බිඳ වැටුණු සන්නිවේදන ජාල හෙට වෙද්දි හදන්න පුළුවන් ආපදා තත්ත්වය හේතුවෙන් බිඳ වැටුණු දුරකථන සහ අන්තර්ජාල සන්නිවේදන ජාලා හෙට දිනය වන විට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කිරීමට හැකි වනු ඇතැයි ඩිජිටල් ආර්ථික නියෝජ්ය අමාත්ය එරංග වීරරත්න මආපදා තත්ත්වය හේතුවෙන් බිඳ වැටුණු දුරකථන සහ අන්තර්ජාල සන්නිවේදන ජාලා හෙට දිනය වන විට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කිරීමට හැකි වනු ඇතැයි ඩිජිටල් ආර්ථික නියෝජ්ය අමාත්ය එරංග වීරරත්න මහතා සඳහන් කළේය. හතා සඳහන් කළේය. 03 December 2025
‘‘දිට්වා‘‘ කුණාටුවෙන් දරුවන් 2,75,000 පීඩාවට ‘‘දිට්වා‘‘ සුළි කුණාටුව හේතුවෙන් ඇතිවු ගංවතුර සහ නායයෑම්වලින් දරුවන් 275,000 ක් පීඩාවට පත්ව ඇතැයි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල මෙරට නියෝජිත එමා බ්රිග්හැම් ප්රකාශ කළාය. 02 December 2025
යළි වැස්සොත් කදුකරයට නැවතත් දැඩි අවදානමක් දිට්වා කුණාටුව සමඟ පැවැති අධික වර්ෂාව හේතුවෙන් කඳුකර ප්රදේශවල පොළොවේ පහළ පස් තට්ටු ජලයෙන් සන්තෘප්ත වී ඇති බැවින් දැනටම බොහෝ ස්ථානවල පොළොවෙහි ඉරිතැලීම් ඇතිවන නිසාත් ඉදිරි දින කිහිපයේ තද වැසී ඇති වුවහොත් නැවතත් දැඩි අවධානමක් මතුවිය හැකි බැවින් කඳුකරයේ අවධානම් කලාපවල ජීවත්වන පිරිස් දැඩි විමසිල්ලෙන් සිටිය යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටී. 02 December 2025
කුට ලෙස විවිධ මුහුණු ගනිමින් සොරා කෑ පුද්ගලයෙක් අල්ලයි වසර 23ක කාලයක සිට විවිධ තරාතිරම් ස්වරෑප ඔස්සේ පෙනී සිටිමින් රුපියල් මිලියන 1000 ක පමණ වාහන සොරා ගැනීම්, මුදල් වංචා කිරීම් ඇතුළු අපරාධ රැසක් සිදුකර පොලිසි රැසකට කට්ටි පනිමින් , නම් දහයකින් පෙනී සිටිමින් භාෂා 7 ක් හැසිරීමේ ප්රවීණතාවයක් තිබෙන පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ දිසා අපරාධ කොට්ඨාසය කියයි. 02 December 2025
ඉන්දීය ආධාර ගුවන් යානයක් කටුනායකට ඉන්දීය රජය විසින් පරිත්යාග කළ අංග සම්පූර්ණ ජංගම ආරෝග්යශාලා දෙකක් රැගෙන ඉන්දීය ආපදා ආධාර ගුවන් යානයක් අද (12) දින පස්වරු 05.45 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය . 02 December 2025
’දිට්වා’ නිසා ආර්ථික වර්ධන වේගය වෙනස් කරන්නේ නෑ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ශ්රී ලංකාවේ මැදිකාලීන ආර්ථික වර්ධන වේග ඉලක්කය වෙනස් නොකරන බවත් මැදි කාලීනව සියයට 7 ක ආර්ථික වර්ධන වේගයක් රජය අපේක්ෂා කරන බවත් අග්රාමාත්ය හරිනි අමරසූරිය මෙනවිය ඊයේ(02) ප්රකාශ කළාය. 02 December 2025
පෝදා අ‘පුර වන්දනාවේ එන්න එපා පසු ගිය දිනවල ඇති වූ අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ දුර බැහැර සිටින සැදැහැවතුන් අනිද්දා (4) උඳුවප් පොහෝ දිනයේදී අනුරාධපුර වන්දනාවේ නොපැමිණෙනවානම්, එය වඩා සුදුසු බව අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නා හිමිපාණන් පැවසූහ. 02 December 2025
නැගෙනහිර වගා හෙක්ටයාර ලක්ෂයක් ඉවරයි නැගෙනහිර පළාතේ වගාව බිම් හෙක්ටයාර් ලක්ෂයකට වඩා ආපදාවෙන් විනාශ වී ඇතැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවේ පැවැසීය. 02 December 2025
ශ්රී ලංකා - පාකිස්තාන් විස්සයි20 තරගාවලියක් පාකිස්තානය සහ ශ්රී ලංකාව අතර තරග තුනකින් සමන්විත විස්සයි20 ක්රිකට් තරගාවලිය දඹුල්ලේදී ලබන ජනවාරි මස 7 වැනිදා ආරම්භ වන බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය අද (2) නිවේදනය කළේය. 02 December 2025
විදුලි පාරිභෝගිකයන් සියයට 30 කට හානිවෙලා අපදා තත්වය හේතුවෙන් මෙරට විදුලි පාරිභෝගිකයන් සියයට 30 ක් පමණ බලපෑමට ලක්ව ඇති බවත් එහිදී ඌව පළාතට විශාලතම හානිය වී ඇති බවත් බලශක්ති අමාත්ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා අද (2) පැවසීය. 02 December 2025
අරාබි ආදරය රැගෙන දෙවන යානයත් එයි එක්සත් අරාබි එමීර් රාජ්යයෙන් ආධාර රැගත් දෙවැනි ගුවන් යානය බණ්ඩාරණායක ජාත්යන්තර ගුවන්තොටුපොළට ලඟ විය. 02 December 2025
ඩෙංගු-චිකුන්ගුන්යා මරුවා ගැන අනතුරු අඟවයි ගංවතුර කෙමෙන් බැස යාම සමග ඉතිරි වූ ප්ලාස්ටික්,පොලිතින්,කුඩා භාජන හා අනෙකුත් ජලය රැඳෙන ස්ථාන අශ්රිතව මදුරුවන් බෝ විය හැකි බව සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය පෙන්වා දෙයි. 02 December 2025
ජාතික උද්යාන 4ක් හෙට ඇරේ අයහපත් කාලගුණික තත්වය හමුවේ වසා දැමුණු වනජීවි ජාතික උද්යාන කිහිපයක් සහ සංචාරක නිවාස කිහිපයක් හෙට (03) සිට විවෘත කිරීමට පරිසර අමාත්යාංශය තීරණය කර ඇත. 02 December 2025
සුළි කුණාටුවක් ඇතිවන බව කිව්වේ නෑ සුළි කුණාටුවක් ඇතිවෙන බවට කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව කිසිදු අවස්ථාවක රජයට දැනුම් දීමක් කර නැති බව නියෝජ්ය අමාත්ය මහින්ද ජයසිංහ මහතා පැවසීය 02 December 2025
බදු පැහැර හරින්නන්ට නරක ආරංචියක් ශ්රී ලංකාවේ විද්යුත් ඉන්වොයිසි ක්රමය ක්රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 02 December 2025
ලිට්රෝ සමාගමට ද්රව පෙට්රෝලියම් දෙන ප්රසම්පාදනය පිරිනමයි ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ ද්රව පෙට්රෝලියම් වායු (LP Gas) සැපයීම සඳහා වන ප්රසම්පාදනය ප්රදානය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 02 December 2025
4 දා ඉදන් වැස්ස වැඩි වන ලකුණු ඉදිරි දින කිහිපයේදී දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්රමයෙන් ස්ථාපිත වෙතැයි අපේක්ෂා කෙරෙන බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන්නැයි කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි. 02 December 2025
රාජ්ය ආයතන රැසක ලියැකියවිලි වතුරේ රාජ්ය නිලධාරීන්ගෙන් සියයට අනුවක් පමණ පසුගිය දිනවල ඇති වූ කාලගුණික විපතින් කුමන ආපදාවකට හෝ ගැටලුවකට මුහුණ දී සිටින බව රාජ්ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා පැවසීය. 02 December 2025
ශිෂ්ය ණය ඇප කොන්දේසි ලිහිල් කරයි පොලි රහිත ශිෂ්ය ණය යෝජනා ක්රමය යටතේ ණය ලබා ගැනීම පිණිස ඉදිරිපත් කළ යුතු ඇපකරුවන්ගේ සුදුසුකම් සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 02 December 2025
දරුවන්ගේ බෙහෙත් ඉක්මනට යවන්න කාලගුණ අනතුරුවලින් විපතට පත්ව ආරක්ෂිත ස්ථානවල සිටින වලිප්පුව, ළමා හතිය සහ දියවැඩියාව යන රෝග වලින් පෙළෙන දරුවන්ට අවශ්ය ඖෂධ නොපමාව යැවීමට කටයුතු කරන ලෙස කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්ය දීපාල් පෙරේරා මහතා සහන සේවා කටයුතු වල නිරත කණ්ඩායම් වලින් ඉල්ලීමක් කරයි. 02 December 2025
ආපදාවෙන් පවුල් 150ක ජීවිත බේරූ ටිබෙට් ජාතික යතිවරයාණෝ ධාරානිපාත වර්ශාවත් සමග බදුල්ල පස්සර පාලාවත්තේ සිදුවු ආපදාවන් වලින් පවුල් 150ක මිනිස් ජීවිත නිරුපද්රිතව බේරාගැනීමට පාලාවත්ත ශ්රී බෝධීරාජාරාම විහාරස්ථානයේ ව්හාරාධිපති ටිබෙට් ජාතික එස්.අමරජෝති හිමියන් සමත් වූහ. 02 December 2025
ජල යෝජනා ක්රම 156ක් කොටඋඩ මහනුවර, පුත්තලම, කුරුණෑගල, දිස්ත්රික්කයන් හී මෙන්ම අනෙකුත් දිස්ත්රික්කවල ඇතැම් ජල සම්පාදන ක්රම උපරිම ධාරිතාවෙන් ක්රියාත්මක නොවන බැවින් ඉතා අරපිරිමැස්මෙන් ජලය භාවිත කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි 02 December 2025
අවතැන්වුවන්ට නිවාස පිරිසිදු කරන්න 25000 ක් ආපදා හේතුවෙන් අවතැන්ව සිටින ජනතාවට සිය නිවාස පිරිසිදු කරගැනීම සඳහා ලබාදෙන මුදල රුපියල් 25,000 දක්වා ඉහළ දැමීමට තීරණය කර ඇති බව මුදල් අමාත්යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පවසීය. 02 December 2025
චීනයේ වසා දැමුණු ලංකා කොන්සල් කාර්යාලයක් යළි අරී චීනයේ චෙන්ග්ඩු හි ශ්රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 02 December 2025
භාණ්ඩාගාරයේ නියෝජ්ය ලේකම් පත් කරයි භාණ්ඩාගාරයේ නියෝජ්ය ලේකම් තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 02 December 2025
විදුලිසැර වැදී සිසුවකු මරුට මිද්දෙණිය ප්රාථමික විදුහලේ 4 වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු තම නිවස පිටුපස කුඹුරේ ඇද තිබූ විදුලි රැහැනක ගැටී ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පැවසීය . 02 December 2025
සී බී රත්නායක රිමාන්ඩ් වසර දෙකක් ඇතුළතදී උපයා ගත් ආකාරයයි හෙළි කළ නොහැකි රුපියල් කෝටි පහකට අධික වත්කම් උපයා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්යය සී.බී රත්නායක මුල් අවස්ථාවේදීම සියවත්කම් හෙළි නොකර සිටි පුද්ගලයකු බැවින් හා ඔහුගේ ක්රියා කලාපය ඉදිරි විමර්ශනයන්ට බාධා විය හැකි බැවින් ඇප ඉල්ලීම ප්රතික්ෂේප කරන බව කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස් බෝදරගම මහතා පැවසීය. 02 December 2025
එකතු කළ අගය මත බදු නියෝග පාර්ලිමේන්තුවට එකතු කළ අගය මත බදු පනතේ 71 වැනි වසන්තිය යටතේ වන නියෝග පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 02 December 2025
ආපදාවට පත්වූවන්ගේ විදුලිය කපන්නේ නෑ ආපදාවලට පත්වූ ප්රදේශවල විදුලි බිල්පත් නොගෙවූ විදුලි පාරිභෝගිකයන්ගේ විදුලි සැපයුම විසන්ධි නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය. 02 December 2025
ආපදා සහනය වැඩි කරන්න කැබිනට් අනුමැතිය හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් වී ඇති ජනතාවට කඩිනමින් සහන සැලසීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 02 December 2025
“ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවේ නෑ“ ජනතා විමුක්ති පෙරමුණ මහනුවර ශ්රී දළදා මාලිගාවට බෝම්බ ගැහුවා යැයි කියන කතාව අමූලික බොරුවක් බව තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියෝ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්.. 12 October 2026