IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


දූෂිත නිලධාරී යාන්ත්‍රණයට ඉක්මනට වෙනස් වෙන්න වෙයි

(අංජුල මහික වීරරත්න)

පාස්පෝර්ට් දෙපාර්තමේන්තුවෙි හොර පාස්පෝර්ට් හැදූ රේගුවෙන් භාණ්ඩ එළියට දැමූ නිලධාරී යාන්ත්‍රණයට අලුත් වෙන්නට කාලය ඇවිත් තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (5) පැවසීය.

දූෂිත නිලධාරී යාන්ත්‍රණය පරණ පුරුදු අතහැර වෙනස් නොවුනහොත් රජය මැදිහත් වී වෙනස් කරන බවද ජනාධිපතිවරයා කීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව කීවේ කෑගල්ල නිදහස් මාවතේ අද  පැවැති ජගත් පරිසර දින සැමරුම් උලෙළට එක් වෙමිනි.

 “ ප්ලාස්ටික් භාවිතය දුරලමු" යන ජාත්‍යන්තර පරිසර දින තේමාවෙන් සහ  “දලුලන්න - ඉඩදෙන්න" යන ලාංකික තේමාව යටතේ මෙවර පරිසර දිනය සමරනු ලබයි.

 කොන්ක්‍රීට් ප්ලාස්ටික් මත විනාශයට පත් වූ පරිසරය යළි ප්‍රතිෂ්ඨාපනය කිරීමට සෑම දෙනාටම පුරවැසි වගකීමක් තිබෙන බව ජනාධිපතිවරයා  පැවසීය.

පොදු ජාතික විඤ්ඤාණයකින් යුතුව මිහිතලය සමඟ සාමය ගොඩ නැඟීමේ වගකීමක් වත්මන් පරපුරට තිබෙන බව කී ජනාධිපතිවරයා  ඒ සඳහා සියලු දෙනා භේද ඉවතලා එක්විය යුතුව තිබෙන බව කීය.

පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි, සබරගමුව පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්ම මහත්මීන් ද ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

 

 



අදහස් (2)

දූෂිත නිලධාරී යාන්ත්‍රණයට ඉක්මනට වෙනස් වෙන්න වෙයි

de silva Friday, 06 June 2025 03:45 PM

ඔබතුමාගේ කතාව ඇත්ත... පාස්පෝර්ට්, රියදුරු බලපත්, හැඳුනුම්පත් සහ රේගු වැනි ආයතනවල තිබෙන්නේ අල්ලස් පොකුරු, හිස් පාස්පෝර්ට් අවශ්‍ය තරම් තිබිලත්, අවශ්‍ය පමණට වැඩිය තුන්ගුණයක් රජයේ සේවකයින් ඉඳලත් අද මාතරින් පාස්පෝර්ට් එක්ක ගන්න දිනයක් වෙන්කර ගන්න බැලුවොත් ලැබෙන්නේ ඔක්තෝබර් මැද දිනයක්..., සාමාන්‍ය ක්‍රමයට පාස්පෝර්ට් ගන්න දිනයක් වෙන්කරගෙන ගියත් එතැන අනිවාර්යයෙන් පැය 3-4 පෝලිමේ ඉන්න ඕනේ..., අයැදුම්පත භාර දීලා මුදල් ගෙවන්න. ඔක්තෝබර් මාසේ මැද භාර දුන්නොත් එක මුද්‍රණය කරන්නේ දෙසැම්බර් මාසේ, තැපෑලට දමන්නේ ජනවාරිවලින් පස්සේ, සාමාන්‍ය ක්‍රමයට අල්ලසක් නොදී පාස්පෝර්ට් එකක් ගන්න අවම වශයෙන් මාස 6ක් ගතවෙනවා. පෝලිමේ ඉන්න මිනිස්සු බනින්නේ ආණ්ඩුවට..., මේ පෝලිම් දූෂිත නිලධාරින් විසින් අල්ලස් ගැනීම සඳහා නිර්මාණය කරන ඒවා... වහාම යමක් නොකලොත් පළාත් සභා ඡන්දෙදී ප්‍රතිඵල ලැබේවි...

:       0       0

R.T.sarath Friday, 06 June 2025 03:49 PM

ජනාධිපතිතුමා උඩ බලාගෙන කෙල ගහන්න එපා... අල්ලස් පොකුරු තිබෙන බව අපිත් දන්නවා.. ඔබතුමාගේ වගකීම කුමක් හෝ යාන්ත්‍රණයක් හදලා අල්ලස් ගන්න නිලධාරින් 10 වත් දිනකට නීතිය හමුවට ගෙන එන්න. නමුත් එහෙම දෙයක් වෙන බව පේන්නෙත් නැහැ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 386 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 109 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 794 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site