වැලි ලොරියෙන් අල්ලස් ගත් සාජන් - කොස්තාපත් ගෙදර බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් වැලි ප්‍රවාහනය කළ ලොරි රථ රියැදුරකුට නීති ක්‍රියාත්මක නොකර සිටීම සදහා රුපියල් 10,000 ක අල්ලස් මුදලක් ලබාගත් බව කියන කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ පොලිස් සැරයන්වරයකුගේ සහ කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කළ බව කොළඹ දකුණ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි. 04 July 2025
අයි.එම්.එෆ් ණය දෙන හේතුව සජිත් හෙළි කරයි ආණ්ඩුව මූල්‍ය අරමුදලේ කොන්දේසි පිළිගන්නා ගමන් ජනතාව මත බර පටවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 04 July 2025
මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්ට ඇප මෝටර් රථවාහන දෙපාර්තමෙන්තුවට බලපත්‍ර ගැනීමට පැමිණී ජනතාවගෙන් අල්ලස් ලෙස ලබාගත් රුපියල් ලක්ෂ 40කට අධික මුදලක් සන්තකයේ තබාගත්තේ යැයි සැකපිට රිමාන්ඩ් බාරයේ රඳවා සිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ශාඛාවේ නියෝජ්‍ය කොමසාරිස්වරයා ඇතුළු තිදෙනො කොන්දේසි සහිත ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද (04) නියම කළාය. 04 July 2025
යුද හමුදාපති - ගුවන් හමුදාපති අතර හමුවක් යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ලසන්ත රුද්‍රිගෝ මහතා සහ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා අතර හමුවක් අද (4) ගුවන් හමුදා මූලස්ථානයේදී පැවැත්විණි. 04 July 2025
බසය මාර ගසක ගැටී 21 ක් රෝහලට හලාවත දැදුරු ඔය ආසන්නයෙදී ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන මාර ගසක ගැටි අද(4) දහවල් සිදුවු අනතුරකින් රියදුරු ඇතුළු 21 දෙනෙකු බරපතල තුවාල ලබා හලාවත මහ රෝහලට ඇතුළත් කර ඇති බව හලාවත මූලස්ථාන පොලිසිය කියයි. 04 July 2025
ක්වාසි විනිසුරු අල්ලස් දැලේ දික්කසාද නඩුවක තීන්දුව කාන්තාවට වාසිදායක වන අන්දමට දීම සඳහා රුපියල් ලක්ෂයක අල්ලසක් ඉල්ලා ලබාගන්නා අවස්ථාවේදී කදුරුවෙල ක්වාසි විනිසුරුවරයා සහ එහි ලිපිකරුවෙකු අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. 04 July 2025
කෝටිපති ව්‍යාපාරිකයාගේ සිරුර කුණු වතුර වළක අතුරුදන්ව සිටි කෝටිපති ව්‍යාපාරිකයකුගේ සිරුර වෙන්නප්පුව උදාසිරිගම ප්‍රදේශයේ වාහන සේදුම් මධ්‍යස්ථානයක අප ජලය බැහැර කිරීමට යොදා තිබු වළක තිබියදි හමුවු බව වෙන්නප්පුව මූලස්ථාන පොලිසිය කියයි. 04 July 2025
අල්ලස් චෝදනාවෙන් සුරාබදු නියමකවරුන් දෙදෙනා නිදොස් කොට නිදහස් නීතී විරෝධී සිගරට් තොගයක් සමඟ අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයකුට එරෙහිව නීතී මඟින් කටයුතු නොකර සිටීම සඳහා රුපියල් 40.000/-ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි සුරාබදු නියාමතවරුන් දෙදෙනකු සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද මහතා නියම කළේය. 04 July 2025
මන්ත්‍රීලා 175 න් 80ක්ම වත්කමට පිටුපාලා වත්කම් බැරකම් ප්‍රකාශ භාරදීම සඳහා ලබාදී තිබූ කාලය පසුගිය ජුනි මස 30 වැනිදා අවසන් වුවද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 175 දෙනාගෙන් 80 දෙනකුම වත්කම් බැරකම් ප්‍රකාශ කතානායකවරයාට බාරදී නැතැයි වාර්තාවේ. 04 July 2025
වෑන් රියේ ගැටුණ පා පැදිකරු මරුට වවුනියාව යාපනය මාර්ගයේදී වෑන් රථයක් හා පාපැදියක් ගැටී සිදුවූ අනතුරකින් පා පැදියේ ගමන් ගත් පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් ඇති බව වවුනියාව පොලිසිය සදහන් කරයි. 04 July 2025
එස් එම් චන්ද්‍රසේන අත්අඩංගුවට බඩ ඉරිඟු බීජ බේදා හැරීමේදී දුෂණයක් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන මහතා අල්ලස් කොමිසම විසින් අද(04) සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. 04 July 2025
බන්ධනාගාරයේ මාංචු කුට්ටමක් නිවාඩු නිකේතනයකින් හමුවෙයි බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අයත් අත්විලංගු ජෝඩුවක් මහනුවර ප්‍රධාන පෙළේ නිවාඩු නිකේතනයක් තුළ දමා ගොස් තිබූ බෑගයක් තුළ තිබී හමු වි ඇතැයි පොලිස් මූලස්ථානය කියයි. 04 July 2025
‘කුමන යාල හරහා පයින් කතරගම යන්න අදින් පස්සේ බෑ‘ කතරගම බලා පාද යාත්‍රා පාගමනින් එන බැතිමතින්ට කුමන ජාතික උද්‍යානයෙන් ඇතුලුවීමට අද (04) සවස 03.00න් පසුව අවසර නොලැබෙන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නැගෙනහිර පළාත් සහකාර අධ්යක්ෂ ප්‍රශාන්ත විමලදාස මහතා පැවස්වේය. 04 July 2025
අදත් වැසිවාර කිහිපයක් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 04 July 2025
අල්ලස්ගත් සංවර්ධන නිලධාරී-රියදුරු අත්අඩංගුවට පේරාදෙණිය පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයේ සංවර්ධන නිලධාරීයෙකු සහ රියදුරෙකු රුපියල් 10,000 ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවව කියයි. 04 July 2025
රාගම වෙඩි තැබීමකින් අයෙක් මරුට රාගම බටුවත්ත ග්‍රාම සංවර්ධන මාවතේ නිවසකට ඊයේ (3) රාත්‍රී කඩා වැදුණු පුද්ගලයන් දෙදෙනෙකු සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය ගොස් ඇතැයි රාගම පොලිසිය කියයි. 04 July 2025
රුසියාව ඇෆ්ගන් තලේබාන් රජය පිළිගනී ඇෆ්ගන් තලේබාන් රජය නිල වශයෙන් පිළිගන්නා බව, රුසියාව පවසයි. තලේබාන්වරුන්, ඇෆ්ගනිස්තානයේ බලය අල්ලා ගෙන, නව රජයක් පිහිටුවූයේ 2021 දී ඇමෙරිකන් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑමෙන් අනතුරුවය. 04 July 2025
ට්‍රම්ප්ගේ පනත් කෙටුම්පතට අනුමැතිය ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආන්දෝලනයට තුඩු දුන් බදු සහ වියදම් සම්බන්ධ නව පනත් කෙටුම්පතට, එරට කෙංග්රසයේ (පාර්ලිමේන්තුව) අනුමැතිය හිමි විය. ඒ දින දෙකක් තිස්සේ, පැවැති වාද විවාදවලින් අනතුරුවය. 04 July 2025
ජැකලින්ගේ ඉල්ලීම ඉවතට මුදල් විශුද්ධිකරණ නඩුවක් අවලංගු කරන ලෙස ඉල්ලා බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස් ගොනුකළ පෙත්සමක් දිල්ලි මහාධිකරණය ප්‍රතික්ෂේප කර ඇත. 04 July 2025
ගෙවී ගිය මාස කිහිපයේ වෙඩි තැබීම් 62ක් 2025 වසරේ ආරම්භයේ සිට මේ දක්වා වෙඩි තැබීමේ සිද්ධීන් 62 ක් ක් වාර්තා වී ඇති අතර එම වෙඩි තැබීම්වලින් පුද්ගලයන් 34 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. 03 July 2025
නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩභාර ගනි සහකාර පොලිස් අධිකාරි නීතිවේදී පෙඩ්රික් උදය කුමාර වුට්ලර් මහතා පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහ පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂක ලෙස අද(03)වන දා රාජකාරී ආරම්භ කළේය. 03 July 2025
අස්වැසුම තවත් ලක්ෂ නවයක් ඉල්ලලා අස්වැසුම වැඩසටහන යටතේ ලක්ෂ 18 ක පිරිසක් ප්රතිලාභ ලබනවා. තවත් ලක්ෂ 9 ක පිරිසක් ඊට ඉල්ලම් කර තිබෙනවා. 2024 වසරේ වත්මන් ජනපතිවරයා බලයට පත්වන වන විට දුගී ජනතාව ලක්ෂ 18 කට ආසන්නවී තිබුණ. ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සංවර්ධන අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා අද පැවැසීය. 03 July 2025
කහවත්ත උණුසුම් පොලිසිය හා ගම්වාසීන් ගැටේ කහවත්ත පලන්සූරියගම දී ඝාතනය ලක් වූ පහළගම විතානලාගෙ ඉමන්ත සුරන්ජන තරුණයාගේ අවසන් කටයුත අද සවස අවසන් වී සුළු වේලාවකින් පොලිසිය සහ ගම්වාසීන් අතර ඇතිවූ ගැටුමකදී පොලිසියේ සහ ගම්වාසීන් කීප දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 03 July 2025
කුඩු සලිඳුගේ පෙත්සමට නීතිපති හරස් වෙයි තමන් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදන නිකුත් කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා රටින් පළාගොස් සැඟව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන සලිඳු මල්ශිත ගුණරත්න හෙවත් කුඩු සළිඳු නමැත්තා ගොනු කර ඇති රිට් පෙත්සම නිෂ්ප්‍රභ කරන්නැයි ඉල්ලමින් නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ මූලික විරෝධතා අද ඉදිරිපත් කළේය. 03 July 2025
එකේ පන්තියට අයදුම් පත් විස්තරේ හෙට පත්තයට 2026 වසරේ රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ අයදුම් පත් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් අද (3) නිකුත් කළේය. 03 July 2025
යුනෙස්කෝවෙන් පුරාවිද්‍යාවට රතු එළියක් ඓතිහාසික සීගිරිය පුරාවිද්‍යා භූමිය අනවසර ඉදිකිරීම් හේතුවෙන් විනාශවීමේ තර්ජනයක් මතුවිය හැකි හෙයින් ඒ භූ දර්ශනය ආරක්ෂා කරන්නැයි යුනෙස්කෝ සංවිධානය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දැනුම්දී ඇත. 03 July 2025
පොලිස් අණ නොතැකූ යතුරු පැදියට පොලිසියෙන් වෙඩි මීගමුව දුංගල්පිටිය ලෙල්ලම පොලිස් මාර්ග බාධකය හරහා පොලිස් අණ නොතකා ධාවනය වූ යතුරුපැදියක ගමන් ගත් පුද්ගලයන් දෙදෙනකුට පොලිසිය සිදු කළ වෙඩි තැබීමකින් අයකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි. 03 July 2025
අරලිය උයනේදී බස් රථයක් පෙරළෙයි: 15ක් රෝහලට වත්තේගම කුඩුගල හරහා මහනුවරට ධාවනය වෙමින් තිබූ ලංකා ගමනාගමන මණ්ඩලයේ බස්රථයක් අරලිය උයන ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාම හේතුවෙන් එහි ගමන් ගත් මගීන් 15 දෙනෙකු තුවාල ලබා වත්තේගම රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි. 03 July 2025
පවුල් කන්න ණය අරන් ජනතාව අවදානමේ මෙරට ජනතාවගෙන් වැඩි ප්‍රමාණයක් අවදානමට ලක්ව ඇත්තේ සිය පවුලේ අවශ්‍යතා වෙනුවෙන් ලබාගත් ණය හේතුවෙන් බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නිත්‍ය නේවාසික නියෝජිත අසූසා කුබෝටා මහත්මිය අද (03) ප්‍රකාශ කළාය. 03 July 2025
රෝහලේ කුණු අසල්වාසීන්ට හිසරදයක් වෙලා අනුරාධපුරේ ශික්ෂණ රෝහලින් බැහැර කෙරෙන සායනික අප ද්‍රව්‍ය නිසිපරිදි කළමණාකරනය නොකිරිමේ හේතුවෙන් තමන් දැඩි පිඩාවට පත්ව සිටින බවට ප්රදේශවාසිහු මැසිවිලි නගති. 03 July 2025
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026