IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ජපන් තවත් වෛද්‍ය කණ්ඩායමක් දිවයිනට

(ටී.කේ.ජී.කපිල )

ආපදා තත්වයෙන් විපතට පත්  ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම සදහා " ක්ෂේත්‍රගත රෝහලක් " පවත්වා ගෙන යාම සදහා 41 දෙනකුගෙන් යුතු ජපන් ජාතික වෛද්‍යවරු ඇතුළු සමස්ථ රෝහල් කාර්යය මණ්ඩලයක් අද අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

ඔවුන් සිදු කළ සමීක්ෂණයකට අනුව මෙම ක්ෂේත්‍රගත රෝහල හලාවත මහ රෝහල ආසන්නයෙහි ස්ථාපිත කිරීමට සැළසුම් කර තිබේ .

මෙම රෝහල සදහා අවශ්‍ය ඖෂධ වෛද්‍ය උපකරණ , රසායනගාර පරීක්ෂණ සදහා අවශ්‍ය පහසුකම් සියල්ල ද මෙම ජපන් ජාතික වෛද්‍ය සහන සේවා කණ්ඩායම විසින් රැගෙන විත් තිබේ 

ජපාන රජයේ පූර්ණ අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක වන මෙම රෝහල , සියලුම වෛද්‍ය ප්‍රතිකාර නොමිලේ ලබා දීමට පියවර ගෙන තිබේ .

ඔවුන් පිළිගැනීම සදහා විද්‍යා සහ තාක්ෂණ කටයුතු පිළිබද අමාත්‍ය ක්‍රිශාන්ත අබේසේන , ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසමටා , සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ .

 



අදහස් (0)

ජපන් තවත් වෛද්‍ය කණ්ඩායමක් දිවයිනට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 42 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 838 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 606 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site