
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පෞද්ගලික බස් කර්මාන්තය මුදා නොගත් කලාප තිබෙන කර්මාන්තයක් බවට පත්වී තිබෙන බව ප්‍රවාහන මහා මාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ජාතික ගමනාගමන කොමිෂන් සභා (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් බිමල් රත්නායක මහතා මේ බව කීය.
ශ්‍රී ලංගම ආයතනය පිහිටවනු ලැබුවේ පනස් අට වසරේදී. අප රටේ ප්‍රවාහන ක්ෂේත්‍රයේදී පෞද්ගලික බස් රථත් සැලකිය යුතු සේවයක් කරනවා.එමෙන්ම සැලකිය යුතු ව්‍යාපාරික පැලැන්තියක්ද ගොඩනැගී තිබෙනවා. පෞද්ගලික බස් රථ නියාමනය කිරීම මෙන්ම සේවක සුභසාධනය ආදී ක්‍රියා රැසක් කළ යුතුව තිබෙනවා. පාරට ගියාට පස්සේ බස් එක ලංගමද පෞද්ගලිකද කියල අදාළ වෙන්නේ නෑ.අප කවුරුත් මහ මඟ හරියට පාවිච්චි නොකළොත් විශාල ගැටලු වලට ලක්වෙනවා.අප රටේ ප්‍රවාහන කර්මාන්තය එන්න එන්න හොඳ වෙනවද? නරක් වෙනවද? කියා හිතෙන තරමට වෘත්තීය වශයෙන් දියුණුවක් වී නැහැ.ආණ්ඩු විසින් ලංගම මරා දමා තිබෙනවා. එය ගොඩ ගැනීම දුෂ්කර අභියෝගයක් බවට පත්වෙලා.පෞද්ගලික බස් රථ සේවයෙන්ද ජනතාවට සේවයක් වුවත් සමාජයේ තිබෙන මතය හොඳ එකක් නෙමෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොදු ප්‍රවාහනය දියුනුව ඉතාමත් අත්‍යාවශ්‍ය දෙයක්. ක්‍රම ගොඩක් දෙන්න පුලුවන්. උපරිම මේ ක්‍රම ටික මාස3ක් වත් කරල බැලුවොත් සාර්ථකත්වයක් තියෙනවද කියල දිගටම ගෙනියන්න පුලුවන්. එකක් කොට කොටා යාම නැවැත්වීම . මේ සඳහා පරික්ෂාවට කැමරා යෙදීම හා පොලීසිය හෝ ත්‍රිවිධ හමුදා සහය ලබාගැනීමට පුලුවන්. එම වැරදි කරොත් දඩ පත්‍රිකා බස් හිමිකරුගේ නිවසට යැවීඹට සැලැස්වීම. එක තැන විනාඩි 10,15 නතර කිරීම නැවැත්වීම. බස් රථ ධාවනයට වෙනම තීරුවක් ලබාදීම. කිසිම අවස්ඛාවක වෙනත් කිසිදු වාහනයකට ඒ තීරුවට ඇතුලුවීම නොදීම. (මේක නම් කොහොමත් කරන්නෙ නෑ) ටිකට්පත් සදහා කාඩ් ක්‍රමයක් ලබාදීම මගින් ඉතිරි මුදල් පිළිබද ප්‍රශ්නය එන්නෙ නෑ. ඒක රීලෝඩ් සිිස්ටම් වගේ යොදාගන්න පුලුවන්. අර වරහක් ඇතුලේ තියෙන දේ වෙන්නෙ නැති වෙන්නෙ ඇයි දන්නවද. මේ පිලිබද සියලු තීන්දු තිරණ ගන්නෙ අමාත්‍යාංශ ලේකම්වරු අධ්‍යක්වරු මණ්ඩලවල අධිකාරිවල ඉහල නිලධාරින්. ඔවුන් කවුරුත් බස්වල යන්නෙ නෑ. ඇත්තටම බස්වල යන මිනිස්සු පිලිබදව මා ඇතුලුව හරිම දුකයි. අධික රථවාහන තදබද ඇති වෙලාවන්වල බස්වල යන මිනිස්සු දාඩිය දාගෙන හිටගෙන යනකොට අපිට පේනවා කාර්වල යන මිනිස්සු ඒසී දාගෙන යනවා. මේක වැරදි.
පෞද්ගලික බස් කර්මාන්තයේ තිබෙන්නේ මාෆියාවක්, ඒක සේවයක් කියලා අමතන්න සුදුසු ව්‍යාපාරයක් නොවෙයි. ඔබත් ප්‍රවාහන ඇමැති වුණාට වසර විස්සකින් වත් පොදු ප්‍රවාහන භාවිතා කර තිබෙනවාද සැකයි. ඒ වගේම ඒවා මෙහෙම කොමෙන්ට් එකකින් කියන්නත් බැහැ. ඒ නිසා මෙම ක්ෂේත්‍රයේ ඇති ගැටළු හා දුර්වලතා හඳුනා ගන්න නම් බස් මගින් සමඟ පාරේදි හමුවෙලා කතා කරන්න...!
අනේ මේ.. වීකාර දොඩවනවද? ලංගම විතරක් නොවෙයි, සියළුම ආයතන විනාශ වුනේ ඔය ඔයාලාත් ඇතුළුව වෘත්තීය සමිති...
ශෙල්ටන්ට අනුව ජපානයේ බස් රියැදුරන් බුලත් කාළා පාරට කෙල ගහනවාලු... ඒක නැවැත්තුවේ වමේ පක්ෂලු. (බස් කර්මාන්තය විනාශ කරේ බණ්ඩාරනායක, තමුන් දන්නවා ද අපේ සීයාට බස් තියෙනකොට විනයක් එක්ක බස් එලොව්වේ අපිට බස් 20ක් ගත්තා රජය බහුතරයක් බෙන්ස් මාදිලියේ)
ඇයි ත්‍රීවීල් ?
කළ යුතුයි තමයි... ඉතින් අපිට කියකිය ඉන්න එපා කරන්න.