(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ත්‍රස්තවාදී පනත යටතේ රැඳවුම් නියෝග ලබා තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වශයෙන් හඳුන්වන නදුන් චින්තක නොහොත් හරක් කටා නමැත්තාට ජංගම දුරකථනයක් ලබාදීම සම්බන්ධයෙන් විශේෂ කාර්ය බළකායේ කොස්තාපල්වරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉලූප්ප කඩවායි කඳවුරට අනුයුක්තව රාජකාරී කරමින් සිටි කොස්තාපල්වරයෙකි.
හරක් කටා නැමැත්තා සන්තකයේ තිබී ජංගම දුරකතනයක් අත්අඩංගුවට ගෙන ඇති අතර, එය ඉහත කොස්තාපල්වරයා විසින් ලබා දී ඇති බවට තොරතුරු හෙළි වී ඇත.
ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ දීර්ඝ විමර්ශනයේදී ඊයේ (2) මොහු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරංචි මාර්ග පවසයි.
සැකකාර කොස්තාපල්වරයා බන්ධනාගාරයේ ආරක්‍ෂාක රාජකාරියේ යෙදී සිට ඇති අතර සිද්ධියෙන් පසු ඔහුට ඉලූප්පකඩවල් කඳවුරට ස්ථාන මාරුවක් ලබා දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
STF එකටත් ගිය කලක්...
වැටත් නියරත්
STF හොඳටම චොර වගේ දැන්. මට හිතෙන්නේ පාතාලයේ උන් හිතලා ම STF එකට රිංගලා වගේ ඉස්සර වගේ සනුහරේ ම හොයලා ඕවට ගන්න එක කරන්න වෙයි