හරක් කටා කොළඹ ජාතික රෝහලට ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නදුන් චින්තක නොහොත් හරක් කටා නමැත්තා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත 06 July 2025
මාර්ග සංඥා කුලුනක නැඟ සිටි අයෙක් අත්අඩංගුවට ජනාධිපති හමුවීමට අවශ්‍ය බව පවසමින් ජනාධිපති ලේකම් කාර්යාලට ඉදිරිපිට මාර්ගයේ මාර්ග සංඥා කුලුනේ එල් හැඩයට සවිකර ඇති කොටස මත වාඩිවී මහජනතාවට පීඩා වන අයුරින් හැසිරුණු පුද්ගලයා අත්අඩංගුවට ගත් බව කොටුව පොලිසිය කියයි. 06 July 2025
ගම්පහට පැය 12 ක් වතුර නෑ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට හෙට (7) පැය 12ක කාලයක් ජල ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසීය. 06 July 2025
ජාතික අනතුරු නිවාරණ සතියක් නම් කරයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය ජාතික අනතුරු නිවාරණ සතියක් නම් කර තිබේ. 06 July 2025
කාන්තාවකගෙන් පන්දහසක් ගත් පීසී අත්අඩංගුවට රියදුරු බලපත්‍රය නොමැතිව අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට ඉදිරිපත් කර තිබූ යතුරු පැදියක් මුදා හැරීමට කටයුතු කර දෙන බවට පවසා කාන්තාවකගෙන් රුපියල් 5000ක මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයෙකු අත් අඩංගුවට ගත් බව කුරුඳු වත්ත පොලිසියකියයි. 06 July 2025
මානුෂීය සංකල්ප වලින් ඉවත් වීම ආර්ථික පරිහානියට හේතුවයි මුලික මානුෂීය සංකල්ප වලින් ඉවත්වී මුදලට යාන වාහන වලට හිස නමන අධ්‍යාපන ක්‍රමයක් බිහිවීම රටේ සමාජ ආර්ථික පරිහානියට හේතුවක් බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවැසීය. 06 July 2025
ජනපති අරමුදල ගමට ගෙනියන හැටි මාතරට උගන්වයි ජනාධිපති අරමුදලේ කටයුතු ප්‍රාදේශීය මට්ටම දක්වා විමධ්‍යගත කිරීමේ විශේෂ පුහුණු වැඩමුළු මාලාවේ දකුණු පළාත් වැඩමුළුව මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. 06 July 2025
කුණ්ඩසාලේ ප්‍රා.සභාව මිලියන 12ක් අවිධිමත් ලෙස කසල අංගනයට යොදවලා කුණ්ඩසාලේ ප්‍රා දේශිය සභාවට අයත් දිගන අලුත්වත්ත කසළ මධ්‍යස්ථානය වැඩි දියුණු කිරිමේ ව්‍යාපෘතිය යටතේ ගබඩා අංගන ගොඩනැගිල්ල ඉදිකිරිම අත්හැරදමා ඉතිරි වු මිලියන 12ක පමණ මුදල කසළ අංගනයේ වෙනත් කාර්යයන් සදහා අවිධිමත්ව යොදවා තිබු බව ජාතික විගණන කාර්යාලය පවසයි. 06 July 2025
රටබීම-කරදමුංගු ගුවන්තොටේන් පන්නන්න බැරිවෙයි රුපියල් එක් කෝටි පනස් ලක්ෂයක් වටිනා රටබීම සහ කරදමුංගු තොගයක් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගීන් සිව් දෙනෙකු අද (06) අලුයම ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 06 July 2025
පළාත් කිහිපයකට වැසිවාර කිහිපයක් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 06 July 2025
කොස්තාපල් කුඩු ගහද්දී මාට්ටු මාලිගාවත්ත නිවසක් වටලා අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගෙන මත්ද්‍රව්‍ය පානය කර සිටි පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව මාලිගාවත්ත පොලිසිය කියයි 06 July 2025
කොස්ගමදී ත්‍රිරෝද රියකට වෙඩි තබයි,තිදෙනෙක් රෝහලට මවක දියණියක සහ තවත් පුද්ගලයකු කොස්ගම සුදු වැල්ල ප්‍රදේශයේදී, වෙඩි ප්‍රහාරයට ලක්ව රෝහල් ගත කර ඇතැයි කොස්ගම පොලිසිය කියයි. 06 July 2025
පර්පෙචුවල් තහනම තවත් මාස හයක් දීර්ඝ කරයි. පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවීමේ තීරණය තවදුරටත් මාස හයකට දීර්ඝ කිරීමට මහ බැංකුව අද සවස තිරණය කළේය. 05 July 2025
අත් විලංගු නවාතැන්පොලේ දමා ගිය සැරයන්ට වැඩ වරදී මහනුවර දළදා වීදිය ප්‍රදේශයේ නවාතැන්පොළක අත් විලංගු ජෝඩුවක් දමා ගොස් තිබූ කැලණිය පොලිසියේ පොලිස් සැරෙන්වරයකු අත්අඩංගුවට ගත් බව මහනුවර පොලිසිය පවසයි. 05 July 2025
සංචාරක කර්මාන්තයේ සිඝ්‍ර වර්ධනයක් සංචාරක කර්මාන්තයෙන් ශ්‍රී ලංකාව මෙම වසරේ පළමු මාස 6දී ඇමෙරිකානු ඩොලර් බිලියන 1.71 ක මුදලක් උපයා ඇති බවත් එය පෙර වසරට සාපේක්ෂව සියයට 10 වර්ධනයක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම දත්ත වාර්තාවල සඳහන් වේ. 05 July 2025
බස්නාහිර මෙහෙයුමට 350ක් කොටුවෙති බස්නාහිර පළාතේ ඊයේ රාත්‍රියේ කළ සෝදිසි මෙහෙයුමකදී සැකකටයුතු 350 දෙනෙකු අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. 05 July 2025
කතානායකට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා රාජ්‍ය දේපළ අවභාවිත කරන බව පවසමින් නව ජනතා පෙරමුණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ඊයේ පැමිණිල්ලක් කළේය. 05 July 2025
ආණ්ඩුව ඇතුළේ දූෂණය අවසන් ආණ්ඩුව ඇතුළේ දූෂණ සහ වංචාව සම්පූර්ණයෙන්ම අවසන් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය කේඩී ලාල් කාන්ත මහතා පැවසීය. 05 July 2025
පිටරටින් එන සංචාරකයන්ට සුභ ආරංචියක් දින අනූවකට වඩා මෙරට රැඳී සිට රුපියල් පනස් දහසක වැට් බදු ගෙවූ විදේශිකයන්ට එම වැට් බදු නැවත ලබාදීමට රජය තීරණය කර ඇත. 05 July 2025
ඩෙංගු බෝ කළ පාසල් 185ක් රාජ්‍ය ආයතන 221ක් සොයාගනී මදුරු කීපයන් බෝ වන සේ පරිශ්‍ර පවත්වාගෙන ගිය පාසල් 185ක් සහ රාජ්‍ය ආයතන 221 සොයාගෙන ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. 05 July 2025
මතුගම ඇළකින් ඇටසැකිල්ලක් හමුවෙයි මතුගම පොලිස් පොලිස් වසමේ උඩවෙල අංක 828 ග්‍රාම සේවා වසමේ ඇටකෙහෙල්ගල්ල පාර ප්‍රදේශයේ තේ වගා කරන ලද ඉඩමක ඇළ කානුවක තිබි ඇට සැකිල්ලක් ඊයේ (4) සවස හමුවී ඇතැයි මතුගම මූලස්ථාන පොලිසිය පවසයි. 05 July 2025
දේශබන්දු කමිටු වාර්තාව මේ මාසයේදී කතානායකට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විමර්ශන කරන මැතිසභා ත්‍රිපුද්ගල කමිටුවේ විමර්ශන බොහෝ දුරට මෙම මාසයේදී අවසන් කිරීමට නියමිතය. 05 July 2025
ජ‘පුර රෝහලේ වෛද්‍යවරිගේ දි්‍යණිය තගක් දාලා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහේශී සූරසිංහ නැමැත්තියට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුවකට සහභාගි වී අධිකරණයෙන් පිටව යමින් සිටි අල්ලස් කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂවරියට (නීති) එම ශල්‍ය වෛද්‍යවරියගේ දියණිය මරණ තර්ජන කර ඇති බව කෙසෙල් වත්ත පොලිසිය පවසයි. 05 July 2025
බැංකු හොරකමට සුදු හුණු ගෑ මන්ත්‍රීලා 10ක් පසුපස සීඅයිඩිය පන්නයි බැඳුම්කර සිද්ධියට සුදු හුණු ගෑමට සහ එහි තොරතුරු වසන් කිරීමට මත්පැන් සමාගමකින් කෝටි ගණනින් මුදල් ඇතුළු විවිධ වරදාන ලබාගත් බව පැවසෙන හිටපු සහ වර්තමාන මන්ත්‍රීවරුන් දස දෙනකු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇත. 05 July 2025
බොරැල්ල වෙඩි තැබීමට දෙකක් මාට්ටු බොරැල්ල, හල්ගහකුඹුර ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තැබීමේ සිද්ධියේ යතුරුපැදිකරු සහ තවත් පුද්ගලයෙකු ඊයේ (4) රාත්‍රී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාශය පවසයි. 05 July 2025
අල්ලස් ලොක්කාගෙන් රාජ්‍ය සේවකයන්ට පණිවිඩයක් අල්ලස දූෂණයට හවුල් නොවන්නේ නම් රාජ්‍ය නිලධාරින් වැඩ කිරීමට බිය විය යුතු නැතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා පැවසීය. 05 July 2025
හුන්නස්ගිරිය මීමුරේ මාර්ගයේ කයිකාවල පාලම තාවකාලිකව වසයි හුන්නස්ගිරිය මීමුරේ මාර්ගයේ 28 වන කිලෝ මීටරයේ ඇති කයිකාවල පාලමේ මාර්ග සංවර්ධන අධිකාරිය මගින් සිදුකරනු ලබන ප්‍රතිසංස්කරණ කටයුත්තක් අතර තුර ඇති වී ඇති හදිසි ආපදා තත්වයක් හේතුවෙන් එම පාලම හරහා වාහන ධාවනය කිරීම තාවකාලිකව අත්හිටුවා ඇත. 04 July 2025
ග්‍රාමීය දිළිඳු බව තුරන් කිරීම ආණ්ඩුවේ ප්‍රමුඛතාවයයි ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කිරීම ආණ්ඩුවේ ප්‍රමුඛතාවය බවත් ඒ සඳහා ග්‍රාමීය ජනතාවට නව ආර්ථික අවස්ථා නිර්මාණය කළ යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹදී පැවසීය. 04 July 2025
IOC සමාගමෙන් ජනාධිපති අරමුදලට කෝටි 10ක් ලංකා ඉන්දියන් ඔයිල් සමාගමෙන් ජනාධිපති අරමුදලට රුපියල් මිලියන 100ක පරිත්‍යාගයක් සිදුකර තිබේ. 04 July 2025
හිටපු ඇමැති එස්.එම්. 18 තෙක් රිමාන්ඩ් දිළිඳු ගොවීන්ට සහනදායි මිලට දීම සඳහා රජය මඟින් ගෙන්වන ලද බඩ ඉරිඟු බීජ තොගයක් 2015 ජනාධිපතිවරණයට වාසි ගැනීමේ අරමුණීන් සිය දේශපාලන හිතවතුන් මඟින් බෙදා දීමෙන් රජයට රුපියල් කෝටි 2 1/2කට අධික පාඩුවක් කළැයි කියමින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා ලබන 18 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද නියම කළාය. 04 July 2025
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026