
(යොහාන් භාසුර)
මෙරට පැරණිතම බෞද්ධ ගීතයක් වන ‘දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්ම ස්කන්ධා’ ගීතය ජාතික උරුමයක් බවට පත්කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (16) පැවසීය.
ජෝන් ද සිල්වා ශූරීන් 1903 වසරේ ‘සිරිසඟබෝ’ නාට්‍යයට රචනා කළ, විශ්වනාත් ලව්ජි මහතා තනු නිර්මාණය කළ මෙම ගීතය ජාත්‍යන්තරවත් විශාල ඇගයීමකට ලක්වූ සංස්කෘතිකමය වටිනාකමින් යුත් ගීතයක් බව කී අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මෙම ගීතය ඉතිහාසයේ ජාතික ගීයට සමාන ගරු බූහුමනට ලක්වූ ගීතයක් බව ද සඳහන් කළේය.
පළාත් සභා, පළාත් පාලන, ස්වදේශ කටයුතු, රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා ‘දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්ම ස්කන්ධා’ ගීතය ජාතික උරුමයක් බවට පත්කිරීමට ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය පිළිගත් බවව ද සඳහන් වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඕකද රටේ තියන දැවෙන ප්රශ්නය ?මුන්ට පිස්සු
‘දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්ම ස්කන්ධා’ ගීතය ජාතික උරුමයක් බවට පත්කිරීමට ඉදිරිපත් කළ යෝජනාව ඉතාම අගේ කරමි. ඒ ගීතය ගැයූ පැරනිම ගායිකාව වූ 28.10.1978 දින, අප අතරින් සදහටම වෙන්වී ගිය ඩේසි ඩැනියල් හෙවත් රුක්මනී දේවි මහත්මියට මෙය උපහාරයක් වේවා!
දැන් ඉන්න ජනපති, අගමැතිවෙලා හිටපු යහපාලන කාලෙම නේද ඔය කියන ගීතය ඔපෙරා විදියට කියවල හෙන විගඩමක් කළේ.. මොනවද යකෝ මේ මගුල්.. මේ රටට හෙට දවසක්, හොඳ කල දවසක් එන්නෙම නැද්ද අප්පා.. මේ මී හරක්ගෙ විගඩම් බලලම මැරිල යන්ඩ ද වෙන්නෙ.. හයියෝ දෙයියනේ..
බුදුන්වහන්සේගේ ධර්මය කියන්නේ මේ ලොවේ ඇති විශිෂ්ටතම දර්ශනය බව මම හැමදාමත්ම කියන කතාවක්.එහෙත් ඒ උතුම්වූ ධර්මය මේ ගීතයත් සමග ඇති සබඳතාවය ගැනනම් මට යමක් කියන්න අපහසුයි, එහෙත් අපිට අමතක නැති ,ඒ වගේම සත්‍ය කතාවක් කියන්නම් .... 1977 දී ජනාධිපතිවූ ජේ ආර් ජයවර්ධන කියන, අපේ රට නැත්තටම නැතිකරන්න මුල පෑදූ ඒකාධිපතියාගේ කාලයේදී උදේ හවස ගුවන් විදුලියෙන් සහ රූපවාහිනියෙන් ප්රචරයවුනේ මේ ගීතයයි. රටේ හැම තැනම මිනි කඳු ගිනිගෙන දුම්දමද්දී මේ ගීතය ප්‍රචාරය කිරීමෙන් තම අශිලාචාර තිරිසන්බව පෙන්වීමට පාලකයින් කැමැත්තෙන්ම ඉදිරිපත්වුනා.ඒවගේමයි අද මේ රට විනාශ කරමින් සිටින රනිල් වික්‍රමසිංහ නම් ඒකාධිපතියා එදා ජේ ආර් නම් එකාධිපතියාගේ සෙවනේ පාර්ලිමේන්තුවේ සිටි ඔහුගේ බෑනයි .
මම හිතා උන්නේ ජේ ආර් මේක ජාතික උරුමය කළා කියල. මේක ජාතික උරුමයක් නම් මේ ගීතයත් සමගම ජාතික උරුමයක් බවට පත්කිරීමට සුදුසු ගීත සහ කවි: ගැල් කවි, පාරු කවි, ගොයම් කවි, පැල් කවි වගේ දේවල්. ඒවත් සංස්කෘතිකමය වටිනාකමින් යුත් දේවල් නේද?
මෙම ගීතය මුල් ගීතයක් නොවේ. මෙම තනුව ඉන්දියානු සංගීතඥ විශ්වනාත් ලවුජි විසින් සිරි සඟබෝ නාට්‍ය සඳහා ජර්මානු ගීතයකින් පිටපත් කර ඇත.
දන්නෝ බුදුන්ගේ .... කියන්නේ බෞද්ධ ගීතයක් නොවෙයි. ඒක ''පුර වැනුම් ගීතයක්". ඒකෙන් කියවෙන්නේ 'අනුරාධපුරය' කියන පුරවරයේ අලංකාරයයි. බොහෝ දෙනෙක් "බුදුන්ගේ" කියන වචනය තියෙන නිසා මේක "බෞද්ධ" ගීතයක් කියලා වරදවා වටහාගෙන තියෙනවා. මෙම ලිපිය ලියන ලේඛකයාත් ඒක වරදවා වටහාගෙන ඇති බව පේනවා. එයා "බෞද්ධ ගීතය" කියලා ලියලා තියෙන එක "පුර වැනුම් ගීතයක්" ලෙස නිවැරදි කරන්න.
සාදු සාදු සාදු
කිසිම දෙයක වටිනාකමක් නොදන්න හාල්පාරැවො මෙවැනි උතුම් දෙයකටත් විරුද්ධ වෙයි.
දන්නෝ බුදුන්ගේ ගීතය නූර්ති ගීතයක්. 1903 නීතිඥ ජෝන්ද සිල්වා සූරීන් විසින් රචනා කළ සිරිසඟබෝ නූර්තියේ ගෝඨාභය, සංඝතිස්ස හා සඟබෝ යන තිදෙනා අනුරාධපුරය බලා ගමන් කරන අතරමග ජවනිකාවේදී ගායනා කරන ගීතයක්. ඒකෙ අන්තිම පද පේළියේ සඳහන් වෙනවා "අනුරාධ නගරය දැන් පෙනේ ඔස්සේ" කියලා.. ඒ කියන්නේ මේ මාර්ගයේ යද්දී අනුරාධපුර නගරය හමුවෙනවා කියන එක. තව දෙයක් මේ ගීතයේ තනුව නිර්මාණය කරලා තියෙන්නේ විශ්වනාත් ලව්ජි විසින්.. ඒ උත්තර භාරතීය රාගධාරී සංගීතයට අනුව.. මේ ගීතය වර්තමානයේ ඉතා අලංකාර තනු නිර්මාණ යොදාගෙන විවිධ පුද්ගලයින් විසින් ගායනා කරලා තියෙනවා. මේ ගීතය ජාතික උරුමයක් වෙන්න නම් ඒකේ තනුවත් දේශීය එකක් වෙන්න ඕනෑ.. කෙසේනමුත් මේ ගීතය විවිධ තනු නිර්මාණයන් ඔස්සේ ගායනා කිරීමට හැකිවන සේ කරන දෙයක් කරා නම් හොදයි කියලා මට හිතන්නේ... නැත්නම් මේ ගීතය ඉදිරි පරම්පරාවට අහන්නවත් ලැබෙන එකක් නෑ.. මෙහෙම ගීතයක් තියෙනවා කියලා හරි බොහෝ දරුවන් දැනගත්තේ අමරදේව මාස්ටර්, නන්දා මාලනී මහත්මිය ගායනා කරපු නිසා..
ඔය ගීතයේ තනුව කොපියක් බව වත් නොදන්නා අය තමයි ඉන්නේ. දන්නේ නැත් නම් සොයා බලා තීරණ ගැනීමටවත් බුද්ධිමත් බවක් නැහැ. ස්වතන්ත්රව නිෂ්පාදිත උතුම් ගීතයි ජාතික උරුම ලෙස සැලකිය යුත්තේ... !