(සුජිත් හේවාජුලිගේ)
රාජ්‍ය නිලධාරීන්ගෙන් සියයට අනුවක් පමණ පසුගිය දිනවල ඇති වූ කාලගුණික විපතින් කුමන ආපදාවකට හෝ ගැටලුවකට මුහුණ දී සිටින බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා පැවසීය.
රාජ්‍ය ආයතන රැසක ලියැකියවිලි ගංවතුරට හසුව ඇතැයි කී අබයරත්න මහතා එම ආයතනවල කටයුතු පවත්වාගෙන යෑමට එය විශාල බාධාවක් වනු ඇතැයිද සදහන් කළේය
විනාශ වූ ලියකියවිලි නැවත සකස් කර ගැනීමට අමාත්‍යාංශය එම ආයතනවල ප්‍රධානීන්ට දැනටමත් උපදෙස් ලබා දී ඇත.
ගංවතුර සහ කඳු කඩා වැටීම හේතුවෙන් රාජ්‍ය සේවකයන් රැසක් මියගොස් ඇති බවත් එසේ මියගොස් ඇති සත්‍ය ප්‍රමාණය සොයා ගැනීමට සමීක්ෂණයක් කරගෙන යන බවත් අබයරත්න මහතා පැවසීය.
විවිධ ආපදාවන්ට ගොදුරු වූ රාජ්‍ය සේවකයන් රැසක් දැනටමත් සිය සේවා ස්ථානවලට වාර්තා කර ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය.
මේ අතර විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන්ට චක්‍රලේඛ නිකුත් කර ඇති බවත් ඒ චක්‍රලේඛ උපදෙස් පරිදි ලේකම්වරුන් අදාල වියදම් දරනු ඇති බවත් අමාත්‍යවරයා කීය.
හදිසි ආපදාවෙන් රාජ්‍ය ආයතන වලට සිදුවූ හානිය තක්සේරු කරගෙන යන බව ඔහු වැඩිදුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 04
206
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
381
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
384
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රාජ්‍ය ආයතන රැසක ලියැකියවිලි වතුරේ
Fanando Tuesday, 02 December 2025 10:32 PM
මහ චේතියගේ ෆයිල් 400යත් වතුරට ගිහින්...
Premachandra Wednesday, 03 December 2025 12:03 PM
88-89 කාලයේ රජයේ සමහර කාර්‍යාල කැරලිකරුවන් පිට තබා ගිනිබත්කර විනාශ කළා එහෙම දේවල් එම කාර්‍යාල වල සිට විනයානුකූලව දඩුවම් මගින් වැඩ තහනම්ව සිටි අය කලා කියල පසුකාලයේ අහන්න ලැබුණා. එහෙම කරලා පස්සේ තනතුරුත් උසස් කරගෙන විශ්‍රාම ගත් අය හිටියාලු මේ අවස්ථාවේ නැවතත් එහෙම නොවේවා...