කඩුගන්නාවේදී බසයක් ගසක වැදී 6ක් රෝහලට කොළඹ සිට තෙල්දෙනිය දක්වා ධාවනය වු ලංගම බස් රථයක් කඩුගන්නාව ඩෝසන් කුළුන අසල ආසන්නයේ දී විශාල ගසක හැපිමෙන් තුවාල කරුවන් 6 දෙනකු මහනුවර රෝහලට ඇතුලත් කළ බව කඩුගන්නාව පොලිසිය පවසයි. 21 December 2024
නීතියට පයින් ගැසූ අපේක්ෂකයන්ගේ ලැයිස්තු පොලිසියට පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වී මෙතෙක් අදායම් වියදම් වාර්තා ඉදිරිපත් නොකළ අපේක්ෂකයින්ගේ ලැයිස්තු අද හෙටම පොලිසියට ලබා දීමට මැතිවරණ කොමිෂන් සභාව සැලසුම් කර ඇත. 21 December 2024
ජනපති ලබන මස චීනයට ලබන ජනවාරි මාසයේ මැද තමා චීනයේ සංචාරයක යෙදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 21 December 2024
බසයක් පෙරළී තුනක් මරුට:46ක් රෝහලට හැටන් සිට මහනුවර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අද (21) මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරකින් තිදෙනකු මිය ගොස් ඇති බව හැටන් පොලිසිය පවසයි. 21 December 2024
හිටපු ඇමැති 15 ක් රට ඇතුළේ උඩින් ගිහින් හිටපු ඇමතිවරුන් 15 දෙනකු පසුගිය කාලයේදී විවිධ සංචාර සහ ප්‍රවාහන අවශ්‍යතා සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විවිධ ගුවන් යානා යොදාගෙන තිබූ බව ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානය පවසයි. 21 December 2024
සහල්වලින් කෝටි 430 ආනයන බදු ආදායමක් සහල් ආනයනය සඳහා ආණ්ඩුව අවසරදී තිබූ කාලය වූ ඊයේ ( 20) මධ්‍යම රාත්‍රි වන විට පෞද්ගලික ආනයනකරුවන් සහල් මෙට්‍රික්ටොන් 67000 ක් මෙරටට ගෙන්වා තිබූ බවත් එම සහල් තොගය වෙනුවෙන් ශ්‍රී ලංකා රේගුව රුපියල් බිලියන 4.3 ක් හෙවත් කෝටි 430 ක් ආනයන බදු ලෙස අයකරගත් බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගුව අධ්යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසීය. 21 December 2024
තියුණු ආයුධයකින් ඇන දෙදරු පියා මරාදාලා කළුතර , කටුකුරුන්ද ප්‍රදේශයේ නිවසක් තුලදී පපුවට තියුණු ආයුධයකින් පහරදී දෙදරු පියෙකු ඝාතනය කර ඇති බවට ලද තොරතුරක් මත පයාගල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ . 21 December 2024
මුදල් ජාවාරම් 20කට මහ බැංකුවෙන් නඩු නීති විරෝධී මූල්‍ය යෝජනා ක්‍රියාත්මක කළ ආයතන 20කට එරෙහිව විමර්ශන ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 21 December 2024
සී.අයි.ඩීය මැති සබා වෙබ් අඩවිය පීරයි පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ආචාර්ය පදවියක් සඳහන් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරී කණ්ඩායමක් අදාළ පාර්ලිමේන්තු නිලධාරීන්ගෙන් ප්‍රශ්න කිරීම් ආරම්භ කළේය. 21 December 2024
ඇමැති බංගලා පිටරට සංචාරකයන්ට ඇමති බංගලාවලින් අඩක් පමණ විදේශ සංචාරකයන් වෙනුවෙන් වෙන් කිරීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා පැවසීය. 21 December 2024
අධිවේගයේ අනතුරින් අයෙක් මරුට හතරක් රෝහලට දක්ෂිණ අධිවේගි මාර්ගයේ පෝද්දල පොලිස් බලප්‍රදේශයේ අංක 87කණුව ආසන්නයේදි අද අලුයම වැන් රථයේ ලොරි රථයක හැපිමෙන් වැන් රථයේ සිටි එක් අයකු මියගොස් තවත් හතර දෙනකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කළ බව ගාලු දිසාබාර නියෝජ්‍ය පොලිස්පති කාරයාලය පවසයි. 21 December 2024
අදත් තැනින් තැනට වැස්ස බස්නාහිර සහ සබරගමුව පළත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 21 December 2024
මුලතිව්වලට ගොඩබට මියන්මාර් සරණාගතයින්ගේ අදෝනාව අපි බෝට්ටු තුනකින් රටින් පිටවුණා බෝට්ටු දෙකක් කැඩුණා. ඒ බෝට්ටු දෙකේ සිටී පිරිස අපේ බෝට්ටුවට නැග්ගා. ඒ එන අතරමගදී අපේ හයක් දෙනෙක් මැරුණා ඉන් හතර දෙනෙක් ළමයි. එම මළ සිරැරැ මුහුදට විසිකලා යැයි මියෙන්මාරයේ සිට සරණාගතව ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුල්වී සිටියදී නාවික හමුදා භාරයට ගනු ලැබු මියෙන්මාර් සරණාගත පිරිස අතරින් කිහිපදෙනෙකු එසේ පැවසීය . 20 December 2024
මාධ්‍ය අදහස් දැක්විම ඔළුවෙන් හිටගෙන පොළොන්නරුව ඇළහැර ගොවි ජනපදයේ අලි මිනිස් ගැටුම පිළිබඳ බලධාරීන්ට කොතෙක් අදහස් ප්‍රකාශ කළ ද ඊට කිසිදු අවධානයක් නොමැති හෙයින් ඇලහැර ඉකිරිවැව ගම්මානයේ 51 වියති එච්.එම්.උපුල් හෙට්ටිනායක ගොවිමහතා ඔලුවෙන් හිටගෙන අලි මිනිස් ගැටුම පිළිබඳ අදහස් ඉදිරිපත් කළේය. 20 December 2024
පුංචි ඡන්දය ගැන ජනපතිගෙන් ඉඟියක් පළාත් පාලන මැතිවරණය ලබන වසරේ අලුත් අවුරුදු උත්සවයට පෙර පවත්වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහනුවරදී අද (20) පැවසීය. 20 December 2024
අඹුසැමි යුවළට වෙඩි:සැමියා මරුට ගාල්ල දඩල්ල කනත්ත අසලදි යතුරු පැදියකින් ගමන් කරමින් සිටි අඹු සැමි යුවලකට මීට සුව වේලාවකට පෙර එල්ල කළ වෙඩි පහරකින් සැමියා එම ස්ථානයේම මියගොස් තුවාල ලැබු බිරිඳ කරාපිටිය රෝහලට ඇතුලත් කළ බවත් ගාල්ල පොලිසිය පවසයි. 20 December 2024
බිරියගේ පැමිණිල්ල ලියන්න ගිය පොලිසියට හිටපු ගුවන් නියමු සැමියා ගහලා බොරලැස්ගමුව පොලිසියේ සැරයන්වරයකුට සහ කොස්තාපල්වරයකුට පහර දී බරපතල තුවාල සිදුකළ රංගන ශිල්පිනියකගේ ෙ සැමියා වන හිටපු ගුවන් නියමුවකු අත්අඩංගුවට ගෙන ගල්කිස්ස අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත් ආර්. ආර්. ගමගේ මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 30 වෙනි දින දක්වා රිමාන්ඩ් බාරයෙ තැබිමට නියෝග කළාය. 20 December 2024
ජනපතිවරණයට පෙර අනුර ඝාතන තැතේ විමර්ශන තවදුරටත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ජනාධිපතිවරණයට පෙර ප්‍රහාරයක් එල්ලකර ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් රහස් පොලිස් විමර්ශන තවදුරටත් සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය පවසයි. 20 December 2024
කළුතර හෝටලයක වෙඩි තැබීමක් කළුතර සංචාරක හෝටලයක ආරක්ෂක නිලධාරීන් සහ පිටස්තර තරුණයින් පිරිසක් අතර ඇතිවීමට ගිය ගැටුමක් පාලනය කිරීම සඳහා හෝටලයේ උසස් නිළධාරියෙක් අහසට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි. 20 December 2024
ජනපති මල්වතු - අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දකී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (20) පස්වරුවේ මල්වතු හා අස්ගිරි මහා නා හිමිපාණන් වහන්සේලා බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය. 20 December 2024
“ජනාධිපති එට්කා ගිවිසුමට අත්සන් කළේ නෑ“ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉන්දීය සංචාරයේදී එට්කා ගිවිසුමට අත්සන් නොතැබූ බවත් එට්කා පිළිබඳව මෙතෙක් ඇති වී තිබෙන එකඟතාවන් තවත් සාකච්ඡාවලට භාජනය කරමින් සාකච්ඡා ඉදිරියට ගෙන යෑමට පමණක් ජනාධිපතිවරයා එකඟතාව පළ කළ බවත් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අද(20) ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සඳහා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය. 20 December 2024
ඔලිම්පික් කමිටුව වෙනුවෙන් ක්‍රීඩා ඇමති ඉදිරිපත්වෙයි ජාතික ඔලිම්පික් කමිටුව මුහුණ පා ඇති වත්මන් අර්බුදයට ඉක්මන් විසඳුමක් ලබා ගැනීම සඳහා කඩිනමින් මැදිහත් වන බව ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අද (20) පැවසීය. 20 December 2024
මාලු මිල ඉහළට වෙළඳපොළේ මාලු මිල ගණන් යළිත් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති. 20 December 2024
පොහොට්ටුවේ නව ජාතික කැදවුම්කරුවෙක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ නව ජාතික කැඳවුම්කරු ලෙස හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක මහතා පත් කර තිබේ. 20 December 2024
දොස්තරගෙන් කප්පම් ඉල්ලූ තරුණයාට වසර 5කට අත්හිටවූ වසරක සිර දඬුවමක් රිජ්වේ ආර්යා ළමා රෝහලේ ශල්‍ය වෛද්‍යවරයෙකුගේ දුරකථන චීපයක් සොරාගෙන එහි තිබූ නිරුවත් දර්ශන අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කරමින් කප්පම් ඉල්ලා සිටි ඇහැලියගොඩ තරුණයෙකුට වසර පහකට අත්හිටවූ වසරක සිර දඬුවමක් කොළඹ මහාධිකරණ විනිසුරු තිළිණ ගමගේ මහතා නියම කළේය. 20 December 2024
එළුවන් ව්‍යාපෘතියෙන් කෝටි 9ක් වතුරේ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව එළුවන් බෝ කිරීමේ ව්‍යාපෘතියකට පසුගිය වසරේදී රුපියල් නව කෝටියකට වැඩි වියදමක් දරා ඇතත් ඉන් උපයාගෙන ඇත්තේ ලක්ෂ විසි තුනක ආදායමක් පමණක් බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ. 20 December 2024
ශ්‍රී ලංකා ක්‍රිකට් ඡන්දහිමි සාමාජිකයන් 60කට අඩුකරයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඡන්දය හිමි සාමාජිකයන්ගේ සංඛ්‍යාව 60 දක්වා අඩු කිරීමට පියවර ගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර නිකුත් කරමින් පවසයි. 20 December 2024
රාජ්‍ය සේවය කප්පාදු කරන්න බලාපොරොත්තුවක් නෑ රාජ්‍ය සේවය කප්පාදු කිරීමට කිසිසේත් බලාපොරොත්තු නොවන නමුත් රාජ්‍ය සේවය පවත්වා ගෙන යාම සඳහා දරන වැය බර පිළිබඳව ගැටලුවක් තිබෙන බව ජනාධිපති අනුර දිසානායක මහතා පැවසීය. 20 December 2024
ජූලි චංග් ආරක්ෂක ඇමති හමුවෙයි මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල මහතා සහ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය ජූලි චංග මහත්මිය අතර සිදු වූ හමුවක් ආරක්ෂක අමාත්‍යංශයේදී අද (20) පැවැත්විණි. 20 December 2024
’’සමූපකාර සියයට 50ක් අක්‍රමවත්’’ සමූපකාර අලෙවිසැල් වලින් සියයට 50කට වැඩි සංඛ්‍යාවක් ක්‍රමවත් අයුරින් පවත්වා ගෙන නොයන බව පෙනී ගොස් ඇතැයි සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා පැවසීය. 20 December 2024
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026