
(අංජුල මහික වීරරත්න)
පරිපූරක වෛද්‍ය වෘත්තීය වේදීන්ගේ වැඩ වර්ජනය තනිකරම දේශපාලන අරමුණ සඳහා කරන වැඩක් බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
එවැනි වැඩ වර්ජන සඳහා මුහුණ දීමට සූදානම් බව බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා කීය.
හැමදාම මෙය සෙල්ලමක් කරගෙන සෞඛ්‍ය පද්ධතිය කඩාකප්පල් කරන්නට වැඩ කරනවා නම් ඒ අයත් සමඟ සාකච්ඡා කරන්නට සූදානම් නැතැයි ද නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේය.
දැන් සතියට පැය 24 පැය 48 ආදී ලෙස වර්ජන කැඳවන්න පටන් අරගෙන තියෙන බව කී අමාත්‍යවරයා එය සෙල්ලමක් නොවන බවද සඳහන් කළේය.
කරුණාකර වැඩට එන්නැයි කී සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩට පැමිණි පසුව සාකච්ඡා කරන්නට සූදානම් බව ද සඳහන් කළේය.
තඹුත්තේගමදී මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මේ අය වැඩට නැවිත් උද්ඝෝෂණය කරන කොට ඒ දවස්වල පඩිය කැපෙන්නේ නැද්ද?ඇමතිගේ කතාව හරි..වැඩට එන්න එපැයි සාකච්ඡා කරන්න.මාධ්‍ය ආයතන තමන්ගේ න්‍යාය පත්‍රයට අනුව ප්‍රවෘත්ති විකාශනය කලත් බැලූ බැල්මට පෙනෙන්නේ සාමාන්‍ය ජනතාවගේ ඉවසීම මෙවැනි සේවකයන් පිළිබඳ තව නොබෝ කලකින් දෙදරා යනු ඇති
ඔය වර්ජනය කරන දොස්තරලා අල්ලලා සාමාන්‍ය මිනිස්සු ගහන්න ඕනේ. රජය ඔය හොරුන්ගේ උපාධි අවලංගු කරා නම් කිසිම රටකට ගිහින් වෛද්‍ය වෘත්තිය නියලෙන්නත් බෑ.
වැඩ වර්ජන කිරීමත් පුරුද්දක් වෙලා. රටට සාපයක්. ලෙඩ්ඩුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන අයට නම් ස්වභාව ධර්මයෙන් හෝ දඬුවම් ලැබෙයි.
ජනාධිපති සහ ඇමැතිවරුන් නියෝජනය කරන්නේ රටේ ජනතාව නොවේ. මාලිමාවේ වහල්ලු ටික පමණි.