
(අංජුල මහික වීරරත්න)
බෝපිටිය පමුණුගම මහා විද්‍යාලයේ සහ මාවනැල්ල සහිරා යන විද්‍යාලවල ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය සහ ජනාධිපති මන්දිරය නැරඹීම සඳහා අද (05) පැමිණියහ.
ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සන්නිවේදන අංශය සමඟ එක්ව පාසල් ළමුන් උදෙසා ක්‍රියාත්මක කරන ‘Vision’ වැඩසටහන් මාලාවට සමගාමීව එම විදුහල්වලට මෙම අවස්ථාව හිමි වී තිබේ.
මෙම ශිෂ්‍ය ශිෂ්‍යාවන් පැරැණි පාර්ලිමේන්තුව නැරඹීමෙන් පසු පාර්ලිමේන්තු ඉතිහාසය පිළිබඳ දැනුම්වත් කිරීමද සිදු කෙරිණි.
මේ අතර අදට යෙදී ඇති ජගත් පරිසර දිනය නිමිත්තෙන් එම පාසල් වෙත පළතුරු සහ ඖෂධ පැළ බෙදා දීමද මෙහිදී සිදු විය.
ජගත් පරිසර දිනයට සමගාමීව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මැදිහත්වීමෙන් පොල් පැළ 20,000ක් පාසල් වෙත බෙදා දීමේ වැඩසටහනද මීට සමගාමීව ආරම්භ කෙරිණි.
ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණි පාසල් සිසු සිසුවියන් ජගත් පරිසර දින ප්‍රතිඥාව ලබාදීම සහ පරිසර ගීතය ගායනා කිරීම සිදු කරනු ලැබීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙමත් විහිළු! රටේ අගනුවර රටේ නායකයාගේ කාර්යාලයෙන් ඉහළම පරිපාලන නිලධාරියා ඈත පිහිටි පාසැල් වල හිටවන්න පැල බෙදා දෙන්න ටයි කෝට් දමා ගෙන සිය ගණනක උත්සවයක් මෙතරම් වියදම් දරමින් තියන්න ලැජ්ජා නැද්ද? මේවා. පාසැල් වල සිසුන් ගුරුවරුන් දෙමාපියන් ප්‍රාදේශීය මට්ටමින් වාර්ෂිකව හෝ කාලීනව කල යුතු සාමාන්‍ය වැඩ නෙවෙයි ද?