බිඟුන් මේනක ගමගේ
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජය කර බලයට පත්කර ගත් අනුප්‍රාප්තිකයා තවත් මහින්ද රාජපක්ෂ කෙනෙකු වී ඇතැයි ද මාදුළුවාවේ සෝභිත හිමියන් සමග අස්සන් කළ ගිවිසුම සටකපට ලියැවිල්ලක් වී ඇතැයි ද සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ සම කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය මහතා ‘ලංකාදීප’ යට පැවැසීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවනු ලැබූ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාට ජනාධිපතිවරයාගේ අනුදැනුමකින් තොරව විදේශගත විය නොහැකි යැයි ද ආරක්ෂක ඇමැතිවරයා හැටියට ජනාධිපතිවරයා ඊට පිළිතුරු දිය යුතු යැයි ද මහාචාර්ය විජේසූරිය මහතා කීය.
ජනාධිපතිවරයා කතා කළ යුත්තේ හොඳ අගමැතිවරයකු පත්කරගැනීම නොව විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම ගැන යැයි කී හෙතෙම වේදිකා මත සිට දර්ශනය ගැන පුරසාරම් දෙඩුව ද නීතිය මත රට පාලනය කිරීමේ දර්ශනයක් නැති බව ජනාධිපතිවරයා ක්‍රියාවෙන් ඔප්පු කර ඇතැයි ද ලංකාදීප සමඟ දේශපාලන සාකච්ඡාවකට එක්වෙමින් මහාචාර්යවරයා කීය.
ඉදිරි ජනාධිපතිවරණයකදී නැවත පත්කරගැනීමට ජනාධිපතිවරයා නුදුසුස්සෙකු යැයි ද එපරිද්දෙන්ම ඊළග පාර්ලිමේන්තුවක අගමැතිවරයකු වීමට රනිල් වික්‍රමසිංහ මහතා ද නුසුදුස්සෙකු යැයි ද මහාචාර්ය විජේසූරිය මහතා පැවසීය.
මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා රණවිරුවන්ගේ බේරුම්කරුවා හැටියට පෙනී සිටිමින් තමන්ට බලයට ඒමට උදවු කළ දේශපාලන බලවේගයන්ට එන්.ජී.ඕ කාරයන් ලෙස ලේබල් ගැසීම ගර්හාකටයුතු යැයි ද නිර්පාක්ෂික පොදු අපේක්ෂකයකු බලයට පත්කර රටේ නීතිගරුක පුරවැසියන් උගෙනගත්තේ ජීවිතයටම අමතක නොවන පාඩමක් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිත් මේ රජය පත් කිරීමට දායක වුනා. දැන්නම් හිතෙනවා මහා පාපයක් කරේ කියලා, නැවතත් රට වෙනුවෙන් අලුත් මුහුණක් සෙවිය යුතුයි. රට වෙනුවෙන් අවංකව හඩ නගන ඔබතුමාලා වගේ කෙනෙක් ඉදිරිපත් වෙනවනම් කාලෝචිතයි .
මිනිස්සුන්ට ප්‍රශ්නෙකුත් නැතිනම්... පාර්ලිමේන්තුවට ප්‍රශ්නෙකුත් නැතිනම්... උසාවියට ගැටළුවකුත් නැතිනම්... මේ කව්ද?
අනේ මම දැනගත්තෙත් පත්තරේ දාල තිබුණු නිසා කිව්වොත් උත්තර හොයන්න වෙන්නේ ටිකිරි මොලවලටම තමයි...
මේ අය බලාගෙන ඉන්නේ රණවිරුවන්ට කෙළවෙනකම් තමයි.
ආත්මාර්ථකාමී, අදූරදර්ශී, දේශද්‍රෝහී අය නිසා මගේ මව්බිම විනාශවෙනවා. උදාර මගේ මව්බිම වෙනුවෙන් මටකළ හැකිදෙය නම්, විෂ්ණු අවතාරයෙන් මේ අය පසුපස ගොස් ආත්ම ගණනාවකට දඬුවම් කිරීමයි.
අනිවාර්යෙන්ම ඔහු මෙයට වගකිව යුතු පමණක් නොවේ. ඒ ගැන ඔහුගෙන් කට උත්තරයක් ලබා ගැනීමටත් කටයුතු කල යුතුයි. ඒ වගේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන කණ්ඩායම් මේ ගැන අධිකරණයට පැමිණිලි කල යුතුයි.
අනේ මහත්තයෝ අයේ මිනිස්සුන්ව රවට්ටන්න එන්න එපා.. මේ රට මේ තත්වයට පත්වීමට ඔබතුමන්ලත් වගකියන්න ඕනේ.. දැන් නිකන් ඇඟ බේරගන්න හදන්න එපා...
ආයෙත් හොරු පත්කරන්න වෙහෙස ගන්න එපා මැතිතුමනි, " නාගනන්ද කොඩිතුවක්කු " මැතිතුමන් ගැන සලකලා බලමු නේද?
මහැදුරු තුමණි, ඔබ තැනගේ අධ්‍යයනවේදී ප්‍රාමාණික දැනුම් සම්භාරයට හිස් වැසුම ඉවත් කර ගරු කරමි. රටට ගැලපෙන දේශ පාලන නායකයෙකු තෝරා බේරා ගන්න කරපු මෙහෙවරේදී ටයිටේනියම් වටින ඔලුවක් නිරපරාදේ කීතු කීතු වලට කැබලි කර ගත්ත නේද? කනගාටුයි, මහැදුරෙක් යන්න නිර්වචනය කිරීම අපහසුයි. සරලව ගත්තොත් ඔහුට තුන් කල් දක්නා නුවණක් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. මගේ ටිකිරි මොලයට එන පැනය නම් ඔබ තැන අඩු තරමින් එම නුවණ ස්පර්ශ කර තිබේද? යන්නයි. ඔබ තැන ගේ අධ්‍යයන වේදී කාර්ය සාඵල්‍ය සර්වප්රාකාරයෙන්ම සාර්ථක වේවා!!! ආයු රඛන්තු ආවඩා!!!
උගත්කම නෙති මිනිස්සු වේදිකාවල මොර දෙනවා. අපි කරගත් මෝඩකම මහ ට හරකෙක් මු න හිත මතම් දර්සනය කතා කරනවා රනිල් හිතෙන දේ කරනවා. මංගල එයට හිතෙන දේ කරනවා ජනතාව දුක් විඳිනවා. අනේ අපට වෙච්චදේ??? මුන් රට යනවා. රට කනවා අපිත්කනවා.
ඇත්තම කියනවනම් අපේ ගෙදර කුස්සියේ ඉන්න අය අපේ ජනාදිපති තුමාට වඩා රටේ වෙන දේවල් ගැන දන්නවා. මෙතුමා රට ගැන දැනගන්නේ අපේ පත්තර වලට පින්සිද්ද වෙන්න. මෙතුමා වගේ අසාර්ථක නායකයෙක් මේ මුළු ලෝකෙම පහල වෙලත් නැහැ අායෙ පහල වෙන්නෙත් නැහැ. මෙතුමාව ජනාදිපති කරලා අපි අපේ රටට කලේ ලොකු අපරාදයක්.
එකනේ යහ පාලනය කියන්නේ
උණ විකාරෙන් වගේ මෙයා දැන් කියවන්නේ. රට කන්න මුල පුරපු අයට දැන් කොහොමත් උණ තමයි. අපේ රටට හෙන ගෙනාපු අයගෙන් ප්‍රමුඛයෙක්නේ මෙයත්.
කමල්, මමත් එකඟයි ඔබ සමග.