ව්‍යාපාරික යුවළ බිය ගන්වා ලක්ෂ 50 ක කප්පම් ඉල්ලලා
තලංගම තලවතුගොඩ ප්‍රදේශයේ පදිංචි දිවයිනේ ප්‍රසිද්ධ ව්‍යාපාරික යුවළකට ඩුබායි රාජ්‍යයේ සිට හා මෙරට සිට දුරකතන ඇමතුම් ලබා දෙමින් මරණ තර්ජන සිදු කරමින් රුපියල් ලක්ෂ 50 ක කප්පම් මුදලක් ලබා ගැනීමට තැත් කළ සැකකරුවන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාශ අපරාධ මර්දන මෙහෙයුම් ඒකකය පවසයි.