IMG-LOGO

2025 දෙසැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


අවසන් ගෞවර නෑ:පෙට්ටියක්වත් නැතිව වැළලුණු මිනිස්සු

(සිසිර ලලිත් කුමාර සහ )

‘‘දිට්වා‘‘ සුළි කුණාටුව හේතුවෙන් කොත්මලේ නැගෙනහිර හා බටහිර යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස ද්විත්වයේ ස්ථාන බොහෝමයකට දැඩි හානි ගෙනදුනි. එහිදී කොත්මලේ නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රම්බඩගම ගම්මානය දරුණු නාය යෑමකට ලක් වූ අතර එහිදී පුද්ගලයන් තිහකට ආසන්න පිරිසක් මියගිය අතර ඇතැම් පුද්ගල මල සිරුරු මේ වනතෙක් සොයා ගැනීමට නොහැකි වී ඇත.

මෙහිදී කොත්මලේ නැගෙනහිර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පිහිටි ගම්පොල නුවරඑළිය මාර්ගයට අයත් පුස්සැල්ලාව සිට නුවරඑළිය ටොප් පාස් දක්වා කොටසේ ඇතැම් ස්ථාන දරුණු නාය යෑමකට ලක් වූ අතර මේ වනතෙක් එම මාර්ගය සම්පූර්ණයෙන් ගමනා ගමනය සඳහා නිදහස් කරගැනීමට නොහැකි වී ඇත්තේ සිදුව ඇති බරපතළ ආපදා හේතුවෙන් බව මොනවට පැහැදිලිය.

කොත්මලේට ප්‍රවිශ්ඨ වීමට තිබූ ගම්පොල නුවරඑළිය මාර්ගය, උලපනේ මාවෙල හරහා කොත්මලේ මාර්ගයද, පූඬලුඔය පාළුවත්ත හරහා කොත්මලේට පිවිසෙන මාර්ගයද සම්පූර්ණයෙන් පාහේ අවහිර වී ඇති අතර එහිදී පූඬලුඔය පාළුවත්ත මාර්ගයේ නියම්ගන්දර ප්‍රදේශයේ සිදුව ඇති නාය යෑම හේතුවෙන් මාර්ගය තවත් බොහෝ කාලයකට විවෘත කිරීමට හැකිවේද යන ගැටළුව මේ වනවිටත් මතුව ඇත.

එමෙන්ම තවලන්තැන්න සිට නුවරඑළිය දක්වා දිවෙන මාර්ගයේ තවලන්තැන්න ,රම්බඩ,පලාගොල්ල ,ලබුකැලේ අතර කොටසද දරුණු නාය යෑමකට ලක්ව ඇති අතර එම මාර්ගයද යථා තත්වයට පත් කිරීම ගැටළුකාරී බවට පත්ව ඇත.

මේ හේතුව නිසාම පසුගිය දින කිහිපය පුරාවට කොත්මලේට ප්‍රවේශ මාර්ග නොමැතිවීම හේතුවෙන් ගුවන් මගින් මෙන්ම කොත්මලේ ජලාශය හරහා බෝට්ටු මගින් භාණ්ඩ හා සේවා ලබා දීමට පියවර ගැනින.

කොත්මලේ නැගෙනහිර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ කොත්මලේ ගාමිණී දිසානායක ජාතික පාසල, නියම්ගන්දර විද්‍යාලය,කුඹල් ඔළුව,ඇතුළු ස්ථාන බොහෝමයක ආපදා සහන සේවා හා සුරක්ෂා මධ්‍යස්ථාන ක්‍රියාත්මක අතර එම ස්ථාන වල රැඳීසිටින ආපදාවට ලක් වූ ජනතාවට රජය මගින් වියළි සලාක මෙන්ම පිසූ ආහාරද ලබා දෙන අතර එකී ස්ථානවලට පෞද්ගලික පිරිස් හා ආයතනද භාණ්ඩ බෙදා දීම් සිදුකරන අයුරු දැකගත හැකිය.

කොත්මලේ නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි පනන්ගම්මන හා නියම්ගන්දර යන ගම්මාන සඳහා ප්‍රවේශ වීමට ඇති ප්‍රවේශ මාර්ග අවහිර වීම හේතුවෙන් ඔවුනට අවශ්‍ය පිසූ ආහාර හා වියළි සලාක බෙදා දීමේදී ඇතැම් ප්‍රායෝගික ගැටළුවලට නිලධාරීන් හා එම ප්‍රදේශවල ජනතාව මුහුණ දී සිටී.

කොත්මලේ බටහිර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ද ඇතැම් ස්ථාන නාය යෑමට ලක් වූ අතර එහිදී නැගෙනහිර කොටසේ තරම් ආපදාවක් එම ප්‍රදේශයේ වාර්තා නොවුනි. එම කොට්ඨාසයට අයත් නාවලපිටිය කලපිටිය මාර්ගයේ ස්ථාන කිහිපයකින් මාර්ගය නාය යෑමට ලක් වූ අතර මේ වනවිට එම ස්ථාන දෙක යථා තත්වයට පත් කර ඇත.

සිදුව ඇති ආපදා තත්වය සැලකීමේදී ප්‍රවාහන පහසුකම් ඉතා අවම මට්ටමක පැවතීම හේතුවෙන් රන්වන්තලාව, මොරපේ ,මාවෙල, මාස්වෙල, දෙළුම්තලාමඩ, පනන්ගම්මන ,කරගස්තලාව, අඹතලාව, පලාගොල්ල , ලබුකැලේ, නියම්ගන්දර ,චොයිසිය ආදී ප්‍රදේශවල ජනතාවට අවශ්‍ය භාණ්ඩ හා සේවා ලබාදීමට අපහසු වී ඇත්තේ එකී ගම්මානවලට ප්‍රවේශවීමට ඇති මාර්ග බොහෝමයක් විනාශ වී යාම හා වෙනත් විකල්ප මාර්ග නොමැති වීමය .

ඇතැම් සුරක්ෂා මධ්‍යස්ථානවලට විදුලිය පහසුකම් නොමැති වීම හේතුවෙන් එම ස්ථානවල වෙසෙන කුඩා දරුවන් ඇතුළු පිරිස් දැඩි අපහසුතා රැසකට මුහුණ දෙන බව වාර්තා වන අතර ප්‍රවාහන අපහසුතා ඇති ගම්මානවල පිහිටි වෙළෙඳ සැල්වල හෝ අත්‍යවශ්‍ය භාණ්ඩ නොමැති බවටද එම ජනතාව පෙන්වා දෙති.

ඊට අමතරව ඇතැම් ස්ථානවල වෙසෙන වයෝවෘද්ධ හා ගිලන් ජනතාවට අවශ්‍ය සනීපාරක්ෂක පහසුකම් සැපයීමේදී නිලධාරීන් හා ජනතාව විවිධ අපහසුතාවලට මුහුණ දෙන බව නොරහසකි .

කොත්මලේ බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හුණුගල් ඔය ,නව තිස්පනේ ,ගොරකඔය ,මොරපේ ,මහවැලි මහ සෑය ආදී ප්‍රදේශවල සුරක්ෂා මධ්‍යස්ථාන ක්‍රියාත්මක වේ. ප්‍රවාහන මාධ්‍ය ඇණහිට ඇති කොත්මලේ නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි නියම්ගන්දර ,රම්බඩගම ,අඹතලාව හා කොත්මලේ යන ප්‍රදේශවල ට ගමන් කිරීමට ඇති එකම විකල්ප මාර්ගය වූ කොත්මලේ ජලාශය හරහා දියත් කළ බෝට්ටු සේවාවද ඇතැම් අවස්ථාවල ක්‍රියාත්මක කිරීමට අපහසු වී ඇත්තේ රාජ්‍ය නිලධාරීන් ගේ මැදිහත්වීම ලබා ගැනීමට හා ඔවුන්ගේ අවශ්‍ය නිර්දේශ අවශ්‍ය වේලාවට ලබා ගැනීමට නොහැකි වීමය.

එමෙන්ම එම බෝට්ටු සේවා ක්‍රියාත්මක කිරීමේදී ඊට අවශ්‍ය ඉන්ධන සහනාධාර නොලැබීමද මහත් ගැටළුවක් වී ඇත.

කොත්මලේ ජලාශ වේල්ලේ සිට එක් බෝට්ටු සේවයක්ද,හැදුණුවැව වෑතලාව ප්‍රදේශයේ සිට තවත් බෝට්ටු සේවයක් ක්‍රියාත්මක වුවද එම සේවා ද්විත්වයම ඇතැම් අවස්ථාවල ක්‍රියාත්මක කරගැනීමට නොහැකිවන බවත් ජනතාව පෙන්වා දෙති .

සෞඛ්‍ය පහසුකම් හා යටිතල පහසුකම් පිළිබඳව අවධානය යොමු කිරීමේදී කොත්මලේ රෝහලේ සේවාවන් ක්‍රියාවට නැංවීමේදී ඉහළම ගැටළුව වී ඇත්තේ ඊට අවශ්‍ය මාර්ග පහසුකම් ලබා ගැනීමට නොහැකිවීමය.පූඬලුඔය හා නවතිස්පනේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයන් මෙන්ම මල්දෙණිය ප්‍රාදේශිය රෝහලේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන අතර සුව සැරිය ගිලන් රථ සේවයද ක්‍රියාත්මක වන අයුරු දැකගත හැකිය.

ජනතාවට අවශ්‍ය පානීය ජල ගැටළු පිළිබඳව සැලකීමේදී ආපදාවට ලක් වූ නිවාස බොහෝමයක් පෞද්ගලික ජල නල පද්ධති මගින් එම නිවාසවලට ජලය සපයාගෙන තිබූ අතර එම ජලනල විනාශ වීම හේතුවෙන් ඔව්න් අපහසුතාවයට පත්ව ඇත.

එමෙන්ම නව කඩදොර ප්‍රදේශයේ ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව මගින් සපයා තිබූ ජල ව්‍යාපෘතිය ට අදාළ ජල උල්පත් විනාශ වීමෙන් එම ජනතාව පීඩාවට පත්ව ඇතැයිද වාර්තා වේ.

දුරකතන සන්නිවේදන හා අන්තර්ජාල පහසුකම් මෙන්ම විදුලිය පහසුකම් ගෙවුණු 26 වැනිදා සිට ඇණහිට ඇති අතර මේ වනතෙක් ඒවා යථා තත්වයට පත්කිරීමට නොහැකිවීම තුළ ඇතැම් ප්‍රදේශවල ජනතාව පීඩාවට පත්ව ඇත.

දෙස් විදෙස් ප්‍රජාව එකතුවී කොත්මලේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස ද්විත්වයේම ආපදාවට ලක්ව ඇති ජනතාවගේ සුභ සිද්ධිය උදෙසා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ජනතාව සුභවාදී මානසිකත්වයකින් කතා කරන අතර ඇතැම් ස්ථානවල භාණ්ඩ බෙදාදීමේදී සිදුවන විශමතාවයන් නිවැරදි කිරීමට හා ඒවා යම් විගණනයකට ලක් කර සියල්ලටම සාධාරණව බෙදා දීමට කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටී.

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් හා දිසාපතී තුෂාරි තෙන්නකෝන් මහත්මිය ගේ උපදෙස් මත කොත්මලේ නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් ආර්.ඒ නදීර ලක්මාල් මහතා මෙන්ම කොත්මලේ බටහිර ප්‍රාදේශිය ලේකම් එච්.එම්.එස්.කේ.කේ හේරත් මහත්මිය ඇතුළු නිලධාරීන් මෙන්ම එම ප්‍රදේශවල ප්‍රජාව කොත්මලේ නැගෙනහිර හා බටහිර ආපදාවට ලක් වූ ජනතාවගේ සුභ සිද්ධිය උදෙසා දිවා රෑ නොබලා කටයුතු කරන බවද සඳහන් කරනු වටී.



අදහස් (0)

අවසන් ගෞවර නෑ:පෙට්ටියක්වත් නැතිව වැළලුණු මිනිස්සු

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්





“කන්න දීප අත සපා කෑ අලියා“
2025 නොවැම්බර් මස 19 6142 2

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 318 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 347 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1280 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site