
(අමදෝරැ අමරජීව )
ජාතික ජන බලවේගයට බලය හිමි මොරවැව ප්‍රාදේශීය සභාවෙහි මංගල සැසිවාරය පැවැති අද සභා රැස්වීමෙන් අනතුරුව පැවැති තේපැන් සංග්‍රහය විපක්ෂය වර්ජනය කිරීම විශේෂත්වයක් විය.
ප්‍රාදේශීය සභාවේ සභාපති ධනුෂ්ක කළුපෙරුම මහතා ඇතුළු මන්ත්‍රී කණ්ඩායම සභාවේ අරමුදල් භාවිතා නොකර සභිකයන්ගේ පුද්ගලික මුදල්වලින් මෙම තේ පැන් සංග්‍රහය සූදානම් කර එයට විපක්ෂයට ආරාධනා කර තිබුණි .
මංගල සැසිවාරයෙන් අනතුරුව පැවති තේපැන් සංග්‍රහය වර්ජනය කිරීම සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දැක්වූ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ දැනට නායකත්වය දරන යූ.එම්.කේ.ජී.රත්නායක මහතා පැවසුවේ සභා අරමුදල් භාවිතා නොකර පුද්ගලික වියදමින් තේපැන් සංග්‍රහය පැවැත්වීම සම්බන්ධයෙන් තමාගේ විරුද්ධත්වයක් නැති බවය.
ජනතා අරමුදල් අවභාවිතා කිරීමට තම කණ්ඩායමද විරුද්ධ බවත් පුද්ගලික මුදලින් පැවැත්වූ තේ පැන් සංග්‍රහයට තම කණ්ඩායමද හවුල් කර නොගැනීම නිසා එයට විරෝධය දැක්වීමක් කළ බවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුහකකමයි ඉරිසියාවයි
මෝඩකමයි, උද්දච්ඡකමයි තමයි අපේ අයට සමගියෙන් ශිෂ්ඨ ජාතියක් ලෙස ඉදිරියට යාමට ඇති ප්‍රධාන බාධකය.
බිම් මට්ටමේ දේශපාලනය තුළ පවා තම ජනතාවට සේවය කිරීමේදී විපක්ෂයේ පටු ආකල්ප පිළිබිඹු කිරීම.
ඒ අය තේ බොන්නේ නෑ, පුන්නක්කු සමඟ මඩ වතුර විතරයි ලු.
බොහොම හොඳයි .අවවාදයට වඩා ආදර්ශය උතුම්ය
මේක දුන්නෙ ආණ්ඩු පක්ෂය, දෙන එකා නෙවෙයිද වියදම් දරන්නෙ? එකකොට මගුල් ගෙදරට එන ආරාධිතයන්ගෙනුත් සල්ලි කලින්ම ගන්න ඕනද?
මොවුන් සහ මොවුන්ගේ මහ එකාට අපේ සල්ලි කෝටි ගණන් කාබාසිනියා කරන කොට හොඳයි. තේ එකකට සල්ලි වියදම් කරන කොට දුකයි. මේ අයට ඡන්දෙ දුන්නු මිනිස්සු මෝඩයෝ...
මේවා අපේ රටට පුරුදු කළේ ජෙප්පෝ. පාර්ලිමේන්තුවේ තේ සංග්‍රහය ... මෙයාලා හැමදාම මගහැරමින් යනවා. කොහොමත් තව මාස 06ක් පමණ ගතවෙන කොට වට්ටක්කා සහ කරවල හොදි කන්න ලැබේවි.