IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මහනුවර ලෝක උරුමයෙන් හැලෙයිද?

( ෂේන් සෙනෙවිරත්න)

ජාත්‍යන්තර යුනෙස්කෝ සංවිධානයය විසින් ප්‍රකාශයට පත් කර ඇති මෙරට එකම ලෝක උරුම නගරය වන මහනුවර නගරය තුළ සිදු කරනු ලබන ගොඩනැගිලි නවීකරණය හේතුවෙන් ලෝක උරුම නගර ලැයිස්තුවෙන් මහනුවර නගරය ඉවත් වීමේ අවදානමක් මතුව තිබෙන බව මහනුවර දිස්ත්‍රික් කමිටු රැස්වීමේදී අනාවරණය විය.

කෘෂිකර්ම වාරිමාර්ග හා පශු සම්පත් අමාත්‍ය කේ.ඩි. ලල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාගාරයේදී රැස්වූ අවස්ථාවේදී ඒ පිළිබඳව වැඩිදුරටත් හෙළිවිය.

නගරයේ ඉපැරණි ගොඩනැගිලිවල පවත්වාගෙන යනු ලබන ව්‍යාපාරික ස්ථානවල නාම පුවරු සහ ප්ලාස්ටික් ආවරණ යොදා ගනිමින් සිදුකොට ඇති ගොඩනැගිලි අලංකරණ හේතුවෙන් නගරයේ ඉපැරණි පෙනුම වෙනස්වීම හේතුවෙන් ලෝක උරුම ලැයිස්තුවෙන් මහනුවර නගරය එසේ ඉවත් වීමේ අවදානමක් මතුව තිබෙන බවද එහිදි අනාවරණය කෙරිණි.

මෙම තත්ත්වයෙන් නගරය මුඳවා ගැනීම සඳහා රජයේ ගොඩනැගිලි රජයේ වියදමෙන්ද පෞද්ගලික ගොඩනැගිලි එම ගොඩනැගිලි හිමිකරුවන්ගේ වියදමෙන් ද නැවතත් ඉපැරණි පෙනුම ලැබෙන ආකාරයට සකසාගත යුතු බවද එහිදී සාකච්ඡා කෙරිණි.

දළදා වීදියේ දැනට ඇති විදුලි පහන් කණු වෙනුවට පැරණි පෙනුම ගෙන දෙන ආකාරයට විදුලි පහන් කණු නවීකරණය කිරීමටද එහිදී යෝජනා විය. නගරයේ ගස් සිටුවීමේ ව්‍යාපෘතියට අනුව සිටුවා ඇති ගස් ගොඩනැගිලි වලට හානි සිදු නොවන ආකාරයට මුල් ඇදීම වැළැක්වීම සඳහා එම ගස් වටා පොළොව අභ්‍යන්තරයට සිලින්ඩර බස්සවා ආවරණය කිරීමටද යෝජනා වූ අතර එම ගස්වල අතුරිකිලි නිරන්තරයෙන් නඩත්තු කිරීමටද දිස්ත්‍රික් කමිටු රැස්වීමේදී යෝජනා විය.



අදහස් (3)

මහනුවර ලෝක උරුමයෙන් හැලෙයිද?

sam Thursday, 05 June 2025 12:49 PM

මහනුවර දැන් ලස්සන නැහැ. ඉස්සර තිබුණු කඳු පන්ති ඔක්කොගෙම ගෙවල් හදලා, හෝටල් හදලා. තිබුණු හරිත ලස්සන එහෙම පිටින්ම නැති කරලා. මේ නගරවල මොනවද කරන්නේ කියල රජයට කිසි පාලනයක් නැහැ.

:       1       17

රුවන් Thursday, 05 June 2025 06:42 PM

අපේ සීයාගේ බ්‍රිතාන්‍ය ජාතික සුදු යාළුවෙක් මේ ළඟදී ආවම කිව්වා ඉස්සර 70-80 දශකයේ තිබ්බ ලස්සන දිව්‍යලෝක වගේ නුවර නගරය කෝ කියලා? ඇත්තටම දැන් නුවර හුස්මක් ගන්න බෑලු එච්චරටම වායුගෝලයත් අපිරිසිදු වෙලාලු...

:       0       12

Bunny Preena Friday, 06 June 2025 10:16 AM

ලෝක උරුම නගරයක් ලෙස නම් කරලා තියෙනවා නම්, එම අංග ලක්ෂණ ආරක්ෂා කිරීම සහ එම ලක්ෂණ හානි නොවන ආකාරයෙන් නිසි ලෙස පවත්වාගෙන යාමට කටයුතු කිරීම අදාළ අංශවල වගකීමක් වේ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 366 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1011 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site