන්ත ඇලෝසියස් විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදි පසුගියදා පැවැත්විණි. 13 November 2024
කොරියාව කෘෂි-ධීවර රැකියා පුහුණුවට අත දෙයි කෘෂිකර්මාන්තය සහ ඒ ආශ්රිත රැකියා අවස්ථාවන් සඳහා ශ්‍රී ලංකාවට සහාය ලබා දීමට කොරියානු සුළු පරිමාණ ව්‍යවසායක සංගමය ඉදිරිපත්ව සිටියි. 13 November 2024
කෙහෙලියගේ නඩුවකට දින දෙයි මැතිවරණ ප්‍රචාර කටයුතු වල යෙදෙන අතරතුර වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කර, හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ඇතුළු පස්දෙනකුට බරපතල තුවාල කිරීමේ චෝදනා ලැබ සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහි නඩුව ලබන ජනවාරි 08 වැනිදා සිට විභාග කිරීමට මහනුවර මහාධිකරණ විනිසුරු දර්ශිකා විමලසිරි මෙනවිය අද (13) තීරණය කළාය. 13 November 2024
ඇමෙරිකාව ආරුගම්බේ තහනම ඉවත් කරයි ආරුගම්බේ ප්‍රදේශයේ නැවත දැනුම්දෙන තුරු සංචාරය කිරීමෙන් වළකින ලෙස පවසමින් මෙරට ඇමෙරිකානු තානාපති කාර්යයාලය ඇමෙරිකා ජාතිකයන්ට පසුගිය 23 වැනිදා කළ අනතුරු ඇඟවීම අද(13) ඉවත් කළ බව ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. 13 November 2024
උඩරට දුම්රිය ධාවනයට බාධා උඩරට දුම්රිය මාර්ගයේ ඔහිය ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට අද (13) පස්වරුවේ විශාල ගල් කඩා වැටීමෙන් කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ පොඩිමැනිකේ දුම්රිය එම ස්ථානයේ සිරවී නවතා තබා ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි . 13 November 2024
හෝටලයට පැමිණි පිරිසට පහර දුන්නැයි කළමනාකරු ඇතුළු 4ක් අත්අඩංගුවට බණ්ඩාරගම බොල්ගොඩ ප්‍රදේශයේ බොල්ගොඩ ගඟ ආශ්රිත හෝටලයකට විනෝද වීම සඳහා පැමිණි පිරිසකට අධික ලෙස ලුණු මිශ්‍ර කර ආහාර සපයා අනතුරුව පිටස්තරයන් ලවා පහරදී තුවාල සිදු කළ කළමනාකරු ඇතුළු සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි. 13 November 2024
රට ඉන්න අයට උපත්, විවාහ හා මරණ සහතික තානාපති කාර්යාලයෙන්ම විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ පහසුව සඳහා විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල මගින් උප්පැන්න, විවාහ හා මරණ සහතික පිටපත් නිකුත් කිරීමට රජය සැලසුම් කර තිබේ. 13 November 2024
ඒ.ටී.එම් යන්ත්‍රයට පහර දුන් සැරයන්ගේ වැඩ තහනම් මුදල් ගැනීමට ගොස් කාඩ් පත ඒ ටී ඒම් යන්ත්‍රයේ සිරවුණයි කෝපයට පත්ව ඒ.ටී.එම් යන්ත්‍රයට පහරදී අලාභ හානි සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනම් කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. 13 November 2024
සිසුවියන්ට නිගරු සිප් සතර කියා දුන් ගුරෙක් සොයා විමර්ශන සංගීත විශාරද උපාධිය හැදෑරීම සඳහා පොල්ගස්ඕවිට සියඹලාගොඩ ප්‍රදේශයේ සංගීත පංතියකට සහභාගී වූ බාල වයස්කාර සිසුවියන්ට එහි ගුරුවරයා විසින් ලිංගික අවයව පෙන්වමින් ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි කහතුඩුව පොලිසිය පවසයි. 13 November 2024
රාජගිරියේ තදබදයෙන් දහස් ගාණක් අමාරුවේ රාජගිරිය හන්දිය ප්‍රදේශයේ ( ගුවන් පාලම ආශ්‍රිතව) දිනපතා උදේ වරුවේ ඇතිවන අධික රථවාහන තදබදය හේතුවෙන් කාර්යාල සේවක සේවිකාවෝ දැඩි දුෂ්කරතාවයන්ට පත්වෙති. 13 November 2024
පොලිස් ත්‍යාග මුදල් සොරා කෑ පොලිස් නෝනාගේ වැඩ තහනම් රථවාහන නිලධාරීන්ට ත්‍යාග මුදල් ලෙස ගෙවීමට තිබූ රුපියල් 192,400 ක මුදලක් නිලධාරින්ට නොගෙවා ව්‍යාජ සටහන් හා අත්සන් යොදා වංචා කළ බව කියන මීගමුව පොලිස් ස්ථානයේ පාලන අංශයේ ස්ථානාධිපතිනියගේ වැඩ තහනම් කළ බව මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි. 13 November 2024
තවත් හොර ඩිෆෙන්ඩරයක්-අධිබල යතුරුපැදියක් මහනුවරින් සොයා ගනී නියම චැසි අංකය වෙනස්කොට ව්‍යාජ චැසි අංකයක් යොදා ව්‍යාජ වාහන අංකයක් සවිකොට තිබූ ඩිෆෙන්ඩර් රථයක් සහ ව්‍යාජ අංකයක් සවිකොට භාවිතා කළ අධිබල යතුරුපැදියක් මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 13 November 2024
පාලමෙන් දොළට වැටි අයෙක් මරුට ගොඩකවෙල දොඹකොලඇල්ල අබලන් අනාරක්ෂිත පාලමෙන් වැටි දියේ ගිලුණු තරුණයෙකුගේ සිරුරක් අද (13) දා එම දොළේ තිබි හමු වු බව පොලිසිය පවසයි. 13 November 2024
රට ඩිජිටල් ආර්ථිකයක් කරන්න පළමු ඇරැඹුම අද ලංකාවේ ඩිජිටල් ආර්ථිකය දියුණු කිරීම මූලික අරමුණ කරගත් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයෙහි (ICTA) අධ්යක්ෂ මණ්ඩලය අද පස්වරුවේ පළමු වරට රැස්වීමට නියමිතය. 13 November 2024
ගිනි නිවීමේ සේවකයින්ගේ නිවාඩු අවලංගුයි 2024 පාර්ලිමේන්තු මහා මැතිවරණය වෙනුවෙන් ඕනෑම හදිසි අවස්ථාවකට යොමුවීම සඳහා අද (13) සිට (15) දක්වා කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ සියලු සේවකයන්ගේ නිවාඩු අලංගු කර ඇතැයි ප්‍රාදේශීය ගිනි නිවීම් නිලධාරී රෝහණ නිශාන්ත සේනානායක මහතා පැවසීය 13 November 2024
ධීවරයෙක් කපා කොටා ඝාතනය කරලා හබරාදුව පොලිස් බල ප්‍ර දේශයට අයත් මිහිරිපැන්න මුහුදු තිරයේ රිටිපන්නයෙන් මසුන් අල්ලමින් සිටි ධිවර කාර්මිකයෙකු අද (13) උදෑසන කඩුවකින් පහරදි ඝාතනය කොට ඇති බැව් හබරාදුව පොලිසිය පවසයි. 13 November 2024
නිලන්තට එරෙහිව විනය පරීක්ෂණයක් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහර සිද්ධිය සම්බන්ධයෙන් උද්ගත වූ කරුණුවලට අදාළව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව විනය පරීක්ෂණයක් ආරම්භ කර ඉදිරියට පැවැත්වෙන බව ඔහුගේ නීතිඥවරයා රීයෙ අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය. 13 November 2024
සියඹලාණ්ඩුව විදුහල්පතිනියගේ මාරුව අත්හිටුවයි මොනරාගල සියඹලා ආණ්ඩුව මහ විද්‍යාලයේ හිටපු විදුහල්පතිනී ඉන්දුමති පරණ මාන මහත්මිය වහාම ක්‍රියාත්මක වන පරිදි සිය බලාණ්ඩුව පළාත් අධ්‍යාපන කාර්යාලයට මාරු කිරීමට ඌව පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරයා ගෙන ඇති තීරණය බල රහිතකරමින් අභියාචනාධිකරණය රිට් ආඥාවක් නිකුත් කළේය . 13 November 2024
රට යවන තැන වංචා හොයන්න විගණනයට තොරතුරු දෙයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පසුගිය සමයේ සිදුවූ වංචා දූෂණ පැමිණිලි 15කට අදාලව විමර්ශනය කිරීම සඳහා අභ්‍යන්තර විගණන අංශයට තොරතුරු ලබාදුන් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. 13 November 2024
කොරියාවට 5000ක් 2024 වසරේ ගතවූ කාලයේ ශ්‍රි ලාංකිකයින් 5120 දෙනකු දකුණු කොරියාවේ රැකියා සඳහා පිටව ගොස් ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. 13 November 2024
හිටපු ජනපති මාධ්‍ය ලොක්කා මරණ තර්ජන කළැයි පැමිණිල්ලක් ජනාධිපති මාධ්‍ය ඒකකයේ හිටපු අධ්‍යක්ෂක ජනරාල්වරයා මරණීය තර්ජනය කළ බව පවසමින් එම ඒකකයේ ඡායාරූප ශිල්පියෙක් කහතුඩුව පොලිසිය වෙත පැමිණිල්ලක් කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය 13 November 2024
අධිනිතීඥවරියගේ නිල රියට පහරදීලා රජයේ අධිනීතිඥ වරියක ගමන්ගත් නීතිපති දෙපාර්තමේන්තුවට අයත් මෝටර් රථයකට මිටියකින් පහරදී අලාභහානි කල ඇය ළගින් ඇසුරුකමක් පැවැත්වූ බව කියන පුද්ගලයෙකු සොයා පානදුර දකුණ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. 13 November 2024
ජන්දෙ දාන්න ගමේ යන්න දුම්රිය සේවා අද සිට හෙට පැවැත්වෙන මහ මැතිවරණය සඳහා ජන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම් බලා යන ජනතාවගේ ගමන් පහසුවට දුම්රිය කීපයක අමතර මැදිරි එක්කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 13 November 2024
බුකර් සාහිත්‍ය සම්මානය බ්‍රිතාන්‍ය ලේඛිකා සමන්තාට බ්‍රිතාන්‍ය ලේඛිකා සමන්තා හාර්වි, මෙම 2024 වසර සඳහා සාහිත්‍යය වෙනුවෙන් පිරිනැමෙන බුකර් සම්මානයෙන් පිදුම් ලැබුවාය. සමන්තා හාර්විට එම බුකර් සම්මානය හිමිවූයේ ‘ඕබිටර්’ නමැති විද්‍යා ප්‍රබන්ධ නවකතාව වෙනුවෙනි. 13 November 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026