
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සිය ධුරයේ බලතල අනිසි ලෙස භාවිත කරන ලදැයි සඳහන් චෝදනා විමර්ශන කිරීමට පත් කරනු ලැබූ ත්‍රිපුද්ගල කමිටුවේ විමර්ශන සඳහා සහායවීමට නීතිපතිවරයා විසින් අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතිඥ දිලීප පීරිස් සහ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් රජිත පෙරේරා යන මහත්වරු නම් කරනු ලැබ සිටිති.
ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුතු එම ත්‍රිපුද්ගල කමිටුව පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (25) දෙවැනි දිනයටත් රැස්විය.
විමර්ශන කටයුතු මෙහෙයවිය යුතු ආකාරය සහ අදාළ පාර්ශ්වයන් සම්බන්ධකරගත යුතු ආකාරය පිළිබඳවද කමිටුවේදී ඊයේ සාකච්ඡා කෙරිණි
ඉදිරි කටයුතු සම්බන්ධව තීරණ ගැනීම සඳහා කමිටුව ලබන 28 සඳුදා නැවත රැස්වීමටද එහිදී තීරණය කර ඇත.
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දේශබන්දු කමිටුවේ සහායට නීතිපතියෙනුත් දෙදෙනෙක්
අරවින්ද මොණරවිල Friday, 25 April 2025 06:06 PM
දිලීප පීරිස් මහතා ආවා කියන්නේ, දේශබන්දුගේ පොලිස්පතිකම විතරක් නොවෙයි රෙදිත් ගලවනවා ෂුවර්..! ඒ විතරක් නොවෙයි නීතිපතිත් දැන් හරි ට්‍රැක් එකට වැටිලා වගේ...
ජිල්බු Friday, 25 April 2025 06:13 PM
එසේ මෙසේ ගලි වලක් නොවේ වගේ මේ පැටිකිරිය.
nihal Friday, 25 April 2025 06:22 PM
අති විශිෂ්ඨයි... ජයවේවා... දිලීප පීරිස් මහත්තයා .... මම හිතින් ප්‍රාර්ථනා කළ ඔබතුමාත් මෙතැන සිටිය යුතුයි කියා. දෙවියන්ට ස්තූති වේවා...!
ජිල්බු Saturday, 26 April 2025 04:49 PM
දෙයියෝ කරපු වැඩේ මොකක්ද කියලා කරුණාකරලා කියන්න පුලුවන්ද?